පොදුවේ සෑම දෙනාටම අවශ්‍ය පෝෂ්‍යපදාර්ථ තිබෙනවා. නමුත් වයස, රෝගී තත්ත්වයන් වගේම ස්ත්‍රී පුරුෂ භාවය අනුවත් සෞඛ්‍යය හොඳින් පවත්වාගෙන යාමට විෂේශ පෝෂ්‍යපදාර්ථ අවශ්‍ය වෙනවා.අපි අද කථාකරන්නේ කාන්තා ඔබේ සෞඛ්‍ය වර්ධනයට අත්‍යාවශ්‍යම විටමින් වර්ග ගැන. Vitamin B6 මනෝභාවයන් වෙනස්වීම, නින්ද සහ කෑම රුචිය පාලනය කරයි. අඩංගු ස්වභාවික ආහාර නිවුඩු සහල්, පිස්ටාෂියෝ සහ ටූනා (කෙලවල්ලා) මාළු නිතර කෑමෙන් වැඩියෙන් ගුණ ලැබෙනවා. Vitamin B12 ඔබ නිතර තෙහෙට්ටුවට, විඩාවට පත්වෙනවා නම් මෙම පෝෂ්යපදාර්ථය පරීක්ෂාකාරී බව සහ අවධානය පවත්වාගෙන යාමට උපකාරී වේ. අඩංගු ආහාර ඉස්සන්, කකුළුවන්, කිරි ආශ්රිත නිශ්පාදන, බිත්තර සහ ටෝෆු වැනි සෝයා ආශ්රිත නිෂ්පාදන වලින් මෙම පෝෂණ අවශ්‍යතාව සපුරාගත හැකියි. Folate මූලික ගර්භනී අවස්ථාවේදී මොළයට සහ කශේරුකාවට ඇති විය හැකි බලපෑම අවමකරන අතර බඩවැල් හා පියයුරු පිළිකා අවම කරයි. අඩංගු ආහාර බිත්තර, බෝංචි, සෝයා සහ ධාන්‍යවල මෙය වැඩිපුර අඩංගුයි. Vitamin D3 අස්ථි, මස්පිඬු, සහ දත් සවිමත් කරයි. Osteoporosis සෑදීමේ අවධානම අවම කරයි. කුරුළෑ ඇතිවීම වළකයි. ඩිම්බ කෝෂ හා පියයුරැ පිළිකා ඇතිවීම හීන කරන අතර A...
Comments
Post a Comment