කෝමාරිකා පැලයක් මේ විදියට නිවසේ තිබ්බොත් සල්ලි උනනවා. ඔයාටත් ආර්ථික ප්‍රශ්න නම් දැම්ම මේ ලිපිය කියවන්න.


 කෝමාරිකා කියලා කියනේ ලංකාවේ වසර දහස් ගනනක ඈත අතීතයේ ඉදන් භාවිතා වන ප්‍රබල ඖෂදීය ශාකයක්. ඉතින් අද අපි මේ ලිපිය වෙන් කරන්නේ කෝමාරිකා ශාකය ගෙන සම්පූර්ණ විස්තරයක් අරගෙන එන්න. ඉතින් ඔයාලා මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියවන්න. මොකද මෙතෙක් කෝමාරිකා ගෙන ඔයා නොදැන හිටපු ගොඩක් දේවල් මේකෙ ඔයාට දැන ගන්න පුළුවන්. එක අතකින් කෝමාරිකා කියලා කියන්මේ ඖෂධයක් වශයෙන් ඉතාම වටිනා ශාකයක්.තව අතකින් ගෙදර අගහිග කම් තියෙනවානම්  අනුව ධනය නිවසට ආකර්ෂණය කරගන්න පුළුවන් ශාකයක් විදිහට ඇතැම් අය කෝමාරිකා ශාකය භාවිතා කරනවා. ඉතින් ඒ ඔක්කොම ගෙන අපි බලමු මේ ලිපියෙන්.

කොහොම හරි කෝමාරිකා ශාකය ගොඩක් වෙලාවට හෙළයේ කාන්තාවන් විසින් කලේ ලස්සන වෙන්න.  නමුත් ලස්සන වලට ගොඩක් ප්‍රයෝජන කෝමාරිකා වලින් ගන්න පුළුවන් කම තියෙනවා. ගොඩක් වෙලාවට හිසකෙස් වර්ධනය කිරීමට  කෝමාරීකා යොදාගන්නවා. ඒ වගේම සමේ ඇති විවිධ ආබාධ සුවකරගන්නටද මෙම කෝමාරිකා ශාකය භාවිතා වෙනවා. ඒ වගේම ශරීරයේ කොටසක් කොහේ කෝ පිලිස්සීමකට ලක් වුනාම ඒ පිළිස්සීමේ තුවාල සනීප කරන්නත් ගොඩක් අය මේ කෝමාරිකා ශාකය භාවිතා කරනවා. ඒ වගේම ගෑස්ට්‍රයිටීස් රෝගය කාටහරි තියෙනවනම් ඒක හොද කරගන්න හොදම ආහාරයක් තමයි කෝමාරිකා ශාකය කියලා කියන්නේ. 

ඔයාලා දැකලා ඇතිනේ කෝමාරිකා ඇතුලේ ජෙල් එකක් වගේ එකක් තියෙනවා. මෙන්න මේ ජෙල් එකේ තමයි ඔය ගුණ ඔක්කොම තියෙන්නෙ. මේකේ සිරුරට හිතකර රසායනික සක්‍රීය සංයෝග 75කට වඩා තියෙනවා කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. සරලවම කියනවනම් කෝමාරිකා කියලා කියන්නේ නිකන්ම නිකන් ඖෂධයක් නෙවෙයි ඖෂධ ෆැක්ටරියක්. විශේෂයෙන්ම කෝමාරිකා වල තියෙනවා   Acemannan කියලා රසායනික සංයෝගයක්.  මේකෙන් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩක් ශක්තිමත් වෙනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය කියන්නෙ මොකක්ද කියලා ඔයාලා දන්නවා ඇති කියලා හිතනවා. සරලවම කියනවනම් ඔයාට මොකක් හරි අසනීපයක් හැදෙන කොට ඇග ඇතුලෙන් ෆයිට් කරලා ඔයාව ආරක්ෂා කරන පද්ධතියට තමයි ප්‍රතිශක්තීකරණ පද්ධතිය කියලා කියන්නෙ. ඒ වගේම තුවාල සුව කරන්නත් මේ රසායනික සංයෝගය ගොඩක් උදව් කරනවා.

ඒ වගේම කෝමාරිකා වල  විටමින් A, C, E , B12 විශාල වශයෙන් තියෙනවා. ඒ කියන්නෙ විටමින් ෆැක්ටරියක්.  ඒ වගෙම  කැල්සියම්, මැග්නීසියම් සහ සින්ක් වැනි ඛනිජ ලවණද 

කෝමාරිකා වල ගොඩක් තියෙනවා. ඒ අතින් බැලුවම ඛණිජ ලවණ ෆැක්ටරියක්. මොන අතින් බැලුවත් කෝමාරික කියලා කියන්නේ සුපිරිම ඖෂධයක්.

ඒ වගේම කෝමාරිකා වල තියෙනවා  බ්‍රැඩිකයිනේස් කියල එන්සයිමයක්. මේකෙන් සමේ ඇති වන්  අධික ප්‍රදාහය  පාලනය කරනවා. ඒ වගේම   කෝමාරිකා  සමේ කොලජන් නිෂ්පාදනය වේගවත් කරනවා. ඒ නිසා තුවාල ඉක්මනින් වැසී යනවා. ඒ වගේම  නව සමක් ඇතිවෙනවා.  තරුණ බව රැක දෙනවා. කොලැජන් කියලා කියන්නේ තරුණ පෙනුමට බලපාන රසායනික සංයෝගයක්.

කෝමාරිකා වල ඇති 'ග්ලූකොමැනන්' නම් සංයෝගය මගින් සමේ කොලැජන් නිපදවන සෛල වන 'ෆයිබ්‍රොබ්ලාස්ට්' වේගයෙන් ක්‍රියාත්මක කරවන නිසා සිරුර මගින්ම කොලැජන් නිෂ්පාදනය කරනවා.

ඒ වගෙම ගොඩක් අව්වේ ගිහිල්ලා ආවම සිසිල් වෙන්න භාවිතා කරන්න පුළුවන් ඖෂධයක් තමයි කෝමාරිකා කියලා කියන්නේ. ඒ වගෙම සිරුරේ  අභ්‍යන්තර පද්ධති වලටත් වඩා හොද ඖෂධයක් තමයි කෝමාරිකා කියලා කියන්නෙ. විශේෂයෙන්ම ආහාර ජීරණ පද්ධතියේ තියෙන ගැටළු වලට හොද ඔසුවක් තමයි කෝමාරිකා ශාකය.

 කෝමාරිකා ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වේගවත් කරනවා. දියවැඩියාව සහිත පුද්ගලයින්ගේ රුධිරයේ සීනි මට්ටම අඩු කරලා  ඉන්සියුලින් සංවේදීතාව වැඩි කරනවා.  ඒ වගේම සිරුරේ ඇති විෂ ඉවත් කරලා  සෛල විනාශ වීම වැළැක්වීමට කෝමාරිකා වල තියෙන  පොලිෆීනෝල් උදව් වෙනවා.

 ඒ වගේම මුඛ සෞක්‍යය ගෙන හිතන කෙනෙකුටත් හොදම ඖෂෂයක් තමයි කෝමාරිකා කියලා කියන්නෙ. සමහර කට්ටියගෙ විවිධ කාල වල තොල පැලෙනවා. සමහර අය මොනවා හරි සැර කෑමක් කෑවම තොල පැලෙනවා. මෙන්න මේ වගේ වෙලාවට භාවිතා කරන්න පුළුවන් හොද ඖෂධයක් තමයි කෝමාරිකා කියලා කියන්නෙ.

 ඉතින් මේ අතින් බැලුවම කෝමාරිකා වල ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. ඒත් ඕනෑවට වඩා ඕනම දෙයක් හොද නෑ කියලා කියනවනෙ. කෝමාරිකා වැඩිපුර පාවිච්චි කලොත්  සිරුරේ පොටෑසියම් මට්ටම අඩුවීමට ඉඩ තියෙනවා. ඒ වගේම ළමයි ලැබෙන්න ඉන්න අයටත් කෝමාරිකා පානය වැඩිපුර හොද නෑ.

කොහොම හරි  ගොඩක් අය නොදන්න එකක් තමයි කෝමාරිකා ශාකය වාස්තූ විද්‍යාත්මකව නිවසට සෞභාග්‍යය අරන් එන්නත් යොදාගත්න පුළුවන් කියන එක.විශේෂයෙන්ම  කෝමාරිකා ශාකයක් ගේ ඇතුලේ තියෙනවනම් ඒ ගෙදරට තියෙන ආර්ථික ප්‍රෂ්න ගොඩක් දුරට අඩුවෙනවා කියලා සදහන් වෙනවා. මොකද කෝමාරිකා වලට තියෙනවා විශේෂ වූ ආකර්ෂණීය ගුණ කිහිපයක්. මේ ආකර්ෂණ ගුනය නිසා සල්ලි ආකර්ෂණය වන ගුප්තමය බලයක් කෝමාරීකා සතුව තියෙනවා කියලා විශ්වාසයක් පවතිනවා.

කොහොම හරි මේක  කරලා බලන්න. ගොඩක් කට්ටියට හරි ගිහින් තියෙනවා. නිවසට කෝමාරිකා පැලයක් ගෙනාවම එයාලගෙ ගොඩක් ප්‍රෂ්න විසදිලා තියෙනවා.  කොහොම හරි මෙහෙම නිවසට කෝමාරිකා ශාකයක් අරන් එන  තවත් අය කියන එකක් තමයි කෝමාරිකා පැලය ගේ ඇතුලට ගෙනාවට පස්සේ මැරුනා කියලා කියන එක.  එහෙම නිවස  ඇතුලට කෝමාරිකා පැලයක් ගෙනල්ලා මැරුනොත් ඒකේන් කියවෙන්නේ නිවස ඇතුලේ ගොඩක් ඇස්වහ කටවහ දෝෂ තිබීම කියලා තමයි විශ්වාස කෙරෙන්නේ. 

ඉතින් මේවා සලකා බැලුවම පේන දෙයක් තමයි කෝමාරිකා කියලා කියන්නෙ ඔයාගෙ නිවසේ තියෙන්නම ඕන ශාකයක් කියන එක.ඉතින් ඔයාගෙ නිවසේ හෝ ගෙවත්තේ ලොකු කෝමාරිකා ශාකයක් නැත්නම් අදම සිටවන්න.

උපුටාගැනීම අන්තර්ජාලයෙන්

Redirecting...

You will be redirected in:

60

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා