පරිප්පු කොහොමද කොලෙස්ටරෝල් බස්සන්නේ?


 අපෝ හැමදාම පරිප්පු... වෙන මොකුත් නැද්ද?"

ඔබත් ගෙදරට පරිප්පු ගෙනාවම මෙහෙම කියන කෙනෙක්ද? එහෙනම් දැනගන්න, ඔබ මේ ප්‍රතික්ෂේප කරන්නේ රුපියල් දහස් ගණන් වටිනා කොලෙස්ටරෝල් පෙත්තකට වඩා ප්‍රබල ස්වභාවික ඖෂධයක්.
පරිප්පු කොහොමද කොලෙස්ටරෝල් බස්සන්නේ? (The Fiber Trap) 🕸️
කැනඩාවේ පර්යේෂකයන් කණ්ඩායමක් (Canadian Medical Association Journal) විසින් කරපු පුදුම හිතෙන සොයාගැනීමක් තියෙනවා.
"දිනකට පරිප්පු, කඩල හෝ මෑ ඇට (Legumes) කෝප්පයක් ආහාරයට ගත් අයගේ නරක කොලෙස්ටරෝල් (LDL) මට්ටම සති 6ක් ඇතුළත 5% කින් අඩු වී ඇත."
මේකට හේතුව තමයි මේවායේ තියෙන "දියවන සුළු තන්තු" (Soluble Fiber). මේ තන්තු බඩට ගියාම ජෙලි එකක් වගේ හැදෙනවා. මේ ජෙලි එක, අපි කන කෑම වල තියෙන තෙල් සහ කොලෙස්ටරෝල් "ස්පොන්ජ් එකක් වගේ උරාගෙන" ශරීරයට එකතු වෙන්න නොදී මලපහ හරහා එලියට අරන් යනවා.
ගුණ ලැබෙන්න කන්නේ කොහොමද?
නිකන්ම පරිප්පු හොද්දක් හදනවට වඩා මේ විදියට කන්න පුරුදු වෙන්න:
කඩල (Chickpeas): උදේට තම්බලා පොල් ටිකක් එක්ක කන්න. මේකේ ෆයිබර් ප්‍රතිශතය ඉතාම ඉහළයි.
පරිප්පු (Dhal): තෙල් දාන්නේ නැතුව, කිරි ටිකක් දාලා උයන්න. දවල් බත් එකට අනිවාර්යයෙන්ම එකතු කරගන්න.
කවුපි: රතු කැකුළු බත් එක්ක කවුපි උයලා කන්න.
සල්ලි දීලා බෙහෙත් බොන්න කලින්, කුස්සියේ තියෙන මේ ස්වභාවික "තෙල් දියකරන මැෂින්" එකෙන් වැඩ ගන්න. පරිප්පු වලට අකමැති අයට පේන්න මේක Share කරන්න.

උපුටාගැනීම අන්තර්ජාලයෙන්
Redirecting...

You will be redirected in:

60

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා