වාස්තු දෝෂ නැති කර නිවසේ මුදල් මවන ලුණු කැට රහස


ලුණු කිව්වාම ඔයාට මතක්වෙන්නේ ආහාර සදහා නැතුවම බැරි රසකාරකයක් වෙන්න පුළුවන්. නමුත් වාස්තු විද්‍යාවට අනූව ලුණු වලට ඔබගේ දියුණුව වැඩි කරන්න හෝ නැති කරන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවාද ? 

එහෙනම් අපි බලමු ලුණු කොහොමද ඔයාගේ දියුණුව සදහා බලපාන්නේ කියලා. 

ඔයාගේ ගෙදර තියෙන ලුණු භාජනය නිතරම අතේ දුරින් තබා ගන්න උත්සාහ කරන්න. එහෙම උනොත් ඔබේ අතේ හැමදාම මුදල් රැදෙන බව වාස්තු විද්‍යාවේ සදහන් වෙනවා. ඒ වගේම ලුණු ගන්නකොට කවදාවත්ම අතින් ගන්න එපා. එහෙම උනොත් පවුල් ආරවුල් සහ ආර්ථික ගැටලු ඇතිවෙන්න පුළුවන්. 

කවදාවත් ලිප ළගනම් තියන්න එපා. ඒ වගේම කවුරු හරි ඇහුවොත් ගෙදර ලුණු තියෙනවාද කියලා කවදාවත් නැහැ කියන්න නම් එපා. තියෙන විදිහට පොඩ්ඩක් හරි දෙන්න. නැත්නම් එය අසුභ කාරණයක් ලෙස සැලකෙනවා. 

කවදාවත් ප්ලාස්ටික් බදුන් වල ලුණු තියන්න එපා. ඒ වගේම කවදාවත් ලුණු භාජනය හිස් වෙන්න ඉඩ දෙන්නත් එපා. ඒ වගේ ඔබ නොසිතූ ලෙසින් බිම වැටී හෝ ලුණු භාජනය බිදී ගියොත් ඒක අසුබ කාරණයක් ලෙසයි සැලකෙන්නේ. වැරදිලා හෝ එහෙම දෙයක් උනොත් වහාම ඒ වැටුණු ලුණු වලින් ස්වල්පයක් ගෙන වම් උරහිස උඩින් පිටුපසට විසි කරන්න. 

ඒ වගේම යම් හෙයකින් ඔබගේ අතින් ලුණු හැලුනොත් එහි තේරුම වෙන්නේ ඔබට ලගදීම අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න සිදුවෙනවා කියලා. එහෙමත් නැත්නම් ඔබ වෙත බූත බලපෑමක් තියෙනවා කියන එක. 

ඒ වගේම ඔබේ මුදල් පසුම්බියට ලුණු ස්වල්පයක් දමා තියා ගන්න. කුඩා පත්තර කෑල්ලක ලුණු ඔතා මුදල් පසුම්බියේ භාවිතයට නොගන්නා සාක්කුවක දමා තිබීමෙන් ඔබේ මුදල් පසුම්බියට මුදල් ආකර්ෂණය වෙන බවයි පැවසෙන්නේ.

Redirecting...

You will be redirected in:

60

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා