පිත්තාශයේ ගල් වේදනාවකින් තොරව දිය කර හරින දේශීය ඖෂධ


ආයුර්වේදයේ "ආශ්මරි" යනුවෙන් හඳුන්වනු ලබන්නේ ශරීරයේ හටගන්නා ගල් වර්ගයන්ය . අපි දන්නා තරමින් මිනිස් සිරුර තුළත් තැන් බොහෝමයක ගල් ඇතිවේ . ඉන් ප්‍රධානම තැනක් වන්නේ මුත්‍රාශයයි . ඉන්පසු අක්මාව තුල හා පිත්තාශයය තුළද ගල් ඇති වන බව අපි අසා ඇත .
මෙම ස්ථානයන් වල ගල් ඇතිවීමට හේතුවන්නේ ඒ ඒ ස්ථානයට අදාළව පවතින ද්‍රාවණයන් හි සාන්ද්‍ර බව වැඩි වීමයි . ජලය නිසි පරිදි පානය නොකිරීම , ඖෂධ භාවිතය වැනි කරුණු හරහා මෙය සිදුවේ.
උදාහරණයක් ලෙස ,
යූරික් අම්ල ගල්- දියවැඩියාව හා රුධිරයේ ප්‍රෝටීන් ප්‍රමාණය වැඩිවීම මත මෙම ගල් වර්ගය සෑදෙයි. කැල්සියම් ගල් - ආහාර සහ අක්මාව මගින් නිපදවන ඔක්සලේට්, කැල්සියම් සමඟ සංයෝජනය වී කැල්සියම් ඔක්සලේට් ගල් සෑදෙයි.
මුත්‍රාශයේ ගල් "මුත්‍රාශ්මරි " ලෙසද පිත්තාශයේ ගල් "පිත්තාශ්මරි" ලෙසද ආයුර්වේදයේ විග්‍රහ කරනු ලබයි .
පිත්තාශය යනු අක්මාව යට පිහිටි කුඩා අවයවයකි. ආහාර ජීර්ණයට අවශ්‍ය පිත නිපදවනු ලබන්නේ අක්මාවෙනි. අක්මාවෙන් නිපදවන පිත මහාන්ත්‍රය වෙත නිකුත් කිරීම සිදුවේ . මෙම ක්‍රියාවලිය උදෙසා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර පිත නිපද වූ විට ඒවා පිත්තාශයේ ගබඩා කරනු ලබයි . විටින් විට පිත අවශ්‍ය වන විට පිත්තාශය විසින් ඒවා නිකුත් කරනු ලබයි . මෙසේ පිත්තාශයේ ගබඩා කරනු ලබන පිතෙහි සාන්ද්‍ර බව වැඩිවු විට පිත ඝන වීම සිදුවෙයි. ඉන් පසු නිසි පරිදි මේවා පිටවීම සිදුවන්නේ නැත. ටික කාලයක් යන විට මෙය තව තවත් කැබලි එකතු වී cm 2 / 3 දක්වා විශාල කැබලි බවට පත්වෙයි . එතරම් විශාල වූ විට පිත්තාශය සිට විට නිකුත් කිරීමට ඇති නාල හිර වීම සිදුවේ . එය අධික වේදනාවක් ඇති කරනවා මෙන්ම පසුකාලීන පිළිකා තත්ත්වයක් වර්ධනය කිරීම දක්වා හේතු වන්නකි.
පිරිමින්ට වඩා කාන්තාවන්ට පිත්තාශයේ ගල් ඇතිවීමේ සම්භාවිතාව වැඩිය. එයට හේතුවන්නේ විවිධ ඖෂධ වර්ග ගැනීම, ආර්තවහරණ සඳහා කරන හෝර්මෝන ප්‍රතිකාර,
නිරාහාරව සිටීම ,
ඉහළ කොලෙස්ටරෝල් මට්ටම.
පිත්තාශයේ ගල් ඇති වූ විට අමාශයේ දකුණු පැත්තේ ඉහළ කොටසේ අධික වේදනාවක් ඇති වේ . ඔක්කාරය වමනය උණ , ඇස්වල හා ශරීරයේ වර්ණය කහ පාටට හැරීම සිදුවෙයි .
පිත්තාශය ගල් ඇතිවීම අවම කිරීම උදෙසා මේදය බහුල ආහාර පරිභෝජනය අවම කළ යුතු වේ. පලතුරු සහ එළවලු අඩංගු සමබර ආහාර වේලක් අනුභව කල යුතුය. රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීම පිත්තාශයේ ගල් පාලනය කර ගැනීමට ඉතා වැදගත් වේ. අධික රුධිර සීනි නිසා රුධිරයේ අධික ලෙස මේද මට්ටම් ඉහල යෑමක් සිදුවන අතර පිත්තාශයේ ගල් ඇති වීමට එය හේතුවේ .
පැඟිරි පලතුරු, වියළි ඉඟුරු , කළු ගම්මිරිස්, ආහාර සමඟ භාවිතා කිරීම තුලින් පිත්තාශයේ ගල් හට ගැනීම අවම කරගත හැකිවේ. එසේස සතියකට වරක් උදේ ආහාරයට පෙර, හිස් බඩ, උණු වතුර වීදුරුවකට සහිඳ ලුණු හෝ සාමාන්‍ය මේස ලුණු තේ හැන්දක් දමා පානය කර දකුණු ඇලයට විනාඩි 45ක් පමණ පමණ නිදා ගැනීමෙන් පිත්තාශයේ ගල් ඉවත් වීම සිදුවේ .
පිත්තාශ පිහිටි ප්‍රදේශයේ භාහිරින් එඬරු තෙල් ආලේප කිරීම තුළින්ද පිත්තාශයේ ඇති ගල් දිය වීම සිදුවේ .
පිත්තාශයේ ගල් විසුරුවා හැරීම සඳහා ශංකවතී, සූතසේකර රස, ප්‍රවාල පංචාමෘත, අවිපත්තිකර චූර්ණය වැනි ආයුර්වේද ඖෂධ භාවිතා කළ හැකි වේ . ආශ්මරී වැනි බරපතළ රෝගා බාධ වලදී නිසි වෛද්‍ය අධීක්ෂණය යටතේ ඖෂධය පරිහරණය කිරීම අනිවාර්යය වේ .
පිත්තාශයේ ගල් පාලනය කර ගැනීම උදෙසා භාවිතා කළ හැකි තවත් ආයුර්වේදීය ක්‍රම කීපයක් වේ .
රාත්‍රියේ ආහාර ගැනීමෙන් පසු කහ සමග උණුසුම් එලකිරී කිරි ස්වල්පයක් පානය කිරීම පිත යහපත් ආකාරයෙන් පවත්වා ගැනීමටත්, ආහාර ජීර්ණය, අක්මාවේ සෞඛ්‍යය සැලකිය යුතු ලෙස වැඩි දියුණු කිරීමටත් උපකාරී වේ.
කෝමාරිකා මද වලට මී පැණි ස්වල්පයක් එකතු කර එම යුෂ නිතිපතා පානය කිරීමෙන් පිත්තාශයේ ගල් මෙන්ම මුත්‍රාශයේ ගල්ද පාලන කල හැකි ස්වාභාවික පිළියමකි.
ගෝක්ෂුර චූර්ණය මුත්‍රා පද්ධතියේ ආබාධ , පිත්තාශයේ ගල්, අක්මාව සහ වකුගඩු ආබාධ සුව කිරීමට භාවිතා කරන ප්‍රබල ඔසුවකි . මෙමගින් පිත්තාශයේ මෙන්ම මුත්‍රාශයේ විෂ ඉවත් කිරීම සිදු කරයි.
කලු දුරු සහ මී පැණි, කලු දුරු හෝ කළු දුරූ තෙල් උණුසුම් ජලය සමඟ මිශ්‍ර කර හිස් බඩ පානය කිරීම පිත්තාශයේ ගල් දිය කිරීමට උපකාරී වේ.
කෑමට පෙර උණුසුම් ජලය සමග කළු ගම්මිරිස් කුඩු ස්වල්පයක් ආහාරයට ගැනීමෙන් ආහාර දිරවීම යහපත් කරනු ලබයි . එසේම එමගින් කොලෙස්ටරෝල් සමතුලිත කර පිත්තාශයේ ගල් දිය කිරීම සිදු කරයි .
ආයුර්වේදීය ස්වාභාවික ප්‍රතිකාර සමග නිසි වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීම මෙවැනි ගැඹුරු රෝග සඳහා අනිවාර්ය කරුණකි .

උපුටාගැනීම අන්තර්ජාලයෙන්
Redirecting...

You will be redirected in:

60

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා