වේගයෙන් හිසකෙස් වර්ධනය වන අපුරු මිශ්‍රණයක් - කොන්ඩෙ වැවෙනවා මදිනම් මෙන්න බෙහෙත
හිසකෙස් දිගට වවා ගැනීම සෑම කාන්තාවක් තුලම තිබෙන පොදු බලාපොරොත්තුවක්. හිසකෙස් වර්ධනය කරගන්න සිහින මවන ඔබට විවිධ ගැටළු වලට මුහුණදීමට සිදුවනවා.
එවැනි ගැටළු වන්නේ කෙස් අග පිපිරිම, ඝනත්වයෙන් අඩුවීම, අකලට හිසකෙස් පැසීම, කෙස් ගැලවියාම වැනි තත්වයන් වනවා.
හිසකෙස් වර්ධනය වීම සිදුවන්නේ අප විසින් එයට ලබා දෙන සත්කාරය අනුවයි.
ඔබ සෑමවිටම මතක තබාගත යුතු කරුණක් වන්නේ හිසකෙස් වල යම් දෙයක් අලේප කරන විට හිස්කබලට ලබාදෙන සම්බාහනය මගින් හිස්කබලේ ලේ ගමනාගමනය වඩාත් හොඳින් සිදුවන බවයි. එමගින් හිසකෙස් වර්ධනය වීමද සිදුවනවා.
අද අප ඔබට ගෙන එන මෙය සුවිශේෂී මිශ්‍රණයක් ලෙස හැදින්වීමට පුළුවන්.
එයට හේතුව වන්නේ මෙමගින් හිසකෙස් වර්ධනය පමණක්ම නොවේ ඔබගේ ඇස් පිල්ලම් සහ ඇහිබැම වල වර්ධනයටද මෙය භාවිතා කිරීමට පුළුවන් වීමයි.
එසේනම් මෙම මිශ්‍රණය සාදාගන්නා ආකාරය සහ භාවිතා කරන ආකාරය පිලිබදව අපි දැන් බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය.
කෝමාරිකා යුෂ මේස හැදී 1ක්.
එඩරු තෙල් මේස හැදී 1ක්.
විටමින් E කරල් එකක්.
සාදාගන්නා ආකාරය.
කුඩා ප්‍රමාණයේ භාජනයක් ගෙන එයට කෝමාරිකා යුෂ දමා ගන්න. ඉන්පසු විටමින් E කරලේ තෙල් සහ එඩරු තෙල් එයට දමා හොදින් කවලම් කරන්න.
භාවිතා කරන ආකාරය.
ඔබ හිසකෙස් වල මෙය ආලේප කරන විට හිස් කබලේ මුල සිට අගට වන තුරු ආලේප කර මිනිත්තු කිහිපයක් සම්බාහනය කරන්න.
මෙම මිශ්‍රණය රාත්‍රී කාලයේ ආලේප කර පසුදා උදැසන සෝදා හරින්න. ඇස්පිල්ලම් සහ ඇහිබැම මත ආලේප කරනවා නම් මේකප් බ්‍රුෂ් එකක් ආධාරයෙන් ආලේප කර පසුද සෝදා හරින්න.
මෙම මිශ්‍රණය ඔබත් අදම සාදා භාවිතා කර ඔබට ලැබුණු ප්‍රතිපලය කමෙන්ට් කරන්න. මේ ගැන ඔබගේ මිතුරන්ටත් දැනගන්න ෂෙයාර් කරන්නත් අමතක කරන්නට එපා.
You will be redirected in:
60

Comments
Post a Comment