ඔබ විටමින් K ඌණතාවයෙන් පෙළෙන බව පෙන්නුම් කරන ලක්ෂණ
විටමින් K ලේ කැටි කැහෙන්න ඕනෙ වෙන බව පුංචි කාලේ ඉඳලම අපි අහලා තියෙනවා. ඒත් ඒ ගැන සම්පූර්ණ විස්තරයක් අපේ දැනුමේ ගබඩා වෙලා නැති වෙන්න පුළුවන්. විටමින් K මගින් රුධිර කැටි සෑදීම, අධික ලෙස රුධිරය වහනය වීම වළක්වනවා. විටමින් K අඩු මට්ටමක පැවතීමෙන් පාලනය කළ නොහැකි රුධිර ගැලීම ඇතිවීමේ අවදානමක් පවනතින බව කියවෙන අතරම වැඩිහිටියන් අතර නම් විටමින් K ඌනතාවය දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඒත් මේ තත්ත්වය අලුත උපන් දරුවන් අතර බහුලයි.
අනෙක් විටමින් වගේ නෙවෙයි, මේ K විටමිනය ආහාර මගින් ලබාගන්නා විටමිනයක් ලෙස (dietary supplement) භාවිත වෙන්නේ නැහැ. විටමින් K කියන්නේ සංයෝග කාණ්ඩයක්. මෙහිදී වඩාත් වැදගත් වන්නේ විටමින් K1 හා K2. විටමින් K1 සමහර එළවළු හා කොළ පැහැති කොළවලින් ලබාගන්න පුළුවන්. විටමින් K2, මස්, චීස්, බිත්තර කෘත‍්‍රිම බැක්ටීරියා වලින්ලැබෙනවා. ඒ කොහොම වුණත් වෛද්‍ය උපදෙස් වලින් තොරව විටමින් K අඩංගු ද්‍රව්‍ය නොගත යුතුයි.
විටමින් K ප‍්‍රධාන වර්ග 3 කි.
- විටමින් K1 – (Phylloquinone or Phytomenadione) ස්වභාවික ආකාරයේ විටමින් K වේ. ආහාර මගින් විශේෂයෙන් කොළ පැහැති කොළ (නිවිති), එළවළු ලබාගත හැක.
- විටමින් K2 – Menaquinones
අන්තක වල සිටිනා බැක්ටීරියා මගින් සාදයි. මෙම බැක්ටීරියා මගින් K1 – K2 බවටද පත් කරයි.
3. Menadione
මිනිසා විසින් සාදන රසායනික සංයෝග අඩංගු කෘතිම විටමින් K වේ. මෙය විටමින් K3 ලෙස හඳුන්වයි.
K1, K2 මේද ද්‍රාව්‍ය වන අතර අක්මාවේ හා ශරීරයේ මේද පටක වල ගබඩා වේ.
විටමින් K ඌනතාවය හේතුවෙන් බහුල නොවුනද පහත තත්ත්වවලදී ඌනතාවයන් ඇතිවීමේ අවදානමක් පවතී. මේ තත්ත්ව වලදී වෛද්‍ය නිර්දේෂය මත විටමින් K ලැබෙන වෙනත් ආහාර ද්‍රව්‍ය දිය යුතු වේ.
- ආහාර මාර්ගයේ අවශෝෂණයට බලපාන රෝග තත්ත්වයක් තිබීම.
උදා: Crohn’s Disease, celiac disease
- විටමින් K අවශෝෂණයට බාධා ඇති කර ඖෂධ ගැනීම.
- තද බල ලෙස මන්දපෝෂණය තිබීම.
- මත්පැන් අධික ලෙස පානය.
බොහෝ විට විටමින් K වල ක‍්‍රියාවට බලපෑම් ඇති කරයි. උදාහරණ ලෙස ප‍්‍රති අම්ලකර ඖෂධ, රුධිරයේ තුනී කරන ඖෂධ, ප‍්‍රතිජෛවක, Asprin, පිළිකා සඳහා දෙන ඖෂධ, අධික කොලෙස්ටරෝල් සඳහා ලබාදෙන ඖෂධ, අපස්මාරය සඳහා දෙන ඖෂධ ගැනීමේදී විටමින් K ඌනතාවයක් ඇති වීමේ හැකියාවක් ඇති. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුවේ.
විටමින් K අන්තර්ගත ආහාර
- කොළ පැහැති කොළ එළවළු, නිවිති
- ගෝවා, ගෝවා මල්, බ්‍රොකලි, එළවළු
- මාළු, අක්මාව, මස්, බිත්තර, ධාන්‍ය වර්ග වල
විටමින් K අන්තර්ගත පළතුරු
- අලිගැට පේර
- black berries, blue berries
- දෙළුම්
- තක්කාලි
ප‍්‍රතිකාර ගත යුතු අතුරු ආබාධ
- කෑම අරුචිය අඩුවීම
- ක‍්‍රියාකාරීත්වය අඩුවීම
- ස්වසන අපහසුව
- අක්මාව විශාල වීම
- ශරීරය ඉදිමීම
- පේශි වල තද ගතිය
- සුදුමැලි බව
- සම හෝ ඇස් කහවීම
කලාතුරකින් ඇති වන ලක්‍ෂණ
මේවා ඇතිවන්නේ එන්නත් මගින් පමණි.
- ගිලීමේ අපහසුව
- වේගවත්, අක‍්‍රමවත් ස්වසනය
- ක්ලාන්තය හෝ සුළු හිසරදය
- කෙටි හුස්ම
- සමේ දද ඇතිවීම
- මුහුණ, තොල්, ඇහිබැම ඉදිමීම
- පපුවේ තද ගතිය
විටමින් K විවිධ ප්‍රෝටීන සෑදීම සඳහා දායක වේ. මෙම ප්‍රෝටීන රුධිර කැටි ගැසීම හා අස්ථි පරිවෘත්තියට උදව් වේ. prothrombin යනු විටමින් K dependant ප්‍රෝටීනයක් වන අතර සෘජුවම රුධිරයේ කැටි ගැසීමට බලපායි. Osteocalcin යන අනෙක් ප්‍රෝටීනය වන අතර එය නිෂ්පාදනයට විටමින් K අවශ්‍ය වේ. එමගින් අස්ථි පටක වල නිරෝගී බව ආරක්‍ෂා වේ.
විටමින් K මගින් තුවාල, සිරීම් හා ශල්‍යකර්ම කළ ස්ථානවල කැලලි සුව වීමට උදව් වේ. එසේම සමේ ඇදීම නිසා ඇති වන stretch marks, spider veins ආදිය සුව වීමට උදව් කරයි. තවද රුධිරයේ කැල්සියම් මට්ටම පාලනයටද උදව් වේ.
විටමින් K ඌනතාවයේ ලක්‍ෂණ
- සම පහසුවෙන් ඉරීම
- නාසය හා විදුරුමසින් ශ‍්‍රාවයන් වෑස්සීම
- අධික ලෙස රුධිරය ගැලීම. (තුවාල, සම සිදුරු වූ ස්ථාන, එන්නත් දුන් ස්ථාන, ශල්‍යකර්ම කළ ස්ථාන)
- ඔසප් වීමේදී අධික ලෙස රුධිර වහනය
- ආහාර ජීර්ණ පද්ධතිය ආශ‍්‍රිත රුධිර ගැලීම
- මළ හා මුත‍්‍රා සමග රුධිරය පිටවීම
- රුධිර පරීක්‍ෂණයක් වන PT (INR) වැඩිවීම
- කුඩා දරුවන්ගේද විටමින් K ඌනතාවයේදී ඉහත ලක්‍ෂණ ඇතිවීමට අමතරව හිස් කබල තුළ රුධිර (intracranial bleeding) ඇති වේ.

Comments
Post a Comment