ෆ්‍රිජ් එකේ දොරේ පත්තර කොලයක් ගහන්න..හේතුව ඇහුවොත් පුදුම හිතෙයි
අපි ෆෑන් එකක් දාන්නෙත් බයෙන්, ලයිට් එකක් පත්තු කරන්නෙත් බයෙන්. ඒත් ඔබ දන්නවාද? ඔබේ ගෙදර විදුලිය වැඩිපුරම කන යන්ත්‍රය දවසේ පැය 24 ම වැඩ!
ඒ තමයි ශීතකරණය (Fridge).
හැබැයි ෆ්‍රිජ් එකේ කරන්ට් එක වැඩි වෙන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ අපි නොහිතන පුංචි දෙයක්. ඒ තමයි ෆ්‍රිජ් එකේ දොර වටේට තියෙන "රබර් බීඩිං එක" (Gasket / Rubber Seal).
මේ රබර් එක බුරුල් වෙලා නම්, ඇතුලේ තියෙන සීතල එළියට යනවා. එතකොට ඒ සීතල ආපහු හදාගන්න ෆ්‍රිජ් එකේ මෝටරය එක දිගටම වැඩ කරනවා. ඔබේ ලයිට් බිල අහස උසට නගින්නේ අන්න එතකොටයි.
මේක චෙක් කරගන්න සත 50ක්වත් වියදම් වෙන්නේ නෑ.
මෙන්න ක්‍රමය:
A4 කොළේ ටෙස්ට් එක" (The Paper Test)
සාමාන්‍ය A4 කොළයක් (හෝ පත්තර පිටුවක්) ගන්න
ෆ්‍රිජ් එකේ දොර ඇරලා, මේ කොළයෙන් භාගයක් ඇතුළටත්, භාගයක් එළියටත් හිටින සේ තබා දොර වහන්න.
දැන් ඒ කොළය එළියට අදින්න උත්සාහ කරන්න.
කොළය තදට හිරවෙලා නම්, අදින්න අමාරු නම්: බය වෙන්න එපා, ඔබේ ෆ්‍රිජ් එකේ සීල් එක හොඳයි.
කොළය ලේසියෙන්ම ලිස්සලා එළියට එනවා නම්: පරිස්සම් වන්න! ඔබේ සල්ලි ටික ඒ හිඩැසෙන් එළියට යනවා.
මොකද්ද විසඳුම?
ගොඩක් වෙලාවට මේ රබර් එකේ කුණු බැඳිලා හෝ තද ගතියක් (Stiff) ඇවිල්ලා තමයි මෙහෙම වෙන්නේ.
මඳ උණුසුම් වතුරට සබන් දාලා රෙදි කෑල්ලකින් ඒ රබර් එක හොඳට පිහිදාලා සුද්ද කරන්න.
ඊට පස්සේ වේලිච්ච රෙද්දකින් පිහිදාලා දොර වහන්න.
මේ පුංචි දේ කරලා බලන්න. ලබන මාසේ ලයිට් බිල එද්දි ඔබට ලොකු වෙනසක් දැනෙයි
උපුටාගැනීම මුහුණු පොත ඇසුරෙන්
You will be redirected in:
60

Comments
Post a Comment