ලුණු කෑවම ඇත්තටම "ප්‍රෙෂර්" වැඩි වෙන්නේ ඇයි?
ඔබේ කුස්සියේ තියෙන නිහඬ මාරයා ගැන ඔබ දැනුවත්ද? ගොඩක් අය දන්නවා ලුණු කෑවම ප්‍රෙෂර් (අධි රුධිර පීඩනය) වැඩි වෙනවා කියලා. හැබැයි ඒක වෙන්නේ කොහොමද කියලා ඔබ දන්නවාද? .
මේ සරල පැහැදිලි කිරීම කියවලා බලන්න. ඔබේ ජීවිතය බේරාගන්න මේ කරුණු ටික උදව් වේවි!
අපි කොච්චර ලුණු කන්න ඕනෙද?
• ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශ කරන්නේ දවසකට ලුණු 5g කට වඩා ගන්න එපා කියලා. (ඒ කියන්නේ එක තේ හැන්දක ප්‍රමාණයක් විතරයි!)
• නමුත් අපේ රටවල මිනිස්සු සාමාන්‍යයෙන් දවසකට 8g - 10g වගේ වැඩි ප්‍රමාණයක් ලුණු පරිභෝජනය කරනවා.
ලුණු රුධිර පීඩනය වැඩි කරන්නේ මෙහෙමයි:
1. ලේ වල "වතුර" රඳවා ගැනීම:
ලුණු වල තියෙන්නේ සෝඩියම්. සෝඩියම් වලට පුළුවන් අපේ ඇඟේ වතුර පිටවෙන්න නොදී රඳවා ගන්න. ලුණු වැඩිපුර කෑවම ඒ සෝඩියම් ලේ වලට උරාගන්නවා. එතකොට ලේ වල වතුර ප්‍රමාණය වැඩි වෙනවා. හරියට හෝස් එකක වතුර පීඩනය වැඩි වෙනවා වගේ ලේ නහර ඇතුළෙ පීඩනය (Pressure) ඉහළ යනවා.
2. වකුගඩු වල හෝර්මෝන ක්‍රියාවලිය:
අපේ වකුගඩු ආශ්‍රිතව තියෙනවා Renin Angiotensin System කියලා හෝර්මෝන පද්ධතියක්. ලුණු (සෝඩියම්) මගින් මේ පද්ධතිය ක්‍රියාත්මක කරවනවා. ඒ හරහාත් රුධිර පීඩනය වේගයෙන් ඉහළ යනවා.
දැනටමත් ප්‍රෙෂර් තියෙන අයට ලුණු "වසක්" වෙන්නේ ඇයි?
ඔබට දැනටමත් අධි රුධිර පීඩනය තියෙනවා නම්, ඔබේ රුධිර නාල වලට ඔරොත්තු දෙන්න පුළුවන් උපරිම මට්ටමේ තමයි පීඩනය තියෙන්නේ. ඉතින් තව ලුණු කෑවොත් වෙන්නේ අර වතුර මට්ටම තවත් වැඩි වෙලා, නහර පිපිරෙන හෝ හෘදයාබාධයක් එන මට්ටමට පීඩනය වැඩි වෙන එකයි.
ප්‍රෙෂර් පාලනය කරගන්න අදම මේ දේ කරන්න:
• උයන පිහනකොට ලුණු අඩුවෙන් පාවිච්චි කරන්න.
• අච්චාරු, ලුණු දැමූ කරවල, පැකට් කළ කෑම (Snacks) සීමා කරන්න.
• කෑම මේසයේදී අමතරව ලුණු ඉසීමෙන් වළකින්න.
මතක තබා ගන්න,ඔබේ නිරෝගීකම තියෙන්නේ ඔබේ අතේයි
උපුටාගැනීම මුහුණු පොත ඇසුරෙන්

Comments
Post a Comment