කැත විදිහට ඉස්සහර ඇවිල්ලා තියෙන බඩ කෙටි කාලයකදීම අඩු කරගන්න පුළුවන් විශ්මිත ප්‍රතිකර්ම


 සිරුර හැඩටත් ලස්සනටත් තබාගන්න පෙරුම් පුරන කාන්තාවන් බහුතරයක් කරන චෝදනාවක් තමයි උදරය ඉදිරියට නෙරා ඒම. වයසින් වැඩි වීමත් සමඟ මේ තත්වය බහුල වෙලා තියෙනවා. තරබාරුව මෙයට ප්‍රධාන හේතුවක්. සිරුරේ වන අතිරේක මේද ප්‍රතිශතය මෙලෙස උදර පටක වල තැන්පත් වීම කාන්තා සිරුරේ සුන්දරත්වට වින කරනවා විතරක් නෙවෙයි එය අනාගතයේ ඇති විය හැකි බෝ නොවන ලෙඩ රෝග ගණනාවකට කරන අත වැනීමක්. ඔබත් ඉදිරියට නෙරා එන උදරය අඩු කරගන්න වෑයම් කරන කාන්තාවක් නම් මේ කියන සරල පියවර අනුගමනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙන බව සිකුරුයි.

🔴 කැලරි හා පිෂ්ඨය සහිත ආහාර හැකිතාක් අඩු කරන්න.
ශරීර බර අඩු කර ගැනීමට සිරුරට ලබා ගන්නා කැලරි ප්‍රමාණය අඩු කළ යුතුයි. කියන කාරණය අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ලබාගන්නා කැලරි ප්‍රමාණය ශක්තිය ලෙස වැයවන ප්‍රතිශතයට වඩා වැඩි නම්, එම අතිරේක කැලරි මේදය ලෙස උදරය ඇතුළු සිරුරේ වෙනත් ස්ථාන වල තැන්පත්වීම තමයි ස්ථූලතාවයට හේතු වන්නේ. කැලරි ප්‍රතිශතය වැඩි පිෂ්ඨය එහෙම නැතිනම් කාබෝහයිඩ්‍රේට් බහුලව අඩංගු ආහාර හැකිතාක් සීමා කොට ඒ වෙනුවට නිවුඩ්ඩ සහිත ධාන්‍ය වර්ග ආහාරයට එකතුකර ගන්න පුලුවන් නම් උදරය විතරක් නෙවෙයි අධිබරත් පාලනය කරගන්න පුළුවන්.
🔴 ජලයේ ද්‍රාව්‍ය කෙඳි සහිත ආහාර වැඩියෙන් බෙදාගන්න.
ජලයේ දියවන කෙඳි සහිත ආහාර වලට පුළුවන් ජලය වැඩිපුර අවශෝෂණය කරගෙන, ආහාර ජීර්ණ පද්ධතිය ඔස්සේ ආහාර ගමන් කිරීම ප්‍රමාද කරවන්න. මේ නිසා ආමාශය හිස් වීමට වැඩි කාලයක් ගතවෙන නිසා ඔබට එක් ආහාර වේලකින් පසු සෑහෙන වෙලාවක් යනතුරු නැවත ආහාර ගැනීමේ අවශ්‍යතාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ජලයේ ද්‍රාව්‍ය කෙඳි සහිත රනිල කුලයේ භෝග, ඕට්ස්, අලිගැටපේර වැනි ආහාර වලට පුළුවන් වෙනත් ආහාර වලින් ශරීරයට අවශෝෂණය කරගන්නා කැලරි ප්‍රමාණයත් අඩු කරන්න. දවසකට ලබා ගන්නා කෙඳිති සහිත ආහාර, ග්‍රෑම් 10 කින් වැඩි කිරීමෙන් උදරයේ තැන්පත් වන මේද ප්‍රතිශතය 37% කින් අඩුකර ගන්න පුළුවන් බව පර්‍යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා.
🔴 ප්‍රෝබයෝටික් ලබාගන්න.
ශරීර බර අඩු කරගන්නත්, බර පාලනයටත් ඇතැම් ආහාර වර්ගවල ස්වභාවිකවම අඩංගු වෙන සජීවී බැක්ටීරියා විශේෂයක් වන ප්‍රෝබයෝටික් වලට ඇත්තේ පුදුමාකාර හැකියාවක්. මේවාට පුලුවන් ශරීරයේ මේදය තැන්පත් වීමට හේතු වෙන, ආහාර මාර්ගයේ සිටින ඇතැම් බැක්ටීරියා වල ක්‍රියාකාරිත්වය පාලනය කරන්න. ඒ අතර උදරයේ මේදය තැන්පත් වීම සාර්ථකව වැළැක්වීමට සමත් ප්‍රෝබයෝටික් විශේෂත් සිටිනවා. යෝගට් වල අච්චාරු වගේ ආහාර වල මේ කියන ලැක්ටොබැසිලස් ෆර්මෙන්ටමිල, ලැක්ටොබැසිලස් ගැසේරි යන ප්‍රෝබයෝටික් අඩංගු‍යි.
🔴 ස්වායු ව්‍යායාම කරන්න.
කැලරි දහනයටත්, සමස්තයක් ලෙස නීරෝගී පැවැත්මටත් නැතිවම බැරි ව්‍යායාම විශේෂයක් වන ස්වායු ව්‍යායාම නැතිනම් එරොබික්ස් වලට පුළුවන් උදරයේ පේශි ශක්තිමත්කොට, උදරය ඉදිරියට නෙරා ඒම වළක්වන්න. දිනකට 20-40 ත් අතර කාලයක් වේගයෙන් ඇවිදීම, දිවීම, බයිසිකල් පැදීම හා ඔරු පැදීම වගේ ස්වායු ව්‍යායාම වල නිරතවීමත් උදරය නෙරාඒම එළක්වාගන්න කදිම ක්‍රම කිහිපයක්. මේ අතරින් ඇවිදීම කියන්නේ පහසුවෙන් ම කළ හැකි උදරයේ තැන්පත් වී මේද දහනය කරන හොඳම ව්‍යායාමයක් කියලා අමතක කරන්න එපා. ඒ වගේම ඉඳගෙන කරන ව්‍යායාම වලට වඩා උදර පේශි ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා දෙන්නේ හිටගෙන කරන ව්‍යායාම බවත් මතක තබාගත යුතුයි.
🔴 හොඳින් වතුර බොන්න.
අනෙක් හැමදේකදීම වගේ උදරය අඩුකර ගන්නට වතුරෙන් ලැබෙන්නේ ලොකුම පිටුවහලක්. ඔබ ශරීරය විජලනය නොවීමට ප්‍රමාණවත් පරිදි ජලය පානය කරනවා නම් ආකාර තුනකින් ඊට පුළුවන් උදරයේ මේද තැන්පත් වීම වළක්වන්න. එකක් තමයි පරිවෘත්තිය වේගය වැඩි කරලා දිනකදි සිරුරෙන් වැයකරන ශක්තිය කැලරි සියයකින් වැඩි කිරීම මඟින්, දෙවන ආකාරයට අනුව ආහාර වේලකට පෙර ජලය වීදුරුවක් පානය කිරීමෙන් පුළුවන් ඔබ ගන්නා ආහාර ප්‍රමාණය අඩු කරන්න. ඒ කියන්නේ වැඩිපුර කැලරි ශරීරගත වීම වළක්වන්න ඒ වගේම මළබද්ධයට සහනය ගෙනල්ලා බඩ පුරවා දැමීමේ අපහසුතා නැති කරන්නත් ජලයට පුළුවන්. ආකාර තුනකින් උදරය නෙරාඒම වළක්වන ජලය ඔබේ ප්‍රියතම පානය කරගත්තොත් ඔබට පැතලි උදරයක් නෙවෙයි සුන්දර සිහින් සිරුරක හිමිකාරියක් වන එකත් ඒ තරම් අමාරු නැහැ.
🔴 බිත්තර කන්න බය වෙන්න එපා.
බිත්තර කන්න කැමති අයට හොඳ ආරංචියක් වේවි සිරුරේ බර අඩුකර ගන්නත්, උදරයේ ප්‍රමාණය අඩුකර ගන්නත් බිත්තර වලට අසාමාන්‍ය හැකියාවක් තියෙන බව දැනගන්න ලැබීම. බිත්තර සහිත උදෑසන ආහාර වේලක් ලබාගත් විට මීළඟ පැය 24 තුළ දී ශරීරයට ලබාගන්නා වෙනත් කැලරි අඩංගු ආහාර වල ප්‍රමාණය සාපේක්ෂව අඩු වන බව පරීක්ෂණ වලින් සනාථ වූ කරුණක්. බිත්තර කෑමට ගත් පසු සෑහෙන වෙලාවක් යනතුරු කුසගිනි දැනෙන්නේ නැහැයි කියලා ඔබ අත්දැකීමෙන් ම දන්නවා ඇති. බිත්තරයක අඩංගු කැලරි ප්‍රමාණය 77 ක් වුණත් ඒ හා සමාන කැලරි ප්‍රමාණයක් තියෙන සෙසු ආහාර වලට වඩා උදරයේ ප්‍රමාණය අඩුවීම කෙරෙහි බිත්තර වලින් ලැබෙන දායකත්වය ඉහළයි.
🔴 හොඳ සුවබර නින්දක් ලබාගන්න.
ශරීරයේ බර අඩු කරගන්නත් උදරයේ මේදය තැන්පත් වීම වැළැක්වීමටත් ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම අනිවාර්යයි.
සාමාන්‍යයෙන් දිනකට අවම වශයෙන් පැය 5ක වත් නින්දක් ලැබිය යුතුමයි. ප්‍රමාණවත් කාල පරාසයකින් යුතු නින්දක් නොලැබීමත්, කාන්තාවන් ගේ බර වැඩි වීමත් අතර සමීප සම්බන්ධයක් ඇති බව විද්‍යාත්මකවත් තහවුරු වී ඇති කරුණක්. නමුත් වාසනාවකට වගේ එලෙස ප්‍රමාණවත් නොවන පැය ගණනකින් යුතු නින්දකට පුරුදුව සිටින කාන්තාවන්ට ඉඳහිට හෝ ඒ අතරට ප්‍රමාණවත් පැය ගණනක නින්දක් ලබා ගැනීමට හැකි නම් මෙවැනි තත්වයකින් මිදෙන්න පුළුවන්.
🔴 ඔමෙගා - 3, තෙල් සහිත මාළු සහ පොල්තෙල් භාවිතා කරන්න.
ඔමෙගා-3 තෙල් සහිත මාළු කියන්නේ හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් වගේම අත්‍යාවශ්‍ය දිගු දාම සහිත මේද අම්ල රැගත් ආහාරයක්. තරබාරුකම සහ උදරයේ සහ අක්මාවේ මේද තැන්පත් වීමට එරෙහිව මේවයේ ඇති ප්‍රෝටීන මෙන්ම ඔමෙගා-3 අම්ලයත් විශාල දායකත්වයක් ලබා දෙනවා.පොල්තෙල් කියන්නේ ශරීරයට හිතකර මධ්‍යම දාම ට්‍රයිග්ලිසරයිඩ වලින් පොහොසත් ආහාරයක්. ඔබේ ආහාර වේලේ ඇති වෙනත් තෙල් වර්ග වෙනුවට පොල්තෙල් වැනි මධ්‍යම දාම ට්‍රයිග්ලිසරයිඩ් බහුල තෙල් වර්ගයක් එක්කර ගැනිමෙන් සිරුරේ ශක්තිය වැය කිරීම ඉහළ නංවනවා විතරක් නෙවෙයි උදරයේ හා ඉන ප්‍රදේශයේ මේදය තැන්පත් වීමත් ඉන් බෙහෙවින් අඩු කරනවා.
🔴 සීනි නොදැමූ කෝපි හා හරිත තේ රස විඳින්න.
ජලයට පසුව ලොව ඇති සෞඛ්‍යයට වඩාත්ම හිතකර පාන වර්ග ලෙස සැළකෙන්නේ සීනි නොදැමූ හරිත තේ හා කෝපියි. මෙම පානයන් මඟින් සිරුරේ කැලරි 3 - 11% ප්‍රමාණයකිනුත්, මේදය 17% ක ප්‍රමාණයකිනුත් දහනය කරන බව පර්‍යේෂණ වලින් තහවුරු වී තියෙනවා. උදරය ඉදිරියට නෙරා ඒම නවත්වන්නට ඔබේ අධිෂ්ඨානයක් තිබෙනවා නම් හරිත තේ හා කෝපි ඔබේ දවසේ අනිවාර්‍ය පානයක් කරගන්න අමතක කරන්න එපා.

උපුටාගැනීම මුහුණු පොත ඇසුරෙන්
Redirecting...

You will be redirected in:

60

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා