මෙන්න මේ ආහාර වර්ග කෑමට එකතු කර ගන්නවානම් ඔයාගේ අක්මාව නිකන්ම පිරිසිදු වෙනවා


 අක්මාව (Liver) කියන්නේ අපගේ ශරීරයේ ඉතාම වැදගත් අවයවයක්. විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම, රුධිරය පිරිසිදු කිරීම, ජීර්ණ ක්‍රියාවලියට උපකාර කිරීම වැනි කාර්යයන් රැසක් අක්මාව කරයි.

නමුත් වැරදි ආහාර, මත්පැන් භාවිතය, අධික මේදය සහ සීනි නිසා අක්මාවට බරපතල හානි විය හැක.

අද අපි බලමු අක්මාව සෞඛ්‍යවත්ව තබාගන්න උපකාරී වන හොඳම ආහාර වර්ග මොනවද කියල

කෝපි

කෝපි කියන්නෙ අක්මාව නිරෝගීව පවත්ව ගන්න දායක වෙන ප්‍රධාන පාන වර්ගයක් බව පර්‍යෙෂකයන් සඳහන් කරනවා. 

සිරෝසිස්, සුව නොවන අක්මා අකර්මන්‍යතා, නිදන්ගත අක්මා රෝග, අක්මාව ආශ්‍රිත පිළිකා තත්වයන්, අක්මාවේ මේදය සහ කොලැජන් තැම්පත් වීම වගේ සෞඛ්‍ය ගැටළු ඇතිවීමේ අවධානම කෝපි පානය කරන්නන් අතර අඩු බව 2016 වර්ෂයේ කරන ලද පරීක්ෂණ කීපයක ප්‍රතිඵල ලෙස සොයාගෙන තිබෙනව වගේම කෝපි වලට සෛලවලට හානි කරන රැඩිකල් සං‍යෝග බිඳදමන ප්‍රතිඔක්සිකාරක නිපදවීමේ හැකියාවත් තියෙනවා.

නමුත්, කෝපි වල කැෆේන් බහුලව අඩංගු නිසා අනවශ්‍ය පරිදි කෝපි ඔබේ ආහාර වේලට එක් නොකරගෙන සීමා සහිතව භාවිත කිරීමටත් ඔබ සැළකිලිමත් විය යුතුමයි. 

තේ 

අක්මාව ආශ්‍රිතව ඇතිවෙන පිළිකා ඇතිවීමේ අවධානම අඩු කරන්න තේ, විශේෂයෙන්ම හරිත තේ / green tea වලට හැකියාව තියෙනව කියල පරීක්ෂණ මඟින් සනාථ කරගෙන තිබෙනවා. 

නමුත්, අක්මාව ආශ්‍රිත යම් යම් රෝගාබාධයකින් දැනටමත් පෙළෙන ඔබ දෛනික තේ පානය වැඩි කරන්න හෝ තේ පානය කිරීම සම්බන්ධව ඔබේ වෛද්‍යවරයාගේ අදහස් විමසීම ඉතාම වැදගත්. 

ග්‍ර්‍රේප් ෆෲට් / grapefruit 

ග්‍රේප් ෆෲට් කියන්නෙ ලංකාවේ අපිට එතරම් හුරුපුරුදු නැති පෙනුමින් දොඩම් වලට සමාන වුනත් ඉතා ඉහළ පෝෂණීය ගුණ වලින් අනූන පළතුරක් කියල හඳුන්වන්න පුළුවන්. 

විශේෂයෙන්ම අක්මාවේ නීරෝගී බවට බලපාන ප්‍රතිඔක්සිකාරක සං‍යෝග බොහොමයක් මේ පළතුරු වල අන්තර්ගත වෙලා තියෙනව කියල සොයාගෙන තිබෙනවා. 

අක්මාවේ ප්‍රදාහ තත්වයන් සමනය කරන්නත් සෛලවල ආරක්ෂාවටත් උපකාරී වෙනව වගේම සතුන් ආශ්‍රිතව කරන ලද විද්‍යාගාර පරීක්ෂණ මඟින් අක්මාවේ අනවශ්‍ය ලෙස සම්බන්ධක පටක තැම්පත් වීම නිසා ඇතිවෙන hepatic fibrosis වගේ රෝග තත්වයන් වැළැක්වීමේ හැකියාත් තියෙනව කියල තහවුරු වෙලා තියෙනව වුනත් මේ සම්බන්ධව තවත් පරීක්ෂණ කළ යුතු බව තමයි පර්‍යෙෂකයන් සඳහන් කරන්නෙ. 

බ්ලූබෙරි සහ කැන්බෙරි 

බ්ලූබෙරි සහ කැන්බෙරි වලත් ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වෙලා තියෙනව කියල සොයාගෙන තියෙනවා.

ඒ වගේම පරීක්ෂණ මඟින් තහවුරු කරගෙන තියෙන විදිහට අක්මාවේ තෙල් තැම්පත් වීම අඩු කරන්නත්, මිනිස් අක්මාව අශ්‍රිතව ඇතිවිය හැකි පිළිකා තත්වයන් ඇතිවීමේ අවධානම අඩු කරන්නත් මේ බෙරි වර්ග ඔබේ ආහාර වේලට නිරතුරුව එකතු කර ගැනීමෙන් හැකියාව ලැබෙන බව පරීක්ෂකයන් පෙන්වා දෙනවා. 

මිදි 

මිදි කියන්නෙ නම් අපිට හුරුපුරුදු පළතුරක්නෙ. 

මිදි වලත් රතු සහ දම් පාට මිදිවල මේ අක්මාවේ නීරෝගී බවට දායක වෙන සංයෝග බොහොමයක් අඩංගු වෙලා තියෙනව කියල සොයාගෙන තිබෙනව. 

ඒවා මඟින් අක්මාව ආශ්‍රිතව ඇතිවෙන,

ප්‍රදාහ තත්වයන් අඩු කිරීම,

සෛල හානි වැළැක්වීම සහ

ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය වැඩි කිරීමේ හැකියාව ලැබෙන බව තමයි සඳහන් වෙන්නෙ. 

නමුත්, මේ සඳහා තවදුරටත් පරීක්ෂණ කිරීම අවශ්‍ය නව පරීක්ෂකයන් පෙන්වා දෙනවා. 

එළවළු 

බ්‍රොකලි, ගෝවා, මල්ගෝවා වගේ එළවළු මේ අතර ප්‍රධානම ස්ථානයක් හිමිකර ගන්නවා. 

විශේෂයෙන්ම හානිකර සංයෝග වලින් සිදුවෙන අක්මාවේ විෂ තැම්පත් වීම වළක්වා ගන්න මේ එළවළු වර්ග වලින් ඉතා හොඳ දායකත්වයක් ලැබෙන බවත් පිළිකා වර්ධනය සීමා කරන්න උපකාරී වෙන බවත් පරීක්ෂණ වලින් සනාථ කරගෙන තිබෙනවා.

ඇට වර්ග

සෞඛ්‍යාරක්ෂිත මේදය, ප්‍රතිඔක්සිකාරක, විටමින් e සහ ශාක පෝෂක වැඩි වශයෙන් අඩංගු වෙලා තියෙන ඇට වර්ග වලිනුත් අක්මාවේ නීරෝගී නව පවත්වා ගන්න ඉතා හොඳ සහයක් ලැබෙන බවයි සඳහන් වෙන්නෙ.
මාළු 
Omega 3 / ඔමෙගා 3 මේද අම්ල අඩංගු මාළු වලින් අපේ ශරීරයට ලැබෙන්න මොනතරම් ලොකු සෞඛ්‍ය ප්‍රතිලාභද කියල smart lady අපේ ලිපි නිතරම කියවන ඔබ නන් හොඳින්ම දැනුවත් කියල අපි දන්නව. 

ශරීරයේ ඇතිවන ප්‍රදාහ තත්වයන් වළවන්න, මොළයේ සහ හදවතේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගන්න වගේම අක්මාවේ සෞඛ්‍ය ගැටළු 

ඇතිවීමේ අවධානම අඩු කරන්නත් omega 3 මේද අම්ල අඩංගු මාළු වර්ග වලට තියෙන හැකියාව විශේෂයි. 

ඔලිව් තෙල් 

හදවතේ නීරෝගී බවටත් පරිවෘත්තීය ක්‍රියා ක්‍රමවත්ව සිදුවෙන්නත් දායක වෙන ඔලිව් තෙල් අක්මාවේ මේදය තැම්පත් වීම වළවන්න හොඳ සහයක් ලබාදෙන බව තමයි පර්‍යේෂකයන් සඳහන් කරන්නෙ. 

අක්මාවේ මේදය තැම්පත් වීම අක්මා රෝග වල ආරම්භක පියවර විදිහට සැළකෙන නිසා ඒ පිළිබඳව සැළකිලිමත් වීම ඉතාම වැදගත් කියලත් අපි ඔබට මතක් කරන්න කැමතියි.

එහෙනම්, ඔබේ ආහාර වේලට අපි අද මේ කතා කරපු ආහාරත් එකතු කරගෙන පිළියෙල කරගන්න සමබර ආහාර වේලක් වගේම නිවැරදි ජීවන පුරුදු වලත් උදව්වෙන් අක්මාවේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගන්න ඔබට පුළුවන්. 

Redirecting...

You will be redirected in:

60

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා