ශරීරයේ ලෙඩක් තිබෙන බවට ඔබට ඉගි කරන ලක්ෂණ


පුද්ගලයෙකුගේ දෑත් සහ ඇඟිලි කියන්නේ ඔවුන්ගේ පෞර්ෂත්වයට ප්‍රධාන වශයෙන් ම බලපාන ශරීරයේ කොටසක්. ඉතින් අපි හැම තිස්සෙම නිරෝගිමත් ලස්සන දෑත් යුගලක් පවත්වා ගන්න තමයි උත්සාහ කරන්නේ. ඔබ ඔබේ දෑත් කෙරෙහි වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ කුමක් සඳහා ද ? ඇත්තෙන්ම ගොඩක් අය තමන්ගේ දෑත් වල සම සහ නියපොතු ලස්සනට තියාගන්න බොහෝ උත්සාහ කරනවා. ඔයාලා නොදන්න කාරණාවක් තමයි ඔබේ දෑත් , ඇඟිලි සහ නියපොතු වලින් පිළිකා ඇතුළු සැඟවුණු රෝග බොහෝමයක පෙර නිමිති පෙන්නුම් කරනවා කියන එක.නමුත් ඔබේ අත් සහ නිය පොතු මගින් ඔබේම ශරීර සෞඛ්‍ය පිළිබඳ පුදුම සහගත රහස් රාශියක් හෙළි කරනවා.

අපේ ශරීරයේ ඇති වන බොහෝමයක් ලෙඩ වල ආරම්භයට පෙර ඒ පිළිබඳව අපේ නියපොතු සහ ඇඟිලි මගින් ඉඟි ලබා දීමක් සිදු කරනවා. රාජකීය වෛද්‍ය සංගමයේ නවතම සොයා ගන්නා ලද වාර්තාවකට අනුව කාන්තාවන්ගේ දෑත් ඩිම්බ කෝෂ පිලිකාවක් පිළිබඳව තොරතුරු හැඟවීමේ අපූරු සලකුණක් වෙලා තියෙනවා.

ඔබ කිසියම් රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරයකු හමුවට යන සෑම අවස්ථාවකදීම වෛද්‍යවරු ඔබගේ දෑත් පරීක්ෂා කිරීමට ලක් කරන්නේ ඇයි දැයි ඔබ මීට පෙර අවධානය යොමුකලා නැතුව ඇති නේද. නමුත් ඔබ දැන් දැනුවත් ඇති එලෙස සිදු කිරීමට හේතුව මොකක්ද කියලා. එලෙස දෑත් පරීක්ෂාවෙන් වෛද්‍යවරයෙකුට ඔබගේ අක්මාවේ සෞඛ්‍ය තත්වය පවා හෙලි කර ගත හැකි බව ඔබ නොදන්නවා ඇති.
ඔබගේ ඇඟිලි සහ නියපොතු වල පෙනුම ඒ වාගේ කිසි යම් ආකාරයකින් වෙනසකට ලක් වී ඇත් නම් ඒක ඔයාට ඔයාගේ සෞඛ්‍ය තත්වය ගැන අවධානය යොමු කරන්න සලකුණක් වෙනවා. ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ තමා ළඟට පැමිණෙන රෝගීන් ගේ රෝග ලක්ෂණ විනිශ්චය කිරීමට පෙර ඔවුන්ගේ ඇඟිලි සහ නියපොතු වලට මුලින්ම අවධානය යොමු කරනවා කියලා. මොකද ශරීරයේ අභ්‍යන්තරය ක්‍රියාකාරීත්වය පුද්ගලයෙකු ගේ නියපොතු වලින් පෙන්නුම් කරන නිසා.
1.නිල් හෝ සුදු පැහැති ඇඟිලි
මෙය සාමාන්‍යයෙන් අපේ ශරීරයේ දුර්වල රුධිර සංසරණ තත්ත්වයක් පවතින බවට ඉඟි කරන ප්‍රධාන ලක්ෂණයක් වෙනවා. කුඩා රුධිර නාල සංවේදී වීම සහ ශරීර උෂ්ණත්වය වෙනස් වීම ආදී කරුණු වල දී මෙලෙස ඇඟිලි වල සාමාන්‍ය වර්ණයෙහි වෙනසක් සිදුවෙන්න පුළුවන්. බොහෝ විට මෙය ඔබට හානිකර තත්ත්වයක් නො වුවත් ඇඟිලි සුදු , නිල් හෝ රතු පැහැයක් ගැනීම වගේම හිරි වැටීම වැනි කාරණා වලින් ඇතැම් විට ඔබ වේදනා ලබන පුද්ගලයකු වන්නට පුළුවන්. මෙම තත්ත්වය වඩාත් උත්සන්න අවස්ථා වලදී ඇඟිලි තුඩු නිල් පැහැයක් ගැනීම කියන්නේ අපේ ශරීරයේ ඔක්සිජන් මට්ටම අඩු වී ඇති බව පෙන්නුම් කරන ප්‍රධාන ලක්ෂණයක් වෙනවා.

මෙවැනි තත්ත්වයක් සමඟ ඔබට උණ වැනි රෝග ලක්ෂණයක් මතු වුනොත් ඒක නිව්මෝනියාව වැනි රෝග තත්ත්වක් ඇතිවීමට ඔබට ඉඟි කරන සංඥාවක් වෙන්නත් පුළුවන්. සමහර විට මේ ඇඟිලි තුඩු වල වර්ණය වෙනස් වීම ඔයාලා ව්‍යායාම කිරීමෙන් පසුව සිදු වන තත්වයක් නම් එය කෙටිකාලීන නොවූවත් දිගු කාලීනව අපේ පෙනහළු වල කිසියම් රෝග තත්ත්වයක් ඇතිවීමට හැකි බවට අනතුරු හඟවන සංඥාවක් වෙන්නට ඉඩ තියෙනවා. ඉතින් ඔබේ නියපොතු ඇඟිලි තුඩු වල මෙවැනි වර්ණය වෙනස් වීමක් සිදුවනවා නම් ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමු වී ඉක්මනින්ම උපදෙස් ලබා ගැනීම තමයි නුවණට හුරු වන්නේ..
2.නියපොතු වල තිරස් වැටි
ඇතැම් විට ඔබේ නියපොතු හරහා නිරන්තරයෙන් තිරස් වැටි හෝ රේඛාවන් වල සලකුණු ඔබට දැක ගැනීමට ලැබිලා ඇති. ඉතිං ඔබත් ඔබේ නියපොතු වල මෙවැනි තිරස් රේඛා දැකගන්න පුළුවන් ද කියලා නිරීක්ෂණය කරලා බලන්න. ගොඩක් දුරට මෙම තත්ත්වය ඔබ බරපතළ රෝගයකින් සුවය ලබා ඇති බවට ඉඟි කරන සංඥාවක් වෙන්නත් පුළුවන්. හැබැයි ශරීරය බරපතළ රෝගයකට එරෙහිව සටන් කරනවා නම් පුද්ගලයෙකුගේ නියපොතු වර්ධනය වීම අඩාල කරනවා. ඔබේ නියපොතු වර්ධනයෙත් ගැටලුකාරී තත්ත්ව ඇත්නම් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්න.
3. සුදුමැලි නිය පොතු
සාමාන්‍ය පුද්ගලයෙකුගේ නියපොතු අතින් කිසියම් පීඩනයක් ඇති කර තද කළ විට ඒවා සුදු පැහැයට හැරෙනවා. නැවත අපි පීඩනය මුදා හැරීමෙන් පසුව එය රතු පැහැයට හැරෙන ඕනේ. නමුත් ඔබේ නියපොතු නිරන්තරයෙන් ම සුදු පැහැති හෝ සුදුමැලි භාවයක් පෙන්නුම් කරනවා නම් ඒක ඔබේ ශරීරයේ ලෙඩින් කියලා කියන්න ඉදිරිපත් කරන සංඥාවක් වෙන්න උඩ තියෙනවා. ඔබේ ශරීරයේ යකඩ ඌනතාවය , රක්තහීනතාවය වැනි රෝග තිබෙන බවට සංඥාවක් වෙන්නද පුළුවන්. ඒ කියන්නේ ඔබේ ශරීරයේ සංසරණය වීම සඳහා ප්‍රමාණවත් රතු රුධිරාණු සෛල නොමැති බවයි. මෙවැනි තත්වයකදී ඔබ ප්‍රතිකාර නොකල හොත් ඔබේ ශරීරයේ දැඩි යකඩ ඌනතාවයක් වගේම තෙහෙට්ටුව , කරකැවිල්ල වගේ රෝගී තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.
4.අඳුරු පැහැති නියපොතු
ඇතැම් විට අපි බොහෝ විට දකින දෙයක් තමයි මේ පුද්ගලයන්ගේ නියපොතු අඳුරු පැහැයකින් යුක්ත වීම කියන්නේ. ඇතැම් පුද්ගලයන්ගේ නියපොතු දුඹුරු හෝ කළු පැහැයට හැරී තිබෙනවා. ඉතින් ඔබේ නියපොතු දෙසත් විමසිල්ලෙන් බලන්න ඇතැම් විට අඳුරු පැහැයෙන් හෝ අඳුරු පැහැති ඉරි වලින් යුක්ත වෙන්න පුළුවන්. ඇත්තෙන්ම මෙය නම් ටිකක් භයානක තත්ත්වයක්. මොකද ඔබේ සමේ පිළිකා ඇති බවට ඉගි කෙරෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි මේක. ඉතින් ඔබේ නියපොතු වලත් මෙවැනි ලක්ෂණ දකින්න පුළුවන් නම් වහාම ඔබේ පවුලේ වෛද්‍යවරයා හමු වී රෝග ලක්ෂණ විනිශ්චය කර උපදෙස් ලබාගැනීම තමයි වඩාත් සුදුසු වෙන්නේ.

5.නිතරම වෙව්ලන දෑත්
ඔබේ දෑත් වල ඇතැම් විට ඇතිවෙන තාවකාලික වෙව්ලීම යම් පුද්ගලයෙකු අධික කාංසාව කින් පෙළෙනවා නම් හෝ ඇතැම් ඖෂධ හෝ විෂ නාශක වැනි ද්‍රව්‍යයන් වල බලපෑමක් වෙනවා. නමුත් ඔබට නිතර නිතරම පැහැදිලි කළ නොහැකි අයුරින් මෙම තත්ත්වය ඇති වෙනවා නම් ඔබේ වෛද්‍යවරයා හමුවීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. මොකද නිරන්තරයෙන් ඇතිවන මෙවැනි රෝග ලක්ෂණයක් ඔබේ ආයු කාලය කෙටි කරන ස්නායු ආබාධයක් ඇති කරන බවට පූර්ව ලක්ෂණයක් වෙන්න පුළුවන්. නැතිනම් මෙම දෑත් වෙව්ලීමේ රෝග ලක්ෂණය පාකින්සන් නම් රෝගයේ අනතුරු ඇඟවීමේ ලකුණක් වෙන්නට ඉඩ තියෙනවා.

6.තද රතු පැහැති ඇඟිලි

ඔබේ ඇඟිලි වල රතු පැහැති පැල්ලම් හෝ අත් අල්ල රතු වර්ණයෙන් යුක්ත වෙනවා නම් එය ඔබේ ශරීරයේ ලෙඩින් බව ඉඟි කරන තවත් සංඥාවක්. විශේෂයෙන්ම මෙන් ලක්ෂණයක් අක්මාව සම්බන්ධ රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන් . ප්‍රධාන වශයෙන්ම සිරෝසීස් සහ මේද අක්මා රෝග වල මෙවැනි ලක්ෂණ පෙන්නුම් කරනවා. ඔබේ අක්මාවේ ඇතිවන දැවිල්ල හෝ දැවෙන සුළු ස්වභාවය එහි නිසි ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට හේතුවක් වෙනවා. ඒ වගේම තමයි හෝමෝන සංසරණය වීමටද ලොකු බාධාවක් ඇති කරනවා. මේ හේතුවෙන් ඔබගේ අත් වල ඇති වෙන අබලන් වූ රුධිර නාළ නිසාවෙන් ඔබේ දෑත් රතු පැහැති පැල්ලම් වලින් යුක්ත වෙන්න පුළුවන්.

7.ඉදිමුණු ස්වභාවයෙන් යුත් ඇඟිලි
ඇඟිලි වල ඉදිමුණු ස්වභාවයක් ඇතිවීම තරමක් හානි නොවන ආකාරයේ රෝග ලක්ෂණයක් වුවත් එය පැහැදිලිවම අපිට මෙවැනි රෝගයක ලක්ෂණයක් යැයි හඳුනා ගැනීමට නම් ටිකක් අපහසුයි. මොකද මේ ඇඟිලි ඉදිමීම කියන්නේ හේතු ගණනාවක ප්‍රතිඵලයක් වෙන්නට පුළුවන් නිසා. දෑත් වල සිදුවන මෘදු විජලන ස්වභාවය සහ ඔබේ ආහාර වේලෙහි අඩංගු වන අධික ලුණු ප්‍රමාණය ද මෙයට හේතුවක් වෙන්නට පුළුවන්. එමෙන් ම තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති වන යම් ක්‍රියාකාරිත්වයක ප්‍රතිඵලයක් වෙන්නටද පුළුවන්. කෙසේ වෙතත් ඔබ මේ ඉදිමුණු ඇඟිලි වලින් පීඩා විඳින පුද්ගලයෙක් නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා යොමු වෙන්න ඕනේ.

8.නිතරම දහඩිය දැමීම
ඔබත් නිතරම දෑත් වලට අධික දහඩිය දැමීමෙන් පීඩා විඳිනවා ද ? ඉතින් මේ විදිහට නිතරම දෑත් දහඩියෙන් තෙත් වෙනවා නම් එය ශරීරයේ සිදුවන සාමාන්‍ය ක්‍රියාකාරකම් නිසා නොව ඇතැම් විට රෝග ලක්ෂණයක් ද වෙන්න පුළුවන්. ආතතිය සහ අධික ලෙස ක්‍රියා කරන තයිරොයිඩ් ග්‍රන්ථය ඔබගේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කිරීමට හේතුවක් වෙනවා. ඒ වගේම තමයි දැඩි තාපයක් සහ අමතර කැලරි දහනය වීම නිසා මෙම අධික දහඩිය දැමීම දෑත් වල සිදු වෙන්නට පුළුවන්. නමුත් ගැටළුවක් වන්නේ දහඩිය දැමී නිතරම ඔබට පීඩාකාරී ලෙස සිදුවෙනවා නම් තමා. ඉතින් ඔබගේ දෑත් වලත් මෙවැනි ලක්ෂණ පෙන්නුම් කරනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.

9.කන පැහැති නියපොතු
ඔබගේ නිය පොතු කොළ හෝ කහ පැහැති ස්වභාවයෙන් යුක්ත වෙනවා නම් එය දිලීර තත්වයක ප්‍රතිඵලයක් වෙන්නට පුළුවන්. ඇතැම් විටෙක කහ පැහැති වර්ණයක් ඇති වීම කැරට් , අර්තාපල් වැනි වර්ණක කැරොටීන් වලින් සපිරුණු එළවළු වලින් පොහොසත් ආහාර වේලක් ඔබ ලබා ගන්නා බවට සලකුණක් වෙන්නත් පුළුවන්. නමුත් මෙම නිය පොතු වල දිලීර ආසාදන නිතරම සිදුවෙනවා නම් එය දියවැඩියා රෝගය ඇති විය හැකි බවට සංඥා කරන මූලික රෝග ලක්ෂණයක් වෙනවා. පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සහ සංසරණ පද්ධතියේ පවතින බැක්ටීරියා වර්ග සහ දිලීර වර්ධනය වීම කියන්නේ නම් එය බොහෝ විට දියවැඩියා රෝගියෙකු තුළ ඇතිවන ශරීරය ක්‍රියාකාරකම් අතරින් කිහිපයක්. ඉතින් ඔබේ නියපොතු මෙවැනි පැහැයකින් යුක්ත වෙනව නම් ඔබේ රුධිරයේ සීනි මට්ටම පරික්ෂා කර බැලීම සහ දිලීර නාශක ප්‍රතිකාරයන් සඳහා යොමුවීමට ඔබගේ පවුලේ වෛද්‍යවරයා මුණ ගැසිය යුතු වෙනවා.
10. මේද ගැටිති ඇතිවීම
ඇඟිලි වල පවතින සාමාන්‍ය ගැටිති වලට වඩා තද රළු ස්වභාවයකින් යුක්ත කහ පැහැති ගැටිති ඇතැම් විට මාරාන්තික රෝගයක පූර්ව ලක්ෂණයක් වෙන්න පුළුවන්. කොලෙස්ටරෝල් රෝගී තත්වයෙන් පසුවන පුද්ගලයෙකු තමන්ගේ දෑත් තද කල විට කොලෙස්ටරෝල් තැම්පත් වූ ගැටිති පිටතට නෙරා ඒම සිදුවෙනවා.මෙවැනි තත්ත්වයකදී ප්‍රතිකාර කිරීම සිදු නොකළ හොත් එය හෘදයාබාධයකින් මිය යා හැකි තරම් ප්‍රබල හේතුවක් බවට පත්වෙනවා. එවැනි රෝග ලක්ෂණ දක්නට ලැබෙනවා කියන්නේ එම රෝගියා තුළ අධික කොලස්ටරෝල් මට්ටමක් පවතින බවයි. පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා පුද්ගලයන් 200 දෙනෙකුගෙන් 1 ක් අයෙකු මෙම රෝගයෙන් පීඩා විඳිනවා කියලා. එබැවින් ඔබේ දෑත් වලත් මෙවැනි ගැටිති තිබේ දැයි ඔබ නිරීක්ෂණය කරන්න. මෙවැනි ලක්ෂණ ඔබේ දෑත වලත් දක්නට ලැබෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
ඉතින් ඔබ නොදැනුවත්ව සිටි බොහෝමයක් රෝග වල මුලික ලක්ෂණ ඔබේ දෑත් වලින් හඳුනාගන්න පුළුවන් කියලා අද ඔබ දැනුවත් වෙන්න ඇති. ඒ වගේම එම ලක්ෂණයන් වලින් හෙලිවන රෝග ගැනත් දැනුවත් වෙන්න ඇති. ඉදිරියේදී මෙවැනි රෝග ලක්ෂණ ඔබ විසින් ම හඳුනාගෙන වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරනවා නම් ඔබ මෙම වීඩියෝවෙන් ඔබ ලොකු දැනුමක් ලබාගෙන තියෙනවා කියලා අපි හිතනවා.
හෙළ යක්ඛ‍යන්ගේ අඩවිය
උපුටාගැනිමක් .
Redirecting...

You will be redirected in:

60

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා