දවස් 14ක් සීනි කන්නේ නැතුව හිටියොත් ඔබේ ඇඟට වෙන පුදුම සහගත දේවල් 10ක්
පෝස්ට් එක පටන් ගන්න කලින් "පොඩි දෙයක් අහන්නද? ඔයාට පුළුවන්ද දවස් 14ක්, ඒ කියන්නේ සති දෙකක් එක දිගට සීනි කන්නේ නැතුව ඉන්න?" මේක අහපු ගමන් ගොඩක් අයට හිතෙයි "අපෝ පිස්සුද? සීනි නැතුව කොහොමද තේ එකක්වත් බොන්නේ?" කියලා. අපි හැමෝම දන්නවා, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාම නවත්තන්න අමාරුයි කියලා. හැබැයි ඔයා දන්නවද, සීනි කියන්නෙත් , මත්ද්‍රව්‍ය වලටත් වඩා භයානක , ඒ වගේම ඇබ්බැහි වීමක් කියලා? අද විශ්ම ලෝකය වීඩියෝවෙන් අපි ඔයාට චැලෙන්ජ් එකක් කරනවා. හරියටම දවස් 14ක් සීනි සහ පිටි කෑම නවත්තලා බලන්න කියලා. ඔයාගේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන මේ ආශ්චර්යමත් වෙනස්කම් 10 දැක්කොත්, ඔයා ආයේ කවදාවත් සීනි ඇටයක් දිහාවත් බලන එකක් නෑ.
01. සීනි කන්න තියෙන කෑදරකම අඩු වෙනවා (Lose Sugar Cravings)
අපි සීනි කන්න කන්න, ආයේ ආයේ කන්න හිතෙන්නේ ඇයි දන්නවද? ඔයා පැණි රස කෑවම, ඔයාගේ ඇඟේ ඉන්සියුලින් හෝමෝනය ඇවිත් ඒ සීනි ටික පාලනය කරන්න රුධිරයේ සීනි මට්ටම එකපාරටම පහත දානවා (Hypoglycemia). මෙහෙම සීනි අඩු වුණාම මොළය හිතනවා "අයියෝ මට බඩගිනියි, තව පැණි රස ඕනේ" කියලා. ඉතින් ඔයා ආයේ කනවා. මේක චක්‍රයක් (Cycle). හැබැයි ඔයා දවස් දෙක තුනක් සීනි කන එක නැවැත්තුවොත්, මේ චක්‍රය කැඩෙනවා. ඔයාගේ සීනි මට්ටම ස්ථාවර වෙනවා. සතියක් යනකොට ඔයාට පුදුම හිතෙයි, "මට දැන් පැණි රස කන්න හිතෙන්නෙම නෑනේ" කියලා. සීනි වලට තියෙන ඒ දැඩි ආශාව (Craving) නිකන්ම නැති වෙලා යනවා.
02. බඩගින්න පාලනය වෙනවා (Less Hungry)
ඔයාට නිතරම බඩගිනි වෙනවද? කාලා පැයකින් ආයේ බඩගිනිද? ඒකට හේතුවත් සීනිම තමයි. අපි සීනි කනකොට අපේ ශරීරය ඒක සලකන්නේ "විෂක්" විදියට. ඒ නිසා ශරීරය විසින් ඉන්සියුලින් ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා (Insulin Resistance). මෙහෙම වුණාම අපි කන කෑම ඇඟට උරාගන්නේ නැතුව කෙලින්ම තෙල් විදියට තැන්පත් වෙනවා. සෛල වලට කෑම ලැබෙන්නේ නෑ. ඉතින් සෛල කෑගහනවා "අපිට බඩගිනියි" කියලා. හැබැයි ඔයා සීනි නැවැත්තුවම, ඉන්සියුලින් හෝමෝනය ආයේ හරියට වැඩ කරන්න ගන්නවා. කන කෑම ටික නියම විදියට ඇඟට උරාගන්නවා. එතකොට නිතරම දැනෙන බඩගින්න නැති වෙලා යනවා.
03. කම්මැලිකම සහ මහන්සිය ඉවරයි (Less Fatigue)
ගොඩක් අයට බත් එකක් කෑවට පස්සේ, නැත්නම් පැණි රස දෙයක් කෑවට පස්සේ ඇස් පියවෙන නිදිමතක් එනවා නේද? ඒකට කියන්නේ "Sugar Crash" එකක් කියලා. සීනි වැඩි වුණාම මොළය මහන්සි වෙනවා (Brain fog). හැබැයි ඔයා සීනි කන එක නැවැත්තුවම, ඔයාගේ රුධිරයේ සීනි මට්ටම දවස පුරාම එක ගානට තියෙනවා. උඩ යන්නේ නෑ, පල්ලෙහා වැටෙන්නේ නෑ. එතකොට කෑම කෑවට පස්සේ එන නිදිමත ගතිය නැති වෙලා යනවා. මොළය හරිම ප්‍රබෝධමත්ව තියාගන්න පුළුවන් වෙනවා. උදේ ඉඳන් රෑ වෙනකම් එකම එනජි එකකින් වැඩ කරන්න ඔයාට පුළුවන් වෙනවා.
04. බඩේ මේදය දියවෙලා යනවා (Lose Water and Fat)
මේක තමයි ගොඩක් අය කැමතිම දේ. ඔයා සීනි නවත්තලා පළවෙනි සතියේදීම ඔයාගේ ඇඟෙන් වතුර සහ මේදය ගොඩක් ඉවත් වෙනවා. සාමාන්‍යයෙන් අපේ ඇඟේ සීනි තැන්පත් වෙලා තියෙන්නේ වතුරත් එක්ක. අපි සීනි කන එක අඩු කරපු ගමන්, ශරීරය අර අනවශ්‍ය වතුර ටික එළියට දානවා (Water weight). සමහර අයට පළවෙනි සතියෙම කිලෝ 4ක් 5ක් අඩු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාගේ ඇඳුම් බුරුල් වෙන්න පටන් ගනීවි. ඉණ වටේ ප්‍රමාණය (Waist size) අඩුවෙන්න පටන් ගනීවි. ඔයාගේ බඩ ඉස්සරහට ඇවිත් තියෙනවා නම්, ඒකට ප්‍රධාන හේතුව සීනි. සීනි නැවැත්තුවම බඩ බහිනවා කියන එක ගැරන්ට් කරන්න පුළුවන් දෙයක්.
05. මනස සන්සුන් වෙනවා (Enhanced Mood)
ඔයා නිතරම තරහ යන (Grouchy), පොඩි දේටත් ස්ට්‍රෙස් වෙන කෙනෙක්ද? එහෙනම් ඒකට හේතුව ඔයාගේ සීනි භාවිතය වෙන්න පුළුවන්. සීනි අඩු කළාම ඔයාගේ මනස හරිම සන්සුන් වෙනවා. මොළයේ ක්‍රියාකාරිත්වය (Cognitive function) දියුණු වෙනවා. ඔයාට වැඩක් කරන්න ගියාම ඒකෙ අවධානය රඳවා ගන්න (Focus) ලේසි වෙනවා. ඉස්සර වගේ අමතක වෙන ගතිය, වැඩක් පටන් ගත්තම ඒක ඉවර කරගන්න බැරි ගතිය (ADD symptoms) නැති වෙලා යනවා. මොකද සීනි නැති වුණාම මොළයේ ස්නායු සෛල වලට හොඳට ලේ ගමන් කරනවා.
06. මූණේ කුරුලෑ නැති වෙනවා (Better Skin)
විශේෂයෙන්ම කාන්තාවන්ට මේක වැදගත්. ඔයා සීනි කනකොට ඇඟේ ඉන්සියුලින් වැඩි වෙනවා. ඉන්සියුලින් වැඩි වුණාම ඇන්ඩ්‍රොජන් (Androgens) කියන හෝමෝනය වැඩි වෙනවා. මේ හෝමෝනය නිසා තමයි මූණේ කුරුලෑ (Acne) එන්නේ. පිරිමි අයගේ නම් ඉන්සියුලින් වැඩි වුණාම ටෙස්ටොස්ටෙරෝන් (Testosterone) හෝමෝනය අඩු වෙනවා. ඒක පිරිමි කමට බලපානවා. ඉතින් ඔයා සති දෙකක් සීනි කන එක නැවැත්තුවොත්, ඔයාගේ සම ඇතුලෙන්ම පිරිසිදු වෙලා, කුරුලෑ නැති වෙලා, මූණට අමුතු එළියක් (Glow) එනවා ඔයාටම බලාගන්න පුළුවන්. ක්‍රීම් ගානවට වඩා මේක සාර්ථකයි.
07. ඇඟේ පතේ අමාරු සුව වෙනවා (Less Stiffness & Pain)
උදේට නැගිටිනකොට ඇඟ හිර වෙලා වගේද? දණහිස් රිදෙනවද? කොන්ද රිදෙනවද? මේකට හේතුව තමයි "Inflammation" නැත්නම් ඇඟ ඇතුලේ තියෙන ඉදිමීම/දැවිල්ල. සීනි කියන්නේ මේ දැවිල්ල ඇති කරන ප්‍රධානම සාධකය. ඔයා සීනි නැවැත්තුවම, ඔයාගේ ඇඟේ ඉන්ධන (Fuel) මාරු වෙනවා. ශරීරය පුරුදු වෙනවා සීනි දහනය කරනවා වෙනුවට තෙල් දහනය කරන්න. මේ ක්‍රියාවලියට දවස් 3ක් විතර යනවා. ඊට පස්සේ ඔයාගේ ඇඟේ තියෙන දැවිල්ල, කැක්කුම නිකන්ම අඩු වෙලා යනවා.
08. හදවත සහ මොළය අලුත් වෙනවා (Heart & Brain Health)
අපි හිතන්නේ හාට් ඇටෑක් එන්නේ තෙල් කෑවම කියලනේ. හැබැයි අලුත්ම පර්යේෂණ කියන්නේ සීනි නිසා රුධිර නාලිකා වල ඇතිවන තුවාල සහ ඉදිමීම (Inflammation) තමයි බ්ලොක් ඇති වෙන්න මුල කියලා. සීනි නැවැත්තුවම මේ අවදානම අඩු වෙනවා. ඒ වගේම සීනි නැති වුණාම අපේ ශරීරය "කීටෝන" (Ketones) නිපදවනවා. මේ කීටෝන කියන්නේ අපේ මොළයේ ස්නායු සෛල අලුතෙන් වර්ධනය කරන්න උදව් වෙන දෙයක්. ඒ කියන්නේ සීනි නැවැත්තුවම ඔයාගේ මොළය අලුත් වෙනවා.
09. අක්මාව පිරිසිදු වෙනවා (Liver Detox)
ඔයාට බඩක් තියෙනවා නම්, අනිවාර්යයෙන්ම ඔයාට "Fatty Liver" නැත්නම් අක්මාවේ තෙල් තැන්පත් වීමේ තත්ත්වය තියෙන්න පුළුවන්. අක්මාවේ තෙල් හැදෙන්නේ තෙල් කෑවට නෙවෙයි, සීනි සහ පිටි කෑවම. සීනි නැවැත්තුවම, ශරීරය විසින් අක්මාවේ තියෙන මේ තෙල් ටික දහනය කරලා ශක්තිය බවට පත් කරගන්නවා. සති දෙකක් යනකොට ඔයාගේ අක්මාව පිරිසිදු වෙලා, ඔයා නොදැනුවත්වම ලොකු ලෙඩ ගොඩකින් බේරෙනවා.
10. වකුගඩු ආරක්ෂා වෙනවා (Better Kidney Function)
දියවැඩියාව තියෙන අයගේ අන්තිමට නරක් වෙන්නේ වකුගඩුනේ. සීනි කියන්නේ වකුගඩු වල පෙරීමේ ක්‍රියාවලියට ලොකු බරක් දෙන දෙයක්. ඔයා කාබෝහයිඩ්රේට් සහ සීනි අඩු කළාම, වකුගඩු වලට තියෙන පීඩනය අඩු වෙනවා. වකුගඩු වල ක්‍රියාකාරිත්වය ඉතාම හොඳ තත්ත්වයට පත් වෙනවා.
දැන් ඔයාට හිතෙයි "මේක කරන්න අමාරුයිනේ" කියලා. ඔව්, මුල් දවස් 3 පොඩ්ඩක් අමාරු වෙයි. ඇඟට පණ නෑ වගේ දැනෙයි. හැබැයි දවස් 3 ඉවසගෙන හිටියොත්, ඔයාගේ ඇඟ ඇතුලේ අලුත් එන්සයිම හැදිලා, මේදය දහනය කරන අලුත් මැෂින් එකක් ඔන් වෙනවා. දවස් 14කට පස්සේ ඔයාට දැනෙන සැහැල්ලුව වචනයෙන් කියන්න බෑ.
උපුටාගැනීමක්
You will be redirected in:
60

Comments
Post a Comment