හිස්බඩ මී පැණි හැන්දක් පාරිබෝජනය කළොතින් පමණක් ලැබෙන විශ්මිත සෞඛ්‍ය වාසි


අද අපි කියන්න යන්නේ මී පැණි වලින් අපිට ඇති වාසි කිහිපයක් ගැන, හැබැයි මේ වාසි අත් කරගන්න නම් හොඳම ස්වාභාවික මී පැණි ලබා ගන්න ඕනේ.

වෙළෙඳපොළේ අද වෙනකොට තියෙන්නේ සීනි කලවම් කරපු බාල තත්ත්වයේ මී පැණි නිසාමයි, ඔබ ට මෙතෙන්දී කල්පනාකාරී වෙන්න වෙන්නේ.

බර අඩු කර ගැනීමට..

බර අඩු කර ගන්න මී පැණි ඉතාම හොඳ ප්‍රතිකර්මයක්. රාත්‍රියේ නින්දට යන්නට පෙර මී පැණි හැන්දක් ගැනීම නින්දේදීම ශරීරයේ අමතර මේදය දහනය කරන්න උපකාරී වෙනවා.

උදෑසන මී පැණි හඬක් මිශ්‍ර වතුර වීදුරුවක් පානය කිරීමෙන්ද ඔබට ඔබගේ බර වැඩිවීමේ ගැටලුවෙන් නිදහස් වෙන්න පුළුවන්.

සමට අවශ්‍ය පෝෂණය සැපයීම..

මී පැණි කියන්නේ රූපලාවන්‍යයේ දී නැතුවම බැරි දෙයක්. සමෙහි තෙතමනය රැක දී , සමෙහි සිදුරු විවර කර සම ඇතුළතින් පෝෂණය කරන්න මී පැණි සමත් වෙනවා.

සමෙහි අඳුරු ලප ඉවත් කර ගැනීමට වගේම, ස්වාභාවික විෂබීජ නාශකයක් විදිහට ක්‍රියාකරන නිසා, කුරුලෑ තුවාල සීරීම් වගේම මුහුණේ ඇති තුවාල සුවකර සම දීප්තිමත් කරන්න උපකාරී වෙනවා.

සුවබර නින්දකට මගක්..

මානසික ආතතිය , කාර්යබහුල බව වගේම , නොයෙක් හේතු නිසා දවස අවසානයේ අත්‍යවශ්‍ය වන සුවබර නින්ද ලබා ගන්න ඔබට මී පැණි භාවිතා කරන්න පුළුවන්.
නින්දට යන්න පෙර ඔබ උණුසුම් කිරි වීදුරුවකට මී පැණි හැන්දක් එක්කර පානය කිරීමෙන් ඔබට සුවබර නින්දක් ලබා ගන්න පුළුවන්.

ශ්වසන ශක්තිය වැඩි දියුණු කරයි..

මී පැණි නිතර ආහාරයට ගැනීමෙන්, ශ්වසන පද්ධතිය ආශ්‍රිත කැස්ස වැනි බොහොමයක් රෝග වලින් මිදෙන්න පුළුවන්.

මතකය උද්දීපනය කරයි..

ක්‍රමක් ක්‍රමයෙන් වයසට යනකොට මානසික සුවතාවය පිළිබඳ වැඩි අවධානයක් දෙන්න ඕනේ. මී පැණි වල ප්‍රතිඔක්සිකාරක සහ චිකිත්සක ගුණය මොළයේ ස්නායු පද්ධතිය උද්දීපනය කර මතකය අහිමි කරන සෛල විනාශ කරන්නත් උපකාරී වෙනවා.

තවද, හිසේ හටගන්නා හිස්හොරි මර්ධනය කරන්න වගේම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්නත් මී පැණි යොදා ගන්න පුළුවන්.

ඉතින් ඔයා කවදාවත් හිතුවේ නෑ නේද ?

මෙච්චර ගුණ මී පැණිවල තියෙයි කියලා. දැන් නම් මී පැණි බිඳක්වත් අහක නොදමා මේ ප්‍රයෝජන ලබා ගන්න ඔයාත් වග බලා ගන්න..


 

Redirecting...

You will be redirected in:

60

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා