මාංසපේශිවල සහ දණහිසේ ඇති වන වේදනාවන්ට ඔබටම කරගත හැකි කේරළ ප්‍රතිකාරයක්
වර්තමානයේ බොහෝ දෙනකු පීඩා විඳින බරපතළ ආතරයිටීස් වර්ග ලෙස ආමවාතික සන්ධිශෝමිය හෙවත් රූමැටොයි ආතරයිටීස් (Rheumatoid Arthritis) හැඳින්විය හැකියි. එසේම ගම්භීර වාතරක්ත (Gout), සන්ධිගත වාත (Osteo), දණහිස් ආශ්‍රිත ඇට දිරීම මූලික කොටගෙන ඇති වන සෙප්ටික් (Septic Arthritis), ඔස්ටියෝපොරෝසිස් (Osteoporosis), ඔස්ටියෝපීනියා ආතරයිටීස්, (Osteoporosis) ආතරයිටීස්, ජ්වෙනයිල් රුමැටොයි ආදිය පෙන්වාදිය හැකිය. මෙම රෝග තත්ත්වවලදී ප්‍රධාන වශයෙන් දණහිස ආශ්‍රිතව ආක්‍රාන්ත වීම් ඇති වීමට ඉඩ ඇති අතර දණහිස්වල කෙවෙන ගතිය – දණහිස් ඇතුළත දැවිල්ල – හිරිවැටීම – දිගින් දිගටම පවතින වේදනාව – නැමීමේදී හා දිගහැරීමේදී විවිධ ශබ්ද ඇසීම – දණහිස් ඇට ගෙවීම – දණහිස්වල බර ගතිය හා හිර ගතිය – ඇවිදගෙන යන විට දණහිස්වල කෙටීම – දණහිසෙන් පටන්ගෙන කකුල දිගේ බත්කෙන්ද හරහා විළුඹ දක්වා වේදනාව ගමන් කිරීම දණහිස දෙපැත්ත හා උඩින් ඉදිමී කාලයක් පැවතීම – දණහිස් ඇට අතර කාටිලේජ ගෙවීම හා පෝෂණ කොටස් අඩු වීම – දණහිස් ආශ්‍රිතව අනවශ්‍ය ප්‍රතිකාරවලට යොමු වීමෙන් හන්දිය හා ඇට අතර ස්නායු තන්තු දුර්වල වීම. සාමාන්‍යයෙන් දණහිස් ආශ්‍රිත රෝග තත්ත්...