නිවස ඉදිරිපිට ඇති ගස් කොඩිවිනයක් කර ගන්න එපා


 වාස්තු විද්‍යානුකූලව නිවසක් ඉදිකර ගත්තද සමහර අයට නිමක් නැති කරදර ගෙනදේ.මෙවැනි අවස්ථාවලදී බොහෝමයක් නිවැසියන් සිතන්නේ තමන්ගෙ දියුණුවට බාධාගෙන දීමට අසල්වැසියන් තමාට කොඩිවින කර ඇති බවයි.

මේ හේතුවෙන් මේවා පසුපස ගොස් මුදල් ද කාලයද ශ්‍රමයද වැය කර අවසානයේ සුසුම් හෙලයි.එහෙත් මෙවායින් වූ සුගතියක් නැත.
අනවින ,කොඩිවින ,භූත දෝෂ ,වාස්තු දෝෂ ,හැරෙන්නට ඔබ විසින් කර ගන්නා දෝෂ ද ඇත.එනම් නිවස අවට හිතුමතේට ගස්වැල් සිටුවා ගැනීමයි.යහාළු මිත්‍රාදීන්ගෙ නිවෙස්වලට යන එන විට විශේෂයෙන් කාන්තාව මිත්‍රකම තහාවුරු කර ගැනීම සදහා මල් පැල හුවමාරු කර ගැනීම ගනිති.එසේම තවත් සමහරු ගෙදර අයගේ උපන් දිනයක් සැමරීම වස් අඹ ජම්බු පේර ආදි ගස් ගෙවත්තේ රෝපණය කර ගනිති.විශේෂයෙන් ගම්බද ප්‍රදේශවල අය සිංහල අවුරුදු සමයේදී වැඩ ඇල්ලීමේ නැකත උපයෝගී කරගෙන කොස් පොල් තැඹිලි ආදී ගස් ද රෝපණය කරයි.මෙම ගස් ඔබේ ගෙවත්තේ ගේ මිදුලේ හිතූ හිතූ තැන රෝපණය කිරීමෙන් ඔබ නොදැනුවත්වම ඔබගේ නිවසට දෝෂ ඇති කර ගනී.
ගෙමිදුලේ මල් පැළද ඉඩමේ ගස් කොලන්ද රෝපණය කලයුතු පැළ හා පැති හා දිසාවන් වාස්තු විද්‍යාවේ පෙන්වා දී තිබේ. ඒ අනුව කිරීමෙන් ඔබට කිසිදු දෝසයක් හෝ අපලයක් ඇති නොවේ එයට පිටුපා වැඩ කිරීමෙන් නොයෙකුත් කරදර බාධක ඇතිවෙ.
ඔබගේ රැකියාව හෝ ඔබ කරන ව්‍යාපාරයේ දියුණුවක් නැද්ද ? බලන්න හොදයි විපරම් කර දිනපතා උදේට ඔබගේ නෙත ගැටෙන ආකාරයට සුදුපාට මල් පිපෙන ගසක් ඔබගේ ප්‍රධාන උළුවස්ස ඉදිරියේ ඇති. ඔබ නිතර නඩුහබ ආදියට පැටලේද බලන්න හොදට ඔබගේ ගෙමිදුල ගැන විපරම් කර උදේට ඔබගේ නෙතට මුලිච්චි වෙන ආකාරයට රතුපාට මල් පිපෙන ගසක් ඇතිද කියා.
ඔබගේ යෙහෙළියන්ගෙන් ගෙන ආ රතු රෝස අත්ත සිටුවා ඇත්තේ නිවස ඉදිරිපිට නම් ඔබට නිමක් නැති සතුරු කරදර ඇති වේ.
රාත්‍රීයේ නින්දෙන් බියවීම ගොම්මන් වේලාවට නිවස තුලට දුර්ඝන්ධයක් හමා ඒම ඔබගේ නිවස තුළ ඇත්නම් එය යක්ෂ ප්‍රේත ආදී භූත දෝසයක් ඔබගේ නිවස තුළ ඇත.මෙවැනි දේ ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ විශාල අතු සහිත නුග බෝ මාර වැනි ගසක් ඔබගේ නිවස ඉදිපස තිබීමයි .මෙය වාස්තුවිද්‍යාවේදී වෘක්ෂ දෝෂ යනුවෙන් හදුන්වයි.
ගෙදර අයට නිතර ලෙඩ රෝග ඇතිවීම අඹුසැමි භේද නිවසට ඇතිවන්නේ නම් ඔබගේ මිදුලේ රත්මල් පඳුරක් ,අන්නාසි පඳුරක් ,අරලිය ගසක් අනිවාර්යයෙන් තිබිය යුතුයැයි පැරණි වාස්තුවිද්‍යා සම්බන්ධයෙන් ලියැවුණු ග්‍රන්ථයන්හි සදහන් වේ .
ඔබගේ කුඩා දුවගේ හෝ පුතාගේ උපන් දිනය සැමරීමට ඔබ අඹ ජම්බු වැනි ගසක් ගෙමිදුලේ රෝපණය කර ගත්තා නොවෙද? මෙයින් ඔබ නොදැනුවත්වම ඔවුන්ට අපල ගෙන දෙන බව ඔබ නොදන්නේද?
මෙවැනි ගස් මිදුලට අලංකාරයක් ගෙන ආවත්,සුබ වූවත්, අඹ ගස්වල ඵල දරන කාලයට පිරිමි දරුවන් මුරණ්ඩු වන බවත් අධික ලෙස ජම්බු ගස්වල ඵල දරන කාලයට ගැහැණු දරුවන්ට අපල ගෙන දෙන බවත් ඔබ දැන සිටියානම් අඹ ජම්බු වැනි ගස් මිදුලේ ඉදිරිපිට සිටුවා ගන්නේ නෑ . ඔබගේ ගෙවත්තේ
ගෙමිදුලේ ගස්වැල් මෙන්ම මල්පැළ සිටුවීමේදී කල්පනාකාරි වන්න.
නිවසේ වාස්තු දෝෂ නැතත් ඔබ සිටුවන ගස්වැල් මල්පැළ ආදිය ඔබට නොදැනුවත්වම දෝෂ ඇති කරයි.මෙයින් බේරී කටයුතු කිරීමට වගබලා ගන්න .
ඔබගේ ගෙමිදුල ආසන්නයේ සිටුවීමට අශුභ ගස් වනුයේ :
කිරි සහිත ගස්.... කටු සහිත ගස්.... ඵල හට ගන්නා ගස්.
මෙයින් ඇතිවන ඵල විපාක ලෙස
කිරි සහිත ගස් - ධන හානිය
කටු සහිත ගස් - සතුරු බිය
ඵල හටගන්නා ගස් - දරුවන්ට අපල යනුවෙන් පැරැණි වාස්තුවිද්‍යා පතපොතේ සදහන් වේ .
මෙවැනි ගස් නිවස ආසන්නයේ ඇත්නම් ඒවා කපා ඉවත් දැමිය යුතුය.එවැනි ගස්වල ලී දඬු නිවස තුළට ගැනීමද අශුභ බව වාස්තුවිද්‍යාවෙ සදහන් වේ .ඒ වෙනුවට ඒ තැන්වල දොඹ,හෝපලු ,කොහොඹ ,මූණමල් , වැනි ගස් රෝපණය කිරීමෙන් ඒ තුළින් ඇති වී තිබෙන දොස් දුරුවන බව වැඩි දුරටත් සදහන් වේ .
ඕනෑම තැනක සිටුවීමට සුදුසු ගස් වර්ග :
දොඹ,කොහොඹ,දෙළුම් ,සාදික්කා,මූනමල් ,මිදි සඳුන්,වදකහා ,මී,බෙලි, පොල්.
ගෙවත්තේ ඒ ඒ දිසාවන්ට සුදුසු ගස් වර්ග :
උතුර -පුලිල,දිවුල්
ඊසාන -නෙල්ලී
නැගෙනහිර -නුග
ගිණිකොණ - දෙලුම්
දකුණ- අට්ටික්කා
නිරිත -සියඹලා
බස්නාහිර -ඇසතු (බෝ)
වයඹ-බෙලි
දකුණ නිරිත අතර -ජම්බු
ඊසාන නැගෙනහිර අතර - අඹ,කොස්
නිවස ආසන්නයේ - සපු,පළොල්,දෑසමන් ,වැටකේ
( දැන් මේ ලිපිය කියවපු ගමන් හුගක් අයට ඇතිවෙන ප්‍රශ්නයක් තමා නාගරික පර්චස් 5,7, 10 වැනි ප්‍රමාණයේ ඉඩමක වවන්න හොද සුබ ගස්වැල් මොනවද කියලා ..... මේ සදහන් කලේ මගෙ ආතා සතුව තිබුන වාස්තුවිද්‍යා පොතක අඩංගු කරුණු ඔබේ දැනගැනීම පිණිස මිස එහි සදහන් හැමදේම 100%ක් පිළිපැදිය යුතුයි යන අදහසින් නොවන බව ඉඳුරාම පැවසිය යුතුයි .පිළිගැනීම හෝ පිළිපැදීම පාඨක ඔබ සතුයි .)
Redirecting...

You will be redirected in:

60

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා