ඔබේ නිවසේ කොස්සයි පාපිස්සයි තියන්නේ මෙහෙමද? ඔබ ඉතාමත්ම ඉක්මනින් දුප්පතෙක් වෙනවා
ිවසක තියෙන කොස්ස, ඉදල, පාපිසි වලට ඔයාව ධනවත්තෙක් කරන්න සහ දුප්පතෙක් කරන්න පුළුවන් කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? කොස්ස, ඉදල සහ පාපිසි වල තියෙන අශුභ ශක්තියට පුළුවන් ඔබව නැති බංගස්ථාන කරලා දාන්න. ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ ඒ ගැන තමයි.
කොස්ස, ඉදල ඔබේ නිවසේ සහ මිදුලේ ඊසාන සහ නිරිත දිශාවට වෙන්න කිසිම වෙලාවක තියන්න එපා. මොකද ඔබ කොස්ස, ඉදල මේ දිශාවන් වලින් තැබුවොත් ඔබට විවිධ මානසික ප්‍රශ්න සහ ආර්ථික ගැටලු එන්නට පුළුවන්. ඒ වගේම කොස්ස ඉදල කිසිම වෙලාවක දොර මුල්ලේ තියන්නත් එපා. මොකද ඉදල සහ කොස්සට හොඳින් ඉර එලිය සහ වාතය ලැබෙන්න ඕනේ. දොර මුල්ලේ තියා අඩුම තරමෙන් අඳුරු ස්ථානයකවත් තියන්න එපා.
මේ නිසා අඳුරු ශක්තිය නිවසේ රජ කරන්න පටන් ගන්නවා. ඒ වගේම කොස්ස හරි ඉදල හරි අතුගාලා ඉවර වුනාම ගලාගෙන යන ජලයට අල්ලලා එහි තියෙන කුණු හෝදලා හරින්න. මේ වගේම සමහර ඉදල් තියෙනවා. ඒවා ගොඩාක් පරණ වෙලා ඉරටුත් කැඩිලා. නමුත් එවැනි ඉදලකින් අතුගාන එක එතරම් සුබ ලකුණක් නෙවෙයි. එවැනි කොසු සහ ඉදල් දැක්කහමත් අපි තුළ සෘණාත්මක සිතිවිලි පහළ වෙනවා. ඒක නිසා හැකිනම් මාස හයකට වතාවක් වත් නිවසේ බාවිතා කරන ඉදල මාරු කරන්න.
ඒ වගේම නිවස ඉස්සරහ කිසිම වෙලාවක කොස්ස සහ ඉදල තියන්න එපා. ඒක අනිවාර්යයෙන්ම නිවස පිටුපස හොඳින් එළියේ නිසා වාතය තිබෙන තැනක තියන්න. ඒ විතරක් නෙවෙයි, කිසිම වෙලාවක කොස්ස සාලේ තියන්න එපා. නිවසක සාලේ කොස්ස තිබ්බොත් නිවසේ ආර්ථිකයට කෙලින්ම බලපානවා. ඒ වගේම කෑම කාමරේ කොස්ස තියන්නත් එපා. ඒකත් නිවසේ ආර්ථිකයට කෙලින්ම බලපානවා. ඒ විතරක් නෙවෙයි, ඔබේ නිරෝගී බවට යම්කිසි බලපෑමක් එල්ල කරන්නට පුළුවන්.
ඒ වගේම පාපිස්ස කියන්නෙත් අපි ඉතාමත් සැලකිය යුතු දෙයක්. ඔයා මේ පාපිස්සෙන් පිසින සැරයක් සැරයක් ගානේ මේ පාපිස්සට අපද්‍රව්‍ය සහ ක්ෂුද්‍ර ජීවීන් එකතු වෙනවා. ඒ නිසා සති දෙකකට වරක්වත් පාපිස්ස ඉතාමත් හොඳින් හෝදන්න. නිතරම පාපිස්ස තියන්න ඕනේ නිවසෙන් එළියේ. වැරදිලාවත් නිවස ඇතුලේ තිබ්බොත් ඉතාමත් අසුබයි. ඒ වගේම ඔයා නිවස අතුගාන්නේ කොහොමද? නිවසේ දොර ලඟ ඉඳන් ඇතුලටද? එහෙම නැත්නම් ඇතුලෙන් පිටතටද? වාස්තු විද්‍යානුකූලව අතුගෑ යුත්තේ නිවසේ දොර ලඟ ඉඳන් ඇතුලට. සමහර අය ඉන්නවා, මේ අය නිවස පිරිසිදුවට පිළිවෙලට තියාගෙන ඉන්න ගොඩාක් කැමතියි. ඒක නිසා මේ අයගේ වැඩේම උදේට නැගිට්ට ගමන් නිතර නිතර අතුගාමින් නිවස අස්පස් කිරීම.
නමුත් වාස්තු විද්‍යාත්මකව සලකලා බැලුවොත් නිතර නිතර නිවස අතුගෑම මගින් ඔබේ ධනය විනාශ වී ආර්ථිකය අතින් පහළට ඇද වැටෙන්න පුළුවන්. ඒ වගේම සමහර ලැබෙන්න තියෙන දේවල් ඔයාගේ අත ලගටම ඇවිල්ල හැරිල යන්න පුළුවන්.
බාගෙට කැඩුණු කොසු සහ ඉදල් භාවිතා කරන්න එපා
මේ මගින් ඔබේ ආර්ථිකයට සැලකිය යතු බලපෑම් එකතුවෙනවා. ඒ වගේම අතුගාන කොස්සෙන් මකුළු දැල් කඩන්න හොඳ නැහැ. පුළුවන් තරම් මකුළු දැල් කඩන්න වෙනම කොස්සක් තියා ගන්න. මොකද එහෙම කළොත් කියන කරන කටයුතු අසාර්ථක වෙන්න බලපානවා.
මේ අතර තවත් ගෘහණියන් තම දරුවන්ට තරවටු කිරීම සඳහා කොස්ස යොදා ගන්නවා. ඒක ඉතාමත් අසුබ දෙයක්. තවත් දෙයක් තමයි නිවසේ කුණු බක්කිය. කුණු බක්කිය කිසිම අවස්ථාවක නිවසේ ඉදිරිපිට තියන්න එපා. ඒ මගින් ජීවිතයේ ගැටලු වලින් පිරුණු බව වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. ඒ වගේම තවත් වාස්තු විද්‍යාත්මකව බලපාන දෙයක් තමයි නිවසක ලිප තියලා තියෙන තැන. ඔයාලගේ නිවසේ ලිපක් තිබිලා ඒ භාවිතා නොකරනවා නම් ඒක ඉතාමත් අසුබ දෙයක්. ඒ වගේම නිවසක ඉඳුල්, පිඟන්, සිංක් එක මත දාලා තියෙනවා නම් ඒකත් ඉතාම අසුබ දෙයක්. කුස්සියේ කැඩුනු නල පීඩා තියෙන්න හොඳ නැහැ. එසේම කැඩුනු නල මගින් ජලය නාස්ති වෙනවා නම් ඔයාගේ ආර්ථිකයත් විනාශ වෙන බව වාස්තු විද්‍යාවේම සඳහන් වෙනවා.
නිවසක කැඩුනු ටැප් තිබීම
නිවසක කැඩුනු ටැප් තියෙන්න හොද නැහැ. ඒකත් ඉතාමත් අසුබ දෙයක්. තව සමහර අය කැඩුණු පිගන් වලින් ආහාර ගන්නවා. ඒකත් අසුබ දෙයක්, ඒ මගින් ඔබ දුප්පතෙක් වෙන බව විශ්වාස කරනවා. ඇතැම් අය උයන වළං වලට දාගෙන ඇතිලි වලට දාගෙන ආහාර ගන්නවා. ඒකත් එතරම් හොඳ කාරණයක් නෙවෙයි. ඒ වගේම ආහාර ගන්න විට තැනින් තැන ආහාරයට ගැනීම ඉතාමත් අසුබ දෙයක් විදිහටයි සැලකෙන්නේ.
සමහර අය බත් පිගාන අතින් අරගෙන තැනින් තැන ඇවිදිමින් කෑම කනවා. ඒකත් නොකළ යුතු දෙයක් හැටියට තමයි සදහන් වෙන්නේ. අනිත් එක පාවහන් සමහර අය ගෙදරට එන අයට පාවහන් ගැලවීම සදහා නිවස ඉදිරියේ පොඩි රාක්කයක් තියල තිබෙනවා. ඒකත් ඉතාම අසුබ දෙයක්.
නිවස ඉදිරිපිට ගලවන පාවහන් මුනින් අතට හැරිල තියෙන්න හොද නැහැ
නිවස ඉදිරිපිට ගලවන පාවහන් මුනින් අතට හැරිල තිබීමෙන් පවුලේ සමගියට බාධා ඇතිවීම ආර්ථික ගැටලු සහ මානසික පීඩා ඇතිවීම වෙනවා. පාවහන් දාගෙන නිවස ඇතුළේ ඇවිදීමත් නොකළ යුතු දෙයක්.
නිවස ඇතුළේ රෙදි වැනීම
නිවස ඇතුළේ රෙදි වනන්නත් හොද නැහැ. එය නිවසට ඉතාමත් අසුබ වෙන අතර එමගින් නිවැසියන්ගේ ආත්ම විශ්වාසය දුබල වන බව විශ්වාස කෙරෙනවා.
නිවසේ ඉදිරිපිටට වෙලා කොණ්ඩය පීරීම
නිවසේ ඉදිරිපිටට වෙලා කොණ්ඩය පීරන්නත් හොද නැහැ. එය නිවසට ඉතාමත් අසුබ දෙයක් ලෙස සැලකෙනවා.
කල්ගත වු ආහාර නිවසේ තබා ගැනීම
කල්ගත වු ආහාර නිවසේ තබා ගැනීම ඉතාමත් අසුබයි.එවැනි දේවල් නිවසේ තිබෙනවානම් වහාම ඒවා ඉවත් කරන්න කටයුතු කරන්න.

Comments
Post a Comment