සෙම සහ සිරුරේ විස නසන නිල් කටරොළු
අපේ රටේ මෑත කාලයේදී ජනප්‍රිය වුණත් වෙනත් රටවල නම් වසර සිය ගණනක සිට ඖෂධයක් ලෙස නිල් කටරොළු භාවිතා වෙනවා. ඉංග්‍රීසි භාෂාවේ Butterfly Pea ලෙස හඳුන්වන මෙය ආයුර්වේද විද්‍යාවේ ඉතා ගුණදායක ඔසුවක් ලෙස සැළකෙනවා.
ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වන මෙමඟින් ලැබෙන සෞඛ්‍යමය ප්රතිලාභ බොහෝයි.
නිල් කටරොළු වල ඇති ගුණ
අවශ්‍ය ද්‍රව්‍ය –
සොදා ගත් නිල් කටරොළු මල් 5 ක් (එක් අයකුට)
සීනී තේ හැන්දක්
ලුණු ස්වල්පයක්
දෙහි ස්වල්පයක්
උතුරන වතුර වීදුරුවකට නිල් කටරොළු මල් දමා මිශ්‍ර කර විනාඩි පහක් දහයක් පමණ තැම්බෙන්න හරින්න. එය නිල් පාට වී තිබෙන අයුරු ඔබට දැක ගත හැකිය. නිල්කටරොළු මල් තැම්බූ වතුර පෙරා එයට සීනි, ලුණු, හා දෙහි ස්වල්පයක් එකතු කර මිශ්‍ර කර ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය –
නිල් කටරොළු මල් 6 – 7
හොඳින් උණු කර ගත් ජලය
මී පැණි තේ හැන්දක්
මුලින්ම නිල් කටරොළු මල් හොඳින් සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසුව උතුරවා ගත් ජලය කෝප්පයකට නිල් කටරොළු මල් එකතු කර විනාඩි කිහිපයක් වසා තබන්න. ඉන්පසු කටරොළු මල් ඉවත් කර හෝ පෙරා මී පැණි එකතු කර පානය කරන්න.
නිල් කටරොළු තේ පානය මගින් සැලසෙන සෞඛ්‍යමය වාසි
අවශ්‍ය ද්‍රව්‍ය –
නිල් කටරොළු යුෂ කෝප්ප 1/2ක්
කැකුළු හාල් කෝප්පයක්
මිටිකිරි කෝප්පයක්
දියකිරි කෝප්ප 4ක්
සුදුලූනු බික් 4-5ක්
ලියාගත් රතුලූනු ගෙඩි 3
ලුණු ස්වල්පයක්
සෝදා ගත් හාල් දියකිරෙන් ලිපේ තබන්න. බත තැම්බුණ පසු එයට සුදු ළුෑනු හා රතු ළුෑනු දමා නැවත මඳ වේලාවක් තැම්බෙන්න තබා පොල්කටු හැන්දෙන් බත පොඩි කර මිටිකිරි හා නිල් කටරොළු යුෂ දමා රස අනුව ලුණු එකතු කරගන්න. මිටිකිරි උතුරන විට ලිපෙන් බාගන්න.
අපේ රටේ බොහෝ ප්‍රදේශවල දකින්නට පුළුවන් වගේම ඉතා පහසුවෙන් සොයාගන්නට පුළුවන් මෙම නිල් කටරොළු ඔබට සෞඛ්‍යමය වාසි ලබා දෙන නිසා මෙය මේ දේවල් ඔබට සකසා ගැනීමට අපහසු නොවේවී
You will be redirected in:
60

Comments
Post a Comment