Posts

මෝර තෙල්, මෝර ගුලි වල ඇති අසීමිත ගුණ - හෘදයාබාධ, දියවැඩියාව, වැනි රෝග ගණනාවකට සුවය

Image
  අධික ලෙස තෙල් භාවිතය සිරුරට හිතකර වන්නේ නැහැ. ඒත්, ශරීරයට හිතකර ප්‍රතිඵල රැසක් අත්පත් කරදෙන තෙල් වර්ගයක් හැටියට මෝරතෙල් (Cod Liver Oil) හඳුන්වන්නට පුළුවනි. මෝරතෙල් ගුලි වශයෙන් හෝ තෙල් වශයෙන් වෙළඳසැල්වලින් මිළ දී ගැනීමට හැකියි. මෝර තෙල් භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන දැනුවත් වීමටත් දැනටමත් ඔබ අවධානය යොමු නොකළ ඇතැම් තත්වයන් වෙනුවෙන් මෝරතෙල් ගුණදායක බව අවබෝධ කරගන්නටත් මෝරතෙල්වලින් සිරුරට ලැබෙන ප්‍රයෝජන ඇතුළත් මේ තොරතුරු ඔබට නිසැකව ම වැදගත් වේවි. ශරීරයේ ඇටමිදුළු ශක්තිමත් කිරීම මෝර තෙල්වල අන්තර්ගත විටමින් ඩී මගින් ශරීරයේ ඇටමිදුළු ශක්තිමත් කරනවා. වයස්ගතවීමත් සමඟ දුර්වල වන ඇටමිදුළු ශක්තිමත් කිරීමට මෝරතෙල් උපකාරී වෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මෝරතෙල් වයස්ගත පුද්ගලයන්ට වගේ ම ක්‍රීඩකයින්ටත් අතිශයින් වැදගත් වන බවයි සඳහන් වෙන්නේ. පියයුරු පිළිකා මර්දනය කිරීම පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව අඩුකරගන්නට මෝරතෙල් ගුණදායක බව සෞඛ්‍ය පර්යේෂණවලින් මේ වනවිට තහවුරු වී තිබෙනවා. වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ මෝරතෙල්වල පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් අන්තර්ගත වන බවයි. බටහිර වෛද්‍ය විද්‍යානුකූලව කාන්තාවන්ට...

ගොඩක්ම කෙට්ටුයිද? ටිකක් මහත් වෙලා ඇඟ හැඩකරගන්න ඕනෙද? එහෙනම් මෙන්න රහස් බෙහෙත් වට්ටෝරු කිහිපයක්

Image
  මහත අයට කෙට්ටු වෙන්න තියෙන ආශාව ගැන කියන්න ඕනි නෑනේ දැන් මේක බලන ඔයාලත් දන්නවනේ.. මහත් වෙන්නත් කෙට්ටු වෙන්නත් නොයෙක් විදියේ ඖෂධ බටහිර වෙදකමේ තිබුනනත් ඒවායින් ඇතිවෙන අතුරු ආබාධ එහෙමත් නැත්තන් ‘සයිඩ් ඉෆෙක්ට්ස්’ හරිම වැඩියි. ඉතින් ඇග කෙට්ටු කරගන්න හරි මහත් කරගන්න හරි ඛෙහෙත් බීලා අන්තිමේට නැති ලෙඩ 1000 ක් විතර හදාගෙනයි නවතින්න වෙන්නේ. ඔයාලා සමහරවිට දැකලත් ඇති සමහර උදවිය මහත් වෙන්න ඛෙහෙත් බීලා ඒයාලගේ මූන විතරක් මහත් වෙලා තියනවා. ඉතින් මේ අතුරු ආබාධ නැති මේ ආයුර්වේද ක්‍රම ඔයගොල්ලෝ නිවැරදිව භාවිතා කරොත් කෙසග ඇග හොද පෘෂ්ටිමත් ඇගක් බවට පත් කර ගන්න පුළුවන් වේවි. කෝලි කුට්ටු ගෙඩියක් පෙති කපලා එය මතට පිරිසිඳු කිතුල් පැනි දමා රාත්‍රී ආහාරයට පෙර කෑම. රටඉඳි වල ඇට ඉවත් කර ඒ තුලට එලගිතෙල් පුරවා මීපැණි මිශ‍්‍රිත භාජනයක බහාතබා, උදේ සවස ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන එලකිරි පානය. නැවුම් එලකිරි වලට පිරිසිඳු එලගි තෙල් ස්වල්පයක් දමා පානය කරන්න. හාතවාරිය අල වලින් කැඳ සාද පානය කරන්න. අලූත් උක් හකුරු,එලගි තෙල් හා මීපැණි සමග මිශ‍්‍රකර ගුලි සාදා කෑමට පසු ගැනීම. තිප්පිලි, වියලි ඉගුරු චූර්නය ස්වල්ප ප‍්‍රමාණයක් බත...

උදේ නැගිට්ටම ඉවසන්න බැරි බෙල්ලේ කැක්කුමක් එනවද? බෙල්ලේ කැක්කුම හැදෙන්නේ මේ වැරදි නිසා

Image
  වර්තමානයේදී බොහෝ රෝගීන් තුළ දක්නට ලැබෙන රෝග ලක්ෂණයක් ලෙස ගෙලෙහි ඇතිවන වේදනාව (Neck Pain) දැක්විය හැක. මේ රෝගයෙන් පීඩා විඳින බොහෝ දෙනෙක් ඉතා වේදනාකාරී ජීවිතයක් ගත කරති. මැදි වයසේ පුද්ගලයන් අතර ඉතා බහුල රෝගයන් ලෙස මෙය හැඳින්වුවද ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හා වයස භේදයකින් තොරව මෙම රෝගයට රෝගීහු ගොදුරු වෙති. බෙල්ලේ කැක්කුම ඇතිවීමට හේතු රැසක් බලපායි. විශේෂයෙන් මැදි වයසේ පුද්ගලයන් ගත්විට වයසත් සමඟ ඇතිවන වෙනස්කම් නිසා (Degenarative disc diseases) මෙවැනි රෝග ඇතිවේ. මුලදී සුළු වශයෙන් බෙල්ලේ වේදනාව හට ගත්තද පසුව එම වේදනාව ක්‍රමයෙන් වැඩිවේ. මේ සමඟම ඇතැම් රෝගීන්ගේ අත්වල ඇඟිලි හිරිවැටීමක්ද ඇතිවිය හැක. බෙල්ලේ වේදනාව ඇතිවීමට තවත් ප්‍රබල හේතුවක් වන්නේ වැරදි ඉරියව් භාවිතයයි. විශේෂයෙන් පාසල් සිසුන් දිගු වේලාවක් එකම ඉරියව්වකින් පාඩම් කරන විට ගෙල පොතට හරවා තබා ගැනීමත් නිදාගැනීම සඳහා පමණට වඩා උස් වූ කොට්ටයක් භාවිත කිරීම වැනි හේතු නිසාත් බෙල්ලේ වේදනාව ඇතිවිය හැක. එමෙන්ම රූපවාහිනිය හා ජංගම දුරකතනය සමඟ ගත කරන කාලයද මේ සඳහා ප්‍රබල ලෙස බලපෑම් කරයි. මීට අමතරව ගෙල ආශ්‍රිතව ඇති මාංශ පේශි, බන්ධනීවල ඇතිවන ඇදීම...

පීනස් රෝගය නිට්‌ටාවටම සුවකළ හැකි ප්‍රතිකාර ක්‍රම රැසක් මෙන්න

Image
  බොහෝ පිරිසකගේ දෛනික ජීවිතයට විශාල බලපෑමක්‌ එල්ල කරන රෝගී තත්ත්වයක්‌ තමයි පීනස කියන්නේ. මේ රෝගයේ ලක්‍ෂණ මොනවාද? දිනපතා බහුතර රෝගීන් පිරිසක්‌ මෙම රෝගය වැලඳුණු අය අප කරා පැමිණෙනවා. මෙම රෝගයේ ප්‍රධානම රෝග ලක්‍ෂණ ලෙස හඳුන්වා දිය හැක්‌කේ, නාසයෙන් සොටු දියර ගැලීම, හිස බර ගතිය, අධික කේන්තිය සහ නිතර කිවිසුම් යැමයි. මීට අමතරව රෝග ලක්‍ෂණ තිබුණත් ඉහත රෝග ලක්‍ෂණ ප්‍රධාන ලෙස පෙන්වා දිය හැකියි. මෙම රෝග ලක්‍ෂණ විශේෂයෙන්ම රෝගියාට ඇතිවන විශේෂ කාලවේලාවක්‌ තිබෙනවාද? පීනස රෝගයේ විශේෂ ලක්‍ෂණයක්‌ තමයි අනෙක්‌ රෝගවල මෙන් මෙම රෝගයේ රෝග ලක්‍ෂණ නිතරම නොපෙන්වීම, ඒ අනුව මෙම රෝගීන්ට රෝග ලක්‍ෂණ පෙන්වනු ලබන්නේ වැඩිපුරම පරිසරයේ සිසිල් ගතිය වැඩිපුර තිබෙන අවස්‌ථාවලයි. ඒ අනුව බොහෝ රෝගීන්ට උදැසන කාලයේ මෙම ලක්‍ෂණ වැඩිපුරම ඇතිකරනු ලබනවා. කිවිසුම් යැම, සොටු දියර ගැලීම බහුලවම එම කාලයේදී සිදුවනු ලබනවා. තවද සවස්‌ කාලය හා රාත්‍රියේද මෙම රෝග ලක්‍ෂණ මතුවිය හැකියි. බොහෝ විට දිවා කාලයේදී ඔවුන්ට මෙම රෝග ලක්‍ෂණ කිසිවකින් පීඩාවක්‌ සිදුවන්නේ නැහැ. එයද මේ රෝගයේ විශේෂයක්‌ ලෙස හැඳින්විය හැකියි. පීනස රෝගීන්ට බලපාන තවත් රෝග තිබෙනවාද? ඒ ...

දවසකට විනාඩි 5ක් කැපකර බඩ අඩු කරගෙන කෙට්ටු වෙන්න ලෝකයේ බොහෝ දෙනෙක් භාවිතා කරන සාර්ථක ක්‍රමයක්

Image
  බඩ අඩු කර ගෙන කෙට්ටු වෙනවා කියන එක නම් ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි. ඒ සදහා ඔබට කෑම පාලනය , අඩික ලෙස ව්‍යායාම් කිරිම හෝ බොහෝ සෙයින් මුදල් වියදම් කර ශල්‍ය කර්මයක් වැනි දෙයක් කරන්නම වෙනවා. නමුත් මේ කිසිම දෙයක් නොකර බඩ අඩු කර ගන්න ඉතා සාර්ථක ක්‍රමයක් ගැන ජපාන වෛද්‍යවරයෙක් සොයා ගෙන තිඛෙනවා. පසුගිය කාල වකවානුව පුරාම ඔහු විසින් ජපන් කාන්තාවන් විශාල ප්‍රමාණයකට මෙම ක්‍රමය මගින් සාර්ථකව කෙට්ටු වෙන්න හැකියාව ලබා දීලා තියෙනවා. අද අපි සුදානම් වෙන්නේ සාර්ථකව කෙට්ටු වෙන්න පුළුවන් මේ ක්‍රමයගැන ඔබව දැනුවත් කරන්න. මේ විශ්මිත වෛද්‍යවරයා විසින් ව්‍යායාම් නොකර , කෑම පාලනය නොකර බඩ අඩු කර ගන්න ක්‍රමවේදය ගැන ලියු උපදෙස් පොත මේ වන විට ආසියාවේම පමණක් මිලියන 6ක් අලෙවි වී තිඛෙනවා. ඔහු කියන විදියට නම් කෙට්ටු වීම සදහා මිල අධික ව්‍යායාම් උපකරණ වලට මුදල් වියදම් කිරීම ඇත්තෙන්ම බොරු වැඩක්. රෝල් කිරීම සදහා තුවා කිහිපයක් , ටුවයින් නුල් හා හාන්සි වීමට පැතලි ඇදක් වැනි ප්‍රදේශයක් පමණක් මේ විශ්මිත ක්‍රම වේදය සදහා හොදටම ප්‍රමාණවත් කියා ඔහු වැඩි දුරටත් පවසා සිටිනවා. මුලින්ම ඔබේ ශරීරයේ ප්‍රමාණයට ගැලපෙන ලෙස තුවා වලින් රෝලක් හ...

දිවෙහි වර්ණයෙන් කියවෙන ඔබේ ශරීරයේ නිධංගත රෝග ගැන දැනගන්න

Image
  මිනිස් ශරීරය සොබාදහමේ ඉතා විශ්මයජනක නිර්මාණයක්. ඉතා සංකීර්ණ ලෙස සැකසී තිබෙන මිනිස් ශරීරයක සෑම අවයවයක්ම පාහේ ඉතා සියුම් ලෙස නිමැවී තිබෙන්නේ යම් කාර්යයක් හෝ කාර්යයන් කිහිපයක්ම ඉතා කාර්යයක්ෂ්ම ලෙස සිදු කිරීම සඳහායි. මානව දිව මිනිස් සිරුරක පවතින ශක්තිමත්ම පේශියක් ලෙස සමහර තැනක සඳහන් වෙනවා. අස්ථිවලින් තොරව නිමැවී ඇති මෙය බැලූ බැල්මට සරළ ලෙස සැකසුණක් සේ පෙණුනත් රස ප්‍රතිග්‍රහණය, ආහාරවල යාන්ත්‍රික ජීර්ණය ඇතුළු ක්‍රියාවලීන් රැසක් සඳහා උරදීම වෙනුවෙන් එය තැනී තිබෙන්නේ ඉතා සියුම්වයි. මේ ලිපිය තුලින් අපි ඔබ වෙත ගෙන එන්නට අදහස් කළේ මිනිස් දිව පිළිබඳව වැඩි දෙනෙක් දැනුවත් නොමැති කාරණා කිහිපයකුයි. මානව දිවෙහි ඒ ඒ රසයට වඩා සංවේදී පෙදෙස් මානව දිවකට ප්‍රධාන රස වර්ග 5ක් වෙන් කොට හඳුනාගන්නට පිළිවන්. පැණිරස, ඇඹුල් රස, ලුණු රස, තිත්ත රස හා උමාමි නම් රස ඒ පස් වර්ගයයි. මිනිස් දිවක සාමාන්‍යයෙන් රසාංකුර 10000 ක් පමණ පිහිටා තිබෙනවා. මීට අමතරව දිවෙහි යටි පැත්තේ, කම්මුල්වල ඇතුළු පෙදෙසේ, තල්ලේ හා තොල්වලත් රසාංකුර 2000 ක් පමණ හමු වනවා. සාමාන්‍යයෙන් දිව අගට පැණි රස හා ලුණු රස සංවේදන හොඳින් දැනෙන අතර ඇඹුල් රස දිව...

ඇස් සහ සම කහ පැහැවීම යන රෝග ලක්ෂණ ඉඟිකරන්නේ මේ ගැන බව ඔබ නිකමටවත් සිතුවාද..?

Image
  සමහර වෙලාවට අපට ඇතිවෙන රෝගාබාධ තත්ව ගැන අපි ඒ තරම් සැලකිල්ලක් නොදක්වනවා වෙන්න පුළුවන්.  මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්. වෛද්‍ය විද්‍යානුකූලව ගත්කළ මීට විවිධ අර්ථකතන සපයාදෙනවා. අග්න්‍යාශයේ පිළිකාවක් පවතින රෝගීන්ගෙන් බහුතරයක් වෛද්‍යවරයකු වෙත යොමු වන්නේ ඇස් සහ සම කහ පැහැ වීම යන රෝග ලක්ෂණය හේතුවෙන්. මෙය අග්න්‍යාශයේ පිළිකාවක මුල් ලක්ෂණයක් හෝ වර්ධනය වූ ලක්ෂණයක් විය හැකියි. අපගේ සිරුරේ අක්මාව මගින් බිලිරුබින් (Bilirubin) නම් කහ පැහැති ද්‍රව්‍යයක් නිපදවයි. සාමාන්‍යයෙන් මෙම බිලිරුබින් පිත නාල (Bile ducts) හරහා ගොස් අන්ත්‍රවලින් සිරුරෙන් බැහැර වෙනවා. අග්න්‍යාශයේ පිළිකාවක් ඇති වූ විට, විශේෂයෙන්ම පිළිකාව අග්න්‍යාශයේ හිස (Head of the pancreas) කොටසේ පිහිටා ඇති විට, එමගින් පිත නාලය අවහිර කරනු ලබයි. මෙම අවහිර වීම නිසා: පිත බැහැර වීමට නොහැකිව රුධිරයට එකතු වේ. රුධිරයේ බිලිරුබින් මට්ටම ඉහළ යයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇසේ සුදු ඉංගිරියාව සහ සම කහ පැහැයට හැරේ. මේ නිසා ඇති විය හැකි අනෙකුත් රෝග ලක්ෂණ. ඇස් කහ වීමට අමතරව, අග්න්‍යාශයේ පිළිකාවක් හේතුවෙන් සෙංගමාලය ඇති වූ විට පහත රෝ...