Posts

Showing posts from October, 2025

ගෙදර මීයෝ පිරිලද ? මේ සරල ක්‍රම ටික කරන්න ... ආයේ කවදාවත් මීයෝ එන්නේ නැහැ ..

Image
  ඔබේ ගෙදර මීයෝ පිරිලද? අද වෙනකොට ගොඩක් ගෙවල්වල තිබෙන ප්‍රශ්නයක් තමයි මේ මී කරදරය.  ඇත්තටම කිව්වොත් ඉතා කුඩා කාලයකදි වේගයෙන් වර්ධනය වෙන මී ප්‍රශ්නය ඉතා විශාල වසංගතයක්. මීයන් තුරන් කරන්න ආදේශක ගොඩක් තිබුණත් ඒ ආදේශක වලින් බොහෝ වෙලාවට සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. අද අපි ඔයාලට කියන්න යන්නේ මේ මී කරදරය තිබෙන නිවසකට ඒ වෙනුවෙන් යොදන්න පුළුවන් පහසු ප්‍රතිකර්ම කීපයක්. කපුරු බෝල අපි බොහෝ වෙලාවට කපුරු බෝල භාවිතා කරන්නේ ඇඳුම් කාවෝ කන එකෙන් වලක්වා ගන්න. ඒත් ඔයගොල්ලෝ දන්නවද මේ කපුරු සුවඳට මීයෝ පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා. ඒ නිසා ඔයාලට කරන්න තියෙන්නේ ගෙදර සිදුරු සහිත මීයන් ගැවසෙන ස්ථානවල කපුරු බෝල තියන එක. තව දෙයක් මේ කපුරු බෝලවල සුවඳ මීයන්ට විතරක් නෙවෙයි, අපේ සෞඛ්‍යයටත් අහිතකරයි කියලා මතක තියා ගන්න. ඒ නිසා මේ කපුරු බෝල ඉටිකවර වල දාලා අවශ්‍ය තැන්වල විතරක් තියන්න. කුඩා දරුවන් ගැවසෙන ස්ථානවල තබන්න එපා. ටික කාලයකින් මේ කපුරු බෝල දියවෙලා යනවා, එතකොට ආපහු කපුරු බෝල තියන්න. ඇමෝනියා සබන් කුඩු වර්ගයකින් හැදි දෙකක් වතුරු වීදුරු කාලකුත් එක්ක ඇමෝනියා කුඩු කෝප්ප දෙකක් අරගෙන මේ සියල්ලම භාජනයකට දාලා මිශ්‍...

අභ්‍යන්තරයේ උදර තරබාරු බව මේ තරම් භයානකයි කියලා ඔබ නිකමටවත් හිතුවාද..? අධ්‍යයනයකින් හෙළිවූ විශේෂ යමක් ගැන ඇසෙන ආරංචිය මෙන්න..

Image
  ඔබත් තරබාරු කෙනෙක්ද? එහෙනම් මේ ඇසෙන කාරණය ගොඩක් වැදගත් වේවි.  සමහරවිට ඔබත් ඔබේ ශරීරයේ බර ගැන සැලකිලිමත් වෙනවා වෙන්න පුළුවන්. ඒත් නිකමටවත් මෙහෙම අවදානමක් ගැන ඔබ හිතන්නවත් නැතුව ඇති. නිරෝගී බව මැනීමේ ප්‍රධාන නිර්ණායකයක් ලෙස යොදා ගන්නා ශරීර ස්කන්ධ දර්ශකයට (BMI) අභියෝග කරමින් සිරුරේ අභ්‍යන්තරයේ උදර තරබාරු බව (Abdominal Obesity) පැවතිය හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත ඇසුරින් රටවල් 91ක වැඩිහිටියන් 471,000ක් යොදාගෙන JAMA Network Open සඟරාවේ පළ කළ ගෝලීය අධ්‍යයනයක් මේ බව හෙළි වී තිබුණා. මෙම තත්ත්වය බැලූ බැල්මට කෙට්ටු නමුත් අභ්‍යන්තරයෙන් මේද ගබඩා වූ 'බාහිරින් කෙට්ටු, අභ්‍යන්තරින් මේද සහිත' හෝ 'කෙට්ටු මේද තත්ත්වය' (Skinny Fat) ලෙස හැඳින් වෙනවා. විශේෂඥයන් පෙන්වා දෙන්නේ BMI මඟින් බර සහ උස පමණක් සලකා බැලුව ද මේදය ගබඩා වන ස්ථානය නොදක්වන බැවින්, වැදගත් අවයව වටා තැන්පත් වන අභ්‍යන්තර මේදය (Visceral Fat) හඳුනා ගැනීමට එය අසමත් වන බවයි. අධ්‍යයනයට අනුව සාමාන්‍ය BMI සහිත පුද්ගලයන් 5 දෙනෙකුගෙන් 1කට පමණ මෙලෙස උදර තරබාරු බව තිබී ඇති බව සඳහන්. මෙම අභ්‍යන...

රුධිර කැටිතිවල අනතුරු ඇඟවීමේ සංඥා හඳුනාගන්න.

Image
  ලේ කැටි ගැසීම කියන්නේ රුධිර නාලයකට තුවාල වූ විට අධික රුධිර වහනය වළක්වන වැදගත් ක්‍රියාවලියකි. එනම් රුධිර පට්ටිකා (රුධිර සෛල වර්ගයක්) සහ ඔබේ ප්ලාස්මාවේ ඇති ප්‍රෝටීන වල එකතුවක් ලෙස මෙලෙස රුධිරය කැටි ගැසේ. සාමාන්‍යයෙන් කැපීමක්, සීරීමක් හෝ තුවාලයක් වූ විට රුධිර වාහිනිවලින් ඉවතට රුධිරය ගලයි. රුධිරය ඉවතට ගැලීම නවතින්නේ ලේ කැටි සෑදීමෙනි. ඒ අනුව ලේ වහනය වීමෙන් සිරුර ආරක්ෂා කරනවා.තුවාලය සුවවීමත් සමඟ සාමාන්‍යයෙන් ඒවා දියවී යන අතර එය සාමාන්‍ය තත්වයක්. ඔබේ සෞඛ්‍යට කොහෙත්ම හානියක් වන්නේ නැහැ. නමුත් ඔබේ සිරුරේ අභ්‍යන්තර ශිරාවල රුධිර කැටි ඇතිවීම් අතිශය භයානකයි. එමඟින් ඔබට මරණය පවා ගෙන එන්නකි. හරියට කියනවා නම් මේ කියන්නේ නාල වල රුධිර කැටියක් සිරවුණොත් සිදු වන දේ ගැනයි. රුධිර කැටියක් එය හටගත් ස්ථානයෙන් කැඩී ඉවත් වී සිරුරේ පෙනහළු හෝ හෘදය වැනි අවයවයක් වෙත ගමන් කර තිබුණහොත් වඩාත් බරපතල ආකාරයේ සෞඛ්‍ය ගැටළු මතු කරනවා. ශරීරයේ ඕනෑම තැනක ඇතිවිය හැකි මෙය, මොළය, පෙනහළු හෝ හදවතට ගියොත් ජීවිතයට තර්ජනයක්.  ඉක්මන් ප්‍රතිකාර සඳහා මේ ලක්ෂණ හඳුනාගන්න  1. පාදයේ/අතේ (DVT - Deep Vein Thrombosis) හදිසි ඉදිමී...

නව සොයාගැනීමක්.. හිතනවටත් වඩා වැඩි වේගයෙන්, දියවැඩියාව මට්ටු කරන්න පුළුවන්..

Image
  මේ කතාව නම්, දැනගන්න එක ගොඩාක්ම වටිනවා. ලොව පුරා මිලියන 830 කට අධික ජනතාවක් පීඩාවිඳින නිදන්ගත රෝගයක් වන දියවැඩියාව මුලින්ම හඳුනාගෙන ඉක්මනින් ක්‍රියාත්මක වුවහොත්, එය ආපසු හැරවීමට හෝ සමනය කිරීමට හැකියාව ඇති බව නවතම සොයාගැනීමකින් අනාවරණය වී තිබෙනවා. ලොව පුරා සිටින දියවැඩියා රෝගීන්ගෙන් 91%ක් දෙවන වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන බවයි මැසචුසෙට්ස් හි ජොස්ලින් දියවැඩියා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික වෛද්‍ය ඔසාමා හැම්ඩි පවසන්නේ. දියවැඩියාව යනු අන්ධභාවය, වකුගඩු අකර්මන්‍යතාවය සහ හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන රෝගයක්. කෙසේ වෙතත්, මෙය ජීවිත කාලය පුරාම ගත කිරීමට අවශ්‍ය තත්වයක් නොවන බව හෙතෙම සඳහන් කළා. 02 වැනි වර්ගයේ දියවැඩියාව ඇතිවන්නේ ඉන්සියුලින් ප්‍රතිරෝධය හෝ ප්‍රමාණවත් නොවන ඉන්සියුලින් නිෂ්පාදනය හේතුවෙන්. රුධිරයේ අතිරික්ත ග්ලූකෝස් අවයවවලට විෂ සහිත වන අතර රුධිර වාහිනීවලට හානි කරනවා. දියවැඩියාව අත් පා කැපීමට, හෘදයාබාධ හා ආඝාතයට ප්‍රධාන හේතුවක් වන්නේ මේ නිසයි. ආපසු හැරවීමේ ප්‍රධාන ක්‍රමයක් වන්නේ බර අඩු කර ගැනීමයි. මෙය දියවැඩියාව සමනය කිරීමට වඩාත් ඵලදායී ක්‍රමයක් බවයි පර්යේෂකයන් පෙන්වාදෙන්නේ. ඉන්ස...

දිගු කාලයක් දෑත් හිරි වැටීම භයානක විය හැකි බව දන්නවාද? ඔබටත් මේ රෝග ලක්ෂණ තියෙනවද බලන්න...

Image
  නිදාගෙන ඉද්දී අත් හිරි වැටෙනවද? අත් හිරි වැටීම නිසා රෑ මැද එක්වරම නින්දෙන් අවදිවෙන අවස්ථා ඔබටත් ඇතිවෙල ඇති.   ඇතැම් විට  හම ඇතුලෙන් පුපුරු ගස ගතියක්, නැතිනම් තියුණු ඇල්පෙනෙති වලින් අනිනවාක් මෙන් දැනෙන සංවේදනයක් ඇති වෙන අවස්ථා ද තිබෙනවා. මෙම තත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ පැරෙස්තීසියා (paresthesia) යනුවෙනි. මෙය පරාවින්දනය ලෙසත් හැඳින්වෙනවා.ගාත් වලට අධික තෙරපුමක්-පීඩනයක් යොමුවී ඇති විට මෙම සංවේදනයන් සාමාන්‍යයෙන් පූර්ව සංඥාවකින් තොරව හටගන්නා බව අධ්‍යයන මඟින් පෙන්වාදේ.  ඒ අනුව පුද්ගලයා හට මෙම සංවේදය ඇතිවීමට පටන්ගැනීම ගැන අවබෝධයක් නොලැබේ. මෙම සංවේදය සැමවිටම වේදනාකාරී බවක් ඇති නොකරයි, නමුත් ඉන් පුද්ගලයාට මහත් අපහසුවක් දැනේ. ඇතැම් විට මෙසේ හිරිවැටීම සිදුවන්නේ බරපතල රෝග තත්වය පූර්ව රෝග ලක්ෂණයක් ලෙසින් ද විය හැකි අවදානමක් ඇත.ඇත්තටම මේ අමිහිරි අත්දැකීම ඇතිවන්නේ ඇයි? එසේ වීම වළක්වාගන්න පුලුවන්ද?  මේ කරුණු ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ. පරාවින්දනය තත්වය සිරුරේ අත් කකුල් වල ඇතුලුව ඕනම ස්ථානයක හටගත හැකි තත්වයකි. පූර්ව සංඥාවකින් තොරව ඇතිවිය හැකි තත්වයක් වන අතර ස්නායු මත...

ඔබත් සමහරවිට ඉරුවාරදය නිසා පීඩාවට පත්වෙලා ඇති.. එහෙනම් ඔබට මේ ලිපිය ගොඩක් වැදගත් වේවි..

Image
  හිසරදය යනු පුද්ගලයා කායිකවත්, මානසිකවත් පීඩාවට පත් කරනා සුලභව දැකිය හැකි රෝගි තත්ත්වයක් බව ඔබ අපි හැමෝම දන්නා කාරණයක්. ඒ අතරින් ඉරුවාරදය කියන්නේ ඔබ බොහෝ සෙයින් පීඩාවට පත් කරන තවත් එකක්.  කොහොම වුණත්, ලොව ජනගහණයෙන් 12% කට වැඩි පිරිසක් ඉරුවාරදයෙන් පෙළෙන බව හඳුනාගෙන තිබෙනවා. ඕනෑම වයසක කෙනෙකුට ඉරුවාරදය ඇතිවීමට හැකි වුවත් මැදිවයසේ කාන්තාවන් අතර ඉරුවාරදය බහුලවම දක්නට ලැබෙනවා. මෙහි රෝග ලක්ෂණ වන්නේ, 01. හිසරදය ඉරුවාරදය හේතුවෙන් ඇති ​වෙන හිසරදය හිසේ එක් පැත්තකින් ආරම්භ වී හිස පුරා පැතිරෙන වේදනාවක් ලෙස පැවතිය හැකිය. මෙලෙස ඇති වන හිසරදය පැය 4 - 72 කාලයක් පැවැතීම ප්‍රධාන ලක්ෂණයකි. වරක් ඇති වන හිසරදය නිතර ඇති වීමට පුළුවන. 02. වමනය, ඔක්කාරය. 03. හිරු එළියට සහ ශබ්දවලට අධික ලෙස සංවේදී වීම. 04. ඉක්මනින් තරහා යෑම ආදි රෝග ලක්ෂණ ඇති විය හැක. ඉරුවාරදය බහුලව දැකිය හැකි අවස්ථා, මෙලෙසින් ඇති වන හිසරදය පූර්ව දැනුම්දීමේ ලක්ෂණයක් නොමැතිවද, පූර්ව දැනුම්දීමේ රෝග ලක්ෂණද සහිතවද, ඇති වීම සුලභව දැකිය හැකිය. - පූර්ව දැනුම්දීම් සහිත ඉරුවාරදයේදී ඇතිවන රෝග ලක්ෂණ 01. පෙනුම හා සම්බන්ධ රෝග ලක්ෂණ. මෙහිදී ඇසෙහි දෘෂ්...

තරබාරුව මට්ටු කරන්නත් ඇඟ ලස්සනට පාටට තියා ගන්නත් ඉතා ගුණදායක කැඳක් ...

Image
  මේ කියන්න හදන්නේ අපුරු කැඳක් ගැනයි...  අපි හැමෝම ලස්සනට ඉන්නත් නිරෝගීව ඉන්නත් කැමතියිනේ.. ඉතිං මේ පානය හදන හැටි බලමු... සාදන අන්දම... නිවුඩු කැකුළු හාල් මිටක් හොඳට සෝදා ගල්වැලි ඉවත්කර වතුර අඬු කෝප්ප 1, 1/2ක් දමා හොඳට බෙරි වෙන්නට තම්බා පොඩි කරගන්න. එයට, කෝමාරිකා මද මේස හැඳි 04ක් පොල් මිටක් කරපිංචා කිණිති 06ක් රම්පේ කෑල්ලක් ගම්මිරිස් ඇට, සූදුරු, උළුහාල්, මාදුරු ඇඟිලි දෙකට අසුවන ප්‍රමාණ 03 බැගින් ගෙන හොඳට අඹරා වතුර බෝතල් 1, 1/2ක් දමා මිරිකාගත් ඉස්ම කී කැඳ බතට දමා පැසවා බීමට දෙන්න. රස බලා ලුණු දමන්න. මෙහි ගුණ මෙම කැඳ විශේෂයෙන්ම සෙංගමාල රෝගය, කහ උණට ඉතා විශේෂ ගුණයක් ඇත. ඒ අයට මෙම කැඳ දෙන විට ලුණු නොදමා දිය යුතුයි. එසේම අක්මාවේ ඉදිමුම (යාකෘති වෘද්ධිය) මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් ඇතිවන සිරෝසිස් යාකෘතික ආසාත්මිකතාවයට ඉතා ගුණයි. මෙම ප්‍රතිකාරය කරන විට රෝගියා අසාධ්‍ය නොවන මට්ටමෙන් සිටිය යුතුයි. තවද මෙම කැඳ පානය නිසා සමේ වර්ණවත් භාවය ඇති කරයි. තරබාරුව නැති කිරීම, අක්ෂි දුර්වලතාවය, හිසකෙස් වල ඇතිවන තඹ වර්ණය වළකාලයි. රක්ත දෝෂ නිසා ඇතිවන ශාරීරික විකෘති වලට ද ඉතා ගුණයි Count...

කවදාවත් වාහන ඇතුලේ ප්ලාස්ටික් වතුර බෝතල් තියාගෙන වතුර බොන්න එපා කියන්නේ මෙන්න මේ නිසා…

Image
  වාහන පදවන රියදුරු මහත්වරුන් හා වාහන වල නිතර නිතර ගමන් කරන මගියන් බොහෝ වෙලාවට කරන වැඩක් තමයි වාහනේ තැන තැන දාලා තියෙන වතුර බෝතල් වලින් තම තිබහ සංසිදුව ගන්න එක. නමුත් මෙම ක්‍රියාව ඔබේ සෞඛ්‍ය බරපතල ලෙස අනතුරේ හෙලන දෙයක් බව ඇමරිකාවේ ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් සාධක සහිතව සොයාගෙන තිඛෙනවා. සැහැල්ලු බව හා හැසිරවීමේ පහසුව ගොඩක් මිනිසුන් වාහාන ඇතුලේ වතුර පුරවලා තියන්න යොදා ගන්නේ ප්ලාස්ටික් වතුර බොතල් වලනේ. ඒ වගේම මේ වතුර බෝතල් ගොඩක් වෙලාවට රදවලා තියෙන්නේ ෂිට් යට හෝ වාහනයේ එන්ජිමට ආසන්නයෙන්. මෙහිදි අපි නොදන්න භායනක ක්‍රියාවකට මේ ප්ලාස්ටික් වතුර බෝතල් මුහුණ පානවා. ඒ තමයි අධික උෂ්ණත්වයකට නිරාවරණය වීම. එවිට වතුර බෝතලේ ඇතුල් බිත්තියෙන් රාසයනික ද්‍රව්‍ය කාන්දු වෙන්න පටන් ගන්නවා. ඒවා ජලයත් සමග මිශ්‍ර වෙලා පානය කරාම ඉතින් ඔයාලට මුහුණ පාන්න වෙන කරදරය ගැන ඉතින් අමුතුවෙන් කියල දෙන්න ඕනේ නෑනේ. මේ දේ එක පාරට වෙන දෙයක් නෙවෙයි. කාලයක් තිස්සේ ඒ කියන්නේ අඩුම ගානේ සති දෙකක් තිස්සේ වතුර බෝතලයක් උෂ්ණත්වයට නිරාවරණය උනොත් සිදු වන දෙයක්. එත් තිබහ හැදුනම ගොඩක් අය වතුර බෝතලේ කොයිතරම් පරණද කියලා නම...

වල් පැළෑටියක් කියලා උදුරලා දමන දිය බෙරලිය මෙච්චර රෝග පාලනය කරනවද?

Image
  අප අවට පරිසරයේ ඉබේ වැවෙන බොහෝ වටිනා ශාකයන්හි ඇති ඖෂධීය ගුණ පිළිබඳව නිසි දැනුමක් නොමැති වීම නිසා අපට එම වටිනාකම් අහිමි වී යයි. එලෙස බොහෝවිට වල් පැළෑටියක් ලෙසින් නොසලකා හරිනු ලබන, නමුත් සුවිශේෂී ඖෂධීය ගුණයන්ගෙන් පිරිපුන් ශාකයකි "දිය බෙරලිය". වකුගඩු රෝග සුවපත් කිරීමේ සහ කාටිලේජ වර්ධනය කිරීමේ විශේෂ හැකියාවක් ඇති මෙම ශාකය, නූතන පරම්පරාව විසින් යළි හඳුනාගත යුතු දිව්‍යමය ඔසුවක් බඳුය. ෴ දිය බෙරලිය හඳුනා ගනිමු ෴ දිය බෙරලිය ශාකය තෙතමනය සහිත ඕනෑම පරිසරයක ඉතා පහසුවෙන් හා සරුවට පඳුරක් ලෙසින් වැවේ. එහි ප්‍රධාන ලක්ෂණ වන්නේ: දීප්තිමත් කොළ පැහැති, පළල් සහ මෘදු රැළි සහිත පත්‍රවලින් යුක්ත වීමයි. මෙහි කුඩා නිල් පැහැති මල් හටගනී. කිසිදු රසායනික පොහොරක් අවශ්‍ය නොවන මෙම ශාකය, තෙතමනය පවත්වා ගනිමින් පහසුවෙන් වගා කළ හැකි වීමද විශේෂත්වයකි. දිය බෙරලිය වල ප්‍රයෝජන -: 01.ආහාරයක් වශයෙන්. දිය බෙරලිය ශාකයට ඇත්තේ සිසිල් ගුණයකි. මෙය,අල හෝ පරිප්පු සමග ව්‍යංජනයක් ලෙස එසේත් නැත්නම් මැල්ලුමක් ලෙස වෙනත් පලා වර්ග සමග කලවම් මැල්ලුමක් ලෙස හෝ කොළ කැඳ ලෙස පිළියෙළ කර ගත හැක. 02.දියවැඩියාව සදහා. රුධිරයේ සීනි මට්ටම මැනවි...

ස්වාහාවිකවම කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නේ මෙන්න මෙහෙමයි ...

Image
  හැමෝම කැමතියි වෛද්‍ය ප්‍රතිකාරවලින් තොරව තමන්ට තියන රෝගාබාධ පාලනය කරගන්න..  ඉතින් ඒකට ඔබේ ආහාරමය පුරුදු වැදගත් වෙනවා.. ඒ වගේමයි කාර්යබහුල ජීවිත ගත කරන බොහෝ දෙනාගේ ජීවන රටාවන්, ආහාර රටාවන්, පවුල් ඉතිහාසය, වයස, අධික බර සහ ව්‍යායාමවල නිරත නොවීම නිසා ඇතිවන රෝග තත්ත්වයක් ලෙස කොලෙස්ටරෝල් හඳුන්වන්නට පුළුවන්. කොලෙස්ටරෝල් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තිබෙනවා. එනම් , අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන (LDL) – LDL ඔබේ හෘද රෝග සහ ආඝාත අවදානම වැඩි කරන නරක කොලෙස්ටරෝල් ලෙස හැඳින්වෙනවා. අධි-ඝනත්ව ලිපොප්‍රෝටීන (HDL) – HDL යනු හෘද රෝග සහ ආඝාතය ඇතිවීමේ අවදානම අඩු කරන හොඳ කොලෙස්ටරෝල් ලෙස හැඳින්වෙනවා. ස්වාභාවිකවම කොලෙස්ටරෝල් පාලනය කර ගන්නේ කොහොමද..? අධික ලෙස කොලෙස්ටරෝල් තිබෙන ඔබට පෝෂ්‍යදායී ආහාර වේලකට හුරු වීම ජීවන රටාවේ කල හැකි වැදගත්ම වෙනස්කම්වලින් එකක්.. ක්ෂණික ආහාර, සකසන ලද ආහාර, තෙල් අධික ලෙස තෙල් යෙදු ආහාර පරිභෝජනය කිරීම පාලනය කර ගුණාත්මක ආහාර ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමට හැකි නම් එය ඉතාම වැදගත්.. ඔබ මොන තරම් කාර්යබහුල කෙනෙක් වුණත් ඔබේ ආහාර වේලෙහි අඩංගු වන කැලරි ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් වී හැකිතරම් කැල...

"රම්පේ" ඇත්තටම පිළිකා කාරකයක්ද?

Image
  ඕනෑම ගෙදරක පොඩියට හරි රම්පේ ශාකයක් තියෙනවනේ.රජ කාලේ ඉදන්ම ලොකු කුඩා කාගේත් අපේ ආහාර වේල රසවත් කිරීමට ගත්ත ස්වභාවික රසකාරකයක් ලෙස “රම්පෙ” හඳුන්වා දෙන්න පුලුවන්. රම්පේ යනු රස කාරකයකි . ආහාර පිලියෙල කිරීමේදී එක්කරන රම්පේ කොල කෑල්ලකින් සුවිශේෂී රසයක් එක් වෙනවා.මේ බව ඔබට බත් උයද්දී බත් එකට රම්පේ එකතු කිරීමෙන් අත්දැකීමෙන්ම අත්විදිය හැකිය. රම්පේ යනු සුවඳ කාරකයකි. බත් උයද්දි ඒකට එකතුකරන රම්පේ කෑල්ලකින් ඒක තැම්බෙද්දි පුදුමාකාර සුවඳක් හමනවා. ඒ විතරක් නෙවෙයි බත් වැඩි වේලාවක් පිළුණු නොවී තියාගන්නත් උදවු වෙනවා. රම්පේ යනු විෂ වර්ග අවශෝෂකයක්. එය රම්පේ පැලේටම ආවේනික ගුනාංගයක්. ශරීරයේ තියන ඕනෑම විසක් රම්පේ අවශෝෂණය කරගන්නවා. ඒ නිසාම විෂ ශරීරගත උන සමහර අවස්ථාවල විස නසන්න පාරම්පරික වෙදුන් විසින් රම්පේ කොල තවත් ඖෂධ සමග උනුවතුරින් තම්බා හෝ කොටා ඉස්ම ලෙස හෝ බොන්න දෙනවා. රම්පේ කියන්නේ ශරීරයට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලබා දෙන ශාකයකි. රම්පේ යනු උත්තේජකයකි. එනම්, වෙහෙසවී වැඩ කරන වෙලාවට , වැඩි වේලාවක් පාඩම් කටයුතු වල යෙදෙන අයට, නටන උනුවතුර අඬු කෝප්පෙකට රම්පෙ අඟලක විතර කෑලි හතරක් විතර දාලා තියලා ටිකක් නිවුනහම ප...