කෙසෙල් මිලදී ගනිද්දි දුඹුරු තිත් ඇති කෙසෙල් ගෙඩි දුටු තැන මිලදී ගන්න කියන හේතුව දන්නවද?
දුඹුරු තිත් නොමැති කෙසෙල් ගෙඩි ඇසට ප්‍රිය උපදවන දර්ශනයකි. නමුත් ගුණදායකම කෙසෙල් ගෙඩි නම් දුඹුරු පැහැති තිත් ඇති කෙසෙල් ගෙඩි බවයි විද්‍යාඥයින් පවසන්නේ. සෙටයඑ ජ්බජැර ල ඉ්බ්බ් ල ඉ්බ්බ් ිපදදඑයකහ කෙසෙලේ ගෙඩියක් ඕනෑවට වඩා ඉදුනු විට කහ පැහැති ලෙල්ල මත දුඹුරු තිත් වර්ධනය වෙනවා. එවැනි කෙසෙල් ගෙඩි වල අභ්‍යන්තරයේ ඇති මාංශමය කොටස ඉතාමත් මෘදු ස්වභාවයකින් යුතු අතර ඉන් ඉතාමත් මනස්කාන්ත සුවදක්ද වහනය වෙනවා.
සාමාන්‍යයෙන් මෙවැනි කෙසෙල් ගෙඩියක් දුටු විට බොහෝ දෙනෙක් සිදු කරන්නේ කුණු ගොඩට විසිකිරීමයි. නමුත් දුඹුරු පැහැති තිත් ඇති හොදින් ඉදුනු කෙසෙල් ගෙඩි වලට පිලිකා සමග සටන් කිරීමේ සුවිශේෂී හැකියාවක් තිඛෙනවා. පහතින් ඔබට දැකගන්නට පුලුවන් හොදින් ඉදුනු එවැනි කෙසෙල් ගෙඩි වල ඇති සුවිශේෂී ගුණාංගයන් කිහිපයක් පිලිබදව.
දවසකට එක බැගින් දිනපතා කෙසෙල් අනුභව කරනවානම් සැලකියයුතු ලෙස ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරගන්නට පුළුවන්. හොදින් ඉදුනු කෙසෙල් ගෙඩි වල TNF(Tumour Necrosis Factor)කියන ද්‍රව්‍යයය අන්තර්ගත වෙනවා. ශරීරයේ ඇති අසාමාන්‍ය සෛලයන් හදුනාගෙන ඒවා විනාශ කිරීමේ විශ්මිත හැකියාවක් එම ද්‍රව්‍යයට ඇති බව විද්‍යාඥ මතයයි.
පිලිකාවන් සමග සටන් කිරීමේ සුවිශේෂී හැකියාවක් හොදින් ඉදුනු කෙසෙල් වලට තිඛෙනවා. දවසකට කෙසෙල් ගෙඩි ගෙඩි 3 බැගින් දිනපතා අනුභව කරනවානම් හදිසි ආබාදයන් වැලදීමට ඇති අවධානම අවම කරගන්නටද පුළුවන්.
ආහාර ජීරණ පද්ධතිය සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යෑමට අවැසි ශක්තිය ලබාදීමට හොදින් ඉදුනු කෙසෙල් වලට හැකියාව තිඛෙනවා. මෙම ලිපිය කියවූ ඔබ මින් පසුව හොදින් ඉදුනු කෙසෙල් ගෙඩි කුණු ගොඩට විසි නොකරනු ඇති කියා මා විස්වාස කරනවා.

Comments
Post a Comment