උදෑසන හිස් බඩ දෙහි යුෂ පානය කරනවානම් ශරීරයට සිදුවෙන දේවල්


 උදෙන්ම දවස පටන් ගන්න පෙර වතුර වීදුරුවක් පානය කිරීමෙන් ඔබේ සිතට මෙන්ම ගතටද දැනෙන්නේ මහත් ජවයක් . ඒ වෙනුවට උදෑසනම දෙහි යුෂ පානයක් ලබා ගැනීමෙන් ඔබට වාසි රැසක්ම ලබෙනවා...  එහෙනම් අපි බලමු ද මොනව ද ඒ වාසි කියලා... 



* ආහාර දිරවීම පහසු කරවයි...

මඳ රස්නෙ ජලයත් ඔබේ ආහාර දිරවීමට උපකාර වන අතරම දෙහි යුෂවලටත් ආමාශය පිරිසුදු කරමින් ආහාර දිරවීම පහසු කිරීමේ විශේෂ ගුණයක් පවතියි. දෙහිවල අඩංගු අම්ල ගුණය නිසා ආහාර දිරවීම මෙන්ම ඒවා බැහැර කරවීමද පහසු කරයි.

* සිරුරේ ප්‍රතිශක්තිකරණයට උපකාරි වෙයි

පැගිරි සහිත පලතුරක් වන දෙහිවල විටමින් A අන්තර්ගතයි. එය සිරුර අභ්‍යන්තරයේ අම්ල සමග ප්‍රතික්‍රියා කරමින් ප්‍රතිශක්තිකරණය ලබා දෙයි.

* විස නැසීමේ ගුණය

දෙහි යුෂ පානය මුත්‍රා පිටවීම පහසු කරවන ඖෂධීය පානයක්. ශරීරයේ ඇති විස ද‍්‍රව්‍ය සෝදා හැරීමේ විශේෂ ගුණයක්ද මෙය සතුයි. මෙහි අඩංගු සිට්රික් අම්ලය මගින් එන්සයිම වර්ධනය කර අක්මාවේ උත්තේජනයක් ඇති කරවයි.

* ශක්තිය ලබා දෙයි

කෝපි පානයෙන් ඇගට ප්‍රබෝධයක් ගෙන දෙන බව බොහෝ දෙනා දන්නා මතයක්. එවැනි ප්‍රබෝධයක් දෙහි යුෂ පානයෙන්ද ලබා ගත හැකියි. ජලය සමග දෙහි යුෂ මිශ්‍ර වී සාදන දියරයෙන් රුධිර සංසරණයටද උත්තේජනයක් ලබාදීම මෙයට හේතුවයි.

* සම පැහැපත් කරයි

නිදන්ගත විජලන රෝග තත්ත්ව නිසා ඔබේ සම අඳුරු පැහැ ගැන්විය හැකියි. නමුත් දෙහි යුෂ පානයකින් දවස ආරම්භ කරන ඔබට නම් මෙය ගැටලූවක් නොවේවි. එහි අඩංගු විටමින් ඛ් ඔබේ සම නිරෝගීමත් කිරීමට උපකාරි වන බවත් කිව යුතුමයි.

05 – බර අඩු කරගැනීමට උපකාරි වෙයි

පෝෂණවේදීන් බොහෝ විට නිර්දේශ කරන්නේ අධික ලෙස ආහාර ගැනීම වැළැක්වීම සඳහා ඔබ ගන්නා ආහාර වේලකට පෙර දෙහි මිශ්‍රවතුර වීදුරුවක් පානය කිරීමයි.ඒ වගේම දෙහි යුෂ වල අඩංගු සිට්රික් අම්ලය පුද්ගලයෙකුගේ පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වන අතර වැඩි කැලරි දහනය කිරීමට සහ මේදය අඩුවෙන් ගබඩා කිරීමටද උපකාරී වනවා

07 – හදවත් රෝග ඇතිවීමෙ අවධානම අඩු කරයි

දෙහි වල මැග්නීසියම් සහ පොටෑසියම් ඉහළ මට්ටමක පවතිනවා.මෙම මූලද්‍රව්‍ය දෙකම හෘද් සෞඛ්‍ය සඳහා සහාය වන අතර විශේෂයෙන් පොටෑසියම් මගින් රුධිර ප්‍රවාහය වැඩි දියුණු කර රුධිර පීඩනය අඩු කරනු ලබනවා .ඒ වගේම කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමටද දෙහි මිශ්‍ර වතුර පානය කිරීම උපකාරී වෙනවා


උපුටා ගැනීමක් . 
Redirecting...

You will be redirected in:

60

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා