ක්‍රීම්, ලෝෂන් නැතුව ලස්සන වෙන්න, ඔලිව් ඔයිල් නිවැරදිව භාවිත කරන ක්‍රම
ඔලිව් තෙල් සෑම නිවසකම දැකිය හැකි වගේම ගෘහණියන්ට නැතිවම බැරි තෙල් වර්ගයක්. "Liquid Gold" නමින්ද හඳුන්වන ඔලිව් තෙල් ආහාර පිසීමට ඉතා යෝග්‍ය බව අද ලෝකයේ බොහෝ පෝෂණවේදීන් පෙන්වා දෙනවා. ස්ථූලතාව, රුධිර පීඩනය, කොලෙස්ටරෝල් හා පිළිකා සඳහා සාමාන්‍ය තෙල් එතරම් සුදුසු වන්නේ නැහැ. නමුත් ඔලිව් තෙල් මේ සඳහා හොඳ ආදේශකයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ඔබේ සෞඛ්‍යයට වගේම ඔබේ සම පෝෂණය කරන්නත් ඔලිව් තෙල් ඉතාම සුදුසු ඖෂධයක්. විටමින් A, විටමින් E, Minerals හා Natural Fatty Acid වලින් පොහොසත් ඔලිව් අඳුරු ලප කැළැල් සඳහා හොඳ ප්‍රතිකර්මයක්.
වරක් ප්‍රසිද්ධ ඉතාලි නිළියක වන Sophia Loren, ඇය ඔලිව් තෙල් වලට ඉතා කැමති බවත් රුව රැකගැනීමට "Olive Oil Bath" ප්‍රතිකාරය ලබාගන්නා බවත් ප්‍රකාශ කර තිබෙනවා.
Olea europaea යන ජීව විද්‍යාත්මක නාමයෙන් හැඳින්දෙන ඔලිව්, Oleaceac පවුලේ ශාකයක්. ඔලිව් හැඳින්වීමට විවිධ රටවල විවිධ නම් යොදාගන්නවා.
ආහාර සැකසීමට පමණක් නොව රූපලාවණ්‍යය නිෂ්පාදන වලටත් අද ඔලිව් නැතිවම බැරි ඖෂධයක් බවට පත්වෙලා හමාරයි.
ඔලිව් තෙල් තෝරාගැනීමේ දී හොඳ ඔලිව් තෙල් වර්ගයක් තෝරා ගැනීමට ඔබ වගබලාගත යුතුයි. විශේෂයෙන් Virgin Olive Oil සමට වඩා යෝග්‍ය වෙනවා. මිලෙන් අධික ක්‍රීම් වර්ග හා රූපලාවණ්‍යය නිෂ්පාදන වෙනුවට පෝෂණීය ඔලිව් තෙල් ඔබේ සම රැකගැනීමට යොදාගන්න ඔබටත් පුළුවන්.
විටමින් E සාරයෙන් පොහොසත් ඔලිව් තෙල් ඕනෑම සමකට සුදුසු වගේම ඉන් අතුරු ප්‍රතිඵල ඇතිවන්නෙත් නැහැ. දැන් අපි කියන්න සූදානම් වෙන්නේ Olive Oil යොදාගෙන රුව රැකගන්නා ආකාරය ගැනයි...
🔶 හොඳින් පිරිසිදු වූ පසු Olive තෙල් ස්වල්පයක් සමෙහි ආලේප කර හොඳින් සම්බාහනය කර විනාඩි 15 කින් සෝදාහරින්න.
ඔබට තිබෙන්නේ වියළි සමක් නම් නින්ද යෑමට පෙර ඔබේ සමෙහි Olive තෙල් ආලේපකර උදෑසන සෝදාහරින්න.
🔷 යෝගට් හා මීපැණි සමඟ ඔලිව් තෙල් මිශ්‍රකර ගෑමෙන් දිදුලන සමක් ලබාගැනීමට ඔබටත් පුළුවන්.
යෝගට් කප් 1/3 ක්, මීපැණි කප් 1/4 ක් හා Olive තෙල් හැඳි 02 ක් එකතුකර හොඳින් මිශ්‍රකර ඔබේ සමේ ආලේප කරන්න. විනාඩි 20 කින් නැවුම් වතුරෙන් සෝදාහරින්න. සතියකට වරක් මෙම ප්‍රතිකාරය කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.
🔶 අපහසුතාවයෙන් මේකප් ඉවත්කරන ඔබට Olive තෙල් හොඳ උදව්වක් වේවි. පුළුන් කැබැල්ලක් ඔලිව් තෙල් තුළ පොඟවා මේකප් ඉවත්කරන්න. ඇස වටා මේකප් ඉවත් කිරීමටත් Olive Oil සුදුසුයි. ඒ වගේම ඇස වටා සිනිඳු කිරීමටත් මේ ප්‍රතිකාරය සුදුසුයි.
🔷 වයසත් සමඟ ඇතිවන සම රැලි වැටීම පාලනයට මේ ප්‍රතිකාරය ඉතා සුදුසුයි. ඔලිව් තෙල් මේස හැඳි 02 ක්, ලෙමන් ඉස්ම තේ හැන්දක්, ලුණු ස්වල්පයක් ගන්න. ප්‍රථමයෙන් ඔලිව් තෙල් ගෙන මුහුණ මසාජ් කරන්න. ඉන්පසු එයටම ලුණු ස්වල්පයක් එකතුකර මසාජ් කරන්න. අවසානයේ ලෙමන් ඉස්ම එකතුකර ගන්න. මෙය ඔබේ සම පැහැපත් කිරීමටත් යොදාගත හැකියි.
🔶 ඔබ කෙතරම් පැහැපත් වුවත් ඔබේ තොල් අවපැහැ ගැන් වී ඇත්නම් එය කැපී පෙනෙන අඩුවක් වනවා නිසැකයි. තොල් පැහැපත්ව සුමුදුව තබාගැනීමට කැමති ඔබට මේ ප්‍රතිකාරය කළ හැකියි. දුඹුරු සීනි ස්වල්පයක්, Olive Oil ස්වල්පයක් හා ලෙමන් ඉස්ම බිඳු කිහිපයක් ගෙන එකට මිශ්‍ර කර ඔබ නිදාගැනීමට පෙර මෙම මිශ්‍රණයෙන් තොල් ස්ක්‍රබ් (Scrub) කරන්න.
🔷 දිගටි අලංකාර කෙස් කළඹක් සඳහාත් Olive තෙල් ඔබට ප්‍රයෝජනවත් වේවි. මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ ඔලිව් තෙල් කෝප්ප 1/2 ක්, පැණි තේ හැඳි 02 ක් හා බිත්තර කහමද 01 ක් පමණයි. Olive තෙල්, මීපැණි හා බිත්තර හොඳින් කලවම් කරගන්න. මෙය ඔබේ කෙස් කළඹේ ආලේපකර විනාඩි 20 කින් සෝදාහරින්න. ඔබේ කෙස් කළඹට මනා පෝෂණයක් ලැබේවි.
🔶 ඒ වගේම නෑමට පෙර ඔලිව් තෙල් වලින් හිස මසාජ් කිරීමත් ඔබට කළ හැකියි. මෙයින් ඔබේ හිස්කබලට මෙන්ම කෙස් වලටත් පෝෂ්‍යදායී ප්‍රතිකාරයක් ලබාගත හැකියි.
🔷 ඔබ නානවිට මඳ රස්නෙ වතුරට Olive තෙල් තේ හැඳි 05 ක් එකතුකර හොඳ Olive Oil bath එකක් ලබාගන්න ඔබට පුළුවන්. ඔබේ සමට ඉන් පැහැදිලි වෙනසක් ලැබෙනවා නොඅනුමානයි.
🔶 සමට, කෙස් කළඹට වගේම ඔබේ නියපොතු අලංකාරව තබා ගැනීමටත් Olive තෙල් ප්‍රයෝජනවත් වේවි. පුළුන් කැබැල්ලක් ආධාරයෙන් ඔලිව් තෙල් ස්වල්පයක් ගෙන ඔබේ නිය පෙළ මසාජ් කර විනාඩි 30 කින් සෝදාහරින්න. ඔබේ නිය වර්ධනයටත් මෙය හොඳ ප්‍රතිකාරයක්.
කෘතිම රසායනික Body lotions භාවිතා කරන ඔබට ඔලිව් තෙල් Body lotion එකක් ලෙසත් භාවිතා කළ හැකියි.
ඔන්න දැන් ඔලිව් තෙල් පාවිච්චි කරලා ලස්සන වෙන්නත් ඔබට අවස්ථාව තියෙනවා.

Comments
Post a Comment