ශරීරයේ තැන්පත් වී ඇති සියලුම විෂ දවසෙන් යටි පතුල් දෙකෙන් ඉවත් කරගන්න පුළුවන් විශ්මිත ක්‍රමයක් මෙන්න
අප එදිනෙදා ගන්නා ඇතැම් ආහාර වර්ග වගේම නිරාවරණය වන පරිසර තත්ත්ව නිසාත් අපගේ ශරීරයේ සිදුවන විවිධ අභ්‍යන්තර ක්‍රියාවලි සිදුවීම මගිනුත් අපේ ශරීරය තුල විවිධාකාර වූ විෂ ද්‍රව්‍ය රැදීම සිදුවෙනවා.ඉතින් මෙවැනි විෂ ද්‍රව්‍ය ආහාර පාලනය කිරීම මගින් හෝ ඖෂධ ලබා ගැනීම මගින් ශරීරයෙන් බැහැර කර ගැනීම තරමක් දුරට අපහසු දෙයක්. නමුත් අද අපි ඔයාලට කියන්න යන්නේ එසේ එකතු වී ඇති විෂ ආහාර පාලනයෙන් තොරව පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන් විදිහක් ගැනයි.
ේ ක්රමයේ විශේෂත්වය වන්නේ අපි මේක කරන්නේ අපේ යටි පාදවලට නැත්නම් කකුල් වල යටි පැත්තට වීමයි. ඒ වගේම මෙම ක්‍රමය ලෝක පුරා බොහෝ දෙනෙක් අත්දහා බලලා තියෙනවා වගේම මේ මගින් සාර්ථක ප්‍රතිඵල අත් කරගෙනත් තිබෙනවා.
අපි දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා. අපි මේකට භාවිතා කරන්නේ 'food detox pads' කියන දේ. මේ ක්‍රමයේදී උණබට ශාකයෙන් හා වෙනත් විද්‍ය ශාක මගින් ලබා ගන්නා යුෂ භාවිතයෙන් දෙපයින් ශරීරයේ ඇති විස ඉවත් කෙරෙනවා. මෙම මිශ්‍රණය වෙළඳපොළේ ඖෂධ මිලදී ගන්නා ස්ථානවලින් වගේම කාගීල්ස්, ස්කීල්ස් වැනි සුපිරි වෙළඳසැල්වලිනුත් ඔයාලට පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. මෙම ක්රමයෙහිදී සරල බව හා අතුරු ආබාධ රහිත බව මෙම ක්‍රමය ප්‍රචලිත වීමට බෙහෙවින්ම බලපා තිබෙනවා. මෙහිදී අපිට කරන්න තියෙන්නේ මෙම ද්‍රාවණය සහිත ප්ලාස්ටරයක් ගෙන රාත්‍රියේ නින්දට යාමට පෙර කකුලේ යටිපතුලට තබා තද කිරීම පමණයි. එහිදී ප්ලාස්ටරයේ ඇලෙන සුළු බව නිසා ප්ලාස්ටරය පහසුවෙන්ම යටිපතුලේ ඇලී තිබෙනවා. පසුදින අවදිවීමෙන් පසු ප්ලාස්ටරය ඉවත් කිරීම පමණයි ඔබට කරන්න තිබෙන්නේ. ඒ මගින් පසුදින වඩාත් සාර්ථක ප්‍රතිඵල සහිතව අවදි වීමට පුළුවන් වෙනවා. දෙපයට යෙදූ ප්ලාස්ටරය ඉවත් කිරීමේදී එය අඳුරු පැහැගැන්වී තිබෙනවා දැකගන්න පුළුවන්. එයට හේතුව වන්නේ ශරීරයේ විෂද්‍රව්‍ය ඉවත් වී ප්ලාස්ටරය මතට එක්රැස් වීමයි.
බොහෝ විට ශරීරයේ මෙම විෂද්‍රව්‍ය තැන්පත් වීමට හේතූ වෙන්නේ අපගේ අයහපත් ආහාර පුරුදු හා අයහපත් ජීවන රටාවයි. ක්ෂණික ආහාර මෙන්ම වෙළද පොළේ ඇති සැකසූ ආහාර පරිභෝජනයත් මේ සදහා වඩාත් බලපානවා. තවද මේ සදහා ඔබ නිරාවරණය වෙන පරිසර තත්ත්වයන්ද බොහෝ ලෙසින් දායක වෙනවා. අපි හුස්ම ගනිද්දී එන දූෂිත වාතයෙන් පවා අපගේ ශරීරයේ විෂ ද්‍රව්‍ය එකතුවෙන්න පුළුවන්. ඒ නිසා නිවැරදී ආහාර සහ ජීවන රටාවන් මගින් ඔබගේ ජීවිතය නීරෝගීවත් ආකාරයට පවත්වා ගන්න ඔබට හැකියාව ලැබෙනවා.
You will be redirected in:
60




Comments
Post a Comment