ලෙමන් කියන්නේ ඔබේ සිරුරේ අලංකාරය සඳහා වගේම සෞඛ්‍යය රැක ගැනීම සඳහාත් පාවිච්චි කරන්න පුළුවන් පුදුමාකාර පලතුරක්. ඒ වගේ දේවල් විද්‍යාත්මකව පිලි ගැනෙන නිසා බොහෝ දෙනෙක් කිව්වම ඒ ගැන සැක හිතන්නේ නැහැ. ඒත් ගුප්ත විද්‍යාව ආශ්‍රිතවත් ලෙමන් සතු පුදුමාකාර ගුණය ගැන විශේෂ අවධානයක් ලැබිලා තියෙනවා. ගුප්ත විද්‍යාවට අනුව ලෙමන් වලට පුළුවන් කම තියෙනවා අපිට නරක බලපෑම් ඇති කරන සෘණාත්මක ශක්තීන් අපෙන් දුරස් කරන්න. මේ සෘණාත්මක ශක්තීන්ට පුළුවන් අප ජීවත් වෙන තැන පරිසරයේ තියෙන සතුටුදායක බව නැති කරලා, අපේ සිතිවිලි අවුල් කරලා අපේ ජීවිතයට නරකක් එකතු කරන්න. මෙයින් ආර්ථිකය පිරිහිලා, කරන කිසිම දෙයක් හරි නොයන, සිත් තැවුලෙන් නිතරම ඉන්න තත්වයට පත් වීමත් සිදු වෙනවා. අපි ඉන්න ගෙදර වුනත් මේ වගේ අනවශ්‍ය සෘණාත්මක ශක්තීන් තියෙන්න පුළුවන්. ඒවා ඉවත් කර ගන්න මේ කියන විදිහෙන් ඉඩක් ලැබෙනවා. මේ සඳහා අවශ්‍ය වෙන්නේ ලෙමන් ගෙඩි සහ බොහොම පහසුවෙන් සොයා ගත හැකි දේවල් විතරයි. කළ හැකි දේවල් කිහිපයක්ම තියෙනවා.
නිදා ගන්න තැන මේ ලෙමන් ගෙඩි තුන තියා ගන්න එක. ඇඳ ළග මේසයක් වගේ තැනක් ඇතිනේ. එතන පිරිසිදු භාජනයක් තියලා රූපයේ විදිහට හතරට කපලා උඩ අතට ලෙමන් ගෙඩි තුන තියන්න. කහ - කළු වෙද්දී ඒ ටික ඉවත් කරලා අලූත් තුනක් තියන්න.
2. තවත් ක්‍රමයක් තමයි ලෙමන් ලෙලි යෙදූ ජලය කාමරය ඇතුළත උතුරවන තුරු රත් කරන එක. මේ ලෙමන් මිශ්‍ර ජලය උතුරලා පිට වෙන වාෂ්පය නිසා ඔබේ කාමරයේ විෂබීජ එහෙමත් විනාශ වෙලා නරක ශක්තීන් හා තරංග ඔබේ කාමරයෙන් ඉවත් වෙලා යාවි.
3. ටිකක් විශාල ටෙි්ර එකක් අරගෙන සුදු පැහැ හාල් ඒ මත තුනීව අතුරන්න. දැන් ඒකෙ හරි මැදින් කලින් විදිහටම කපපු ලෙමන් ගෙඩියක් තියන්න. ඒ වටේට දිශා 8ට තවත් ලෙමන් ගෙඩි 8ක් තියන්න. මේක ඔබේ නිවසේ ඉහල තැනකින් තියන්න. ධනය ලැබෙන ක්‍රම අලූතෙන් පහල වෙන්න මෙය බලපානවා.
4. අංක 1 විදිහට කපපු ලෙමන් ගෙඩි තුනක් තමන් වැඩ කරන තැන මේස ලාච්චුවේ තියා ගන්න පුළුවන් නම් එයින් වැඩ කරන තැන අය ඔබ සමග තියෙන නොහොඳ කම්, කැපිලි වගේ දේවල් අඩු කර ගන්න පුළුවන්.
5. ලෙමන් මිශ්‍ර වතුර ගේ වටා ඉහින එක, විශේෂයෙන්ම මුළු හතරට ඉසින එක ගෙදර තියෙන නරක බලපෑම් පලවා හරින්න හොඳ ක්‍රමයක්.
6. වීදුරු බදුනක අඩිය සුදු හාල් වලින් අතුරලා ඒ මත ලෙමන් ගෙඩි තුනක් තියන්න. මේක ඔබ නිදාගන්න තැනින් තියන්න. මෙයින් ගෙදර අඩ දබර අඩු වෙනවා වගේම ආදරයත් වැඩි දියුණු වෙනවා. තමන්ට මොකක් හරි ලොකු හිතේ වේදනාවක් තියනවා නම් රෑට නිදා ගන්න කලින් වීදුරු පිගානක් උඩ ලූණු කුඩු තුනීව අතුරලා ඒකෙ හරි මැදින් හතරට කපපු ලෙමන් ගෙඩියක් තියන්න. මේක ඇඳ යටින් තියලා නින්දට යන්න. උදේ නැගිටලා මේක අතින් අල්ලන්නේ නැතිව කුණු එකට දාන්න. මේ විදිහට දවස් තුනක් කරාම ඒ ප්‍රශ්නයෙන් යම් සැනසීමක් ගන්න පුළුවන්.
මේ වගේ දේවල් ඔප්පු කරලා පෙන්නන්න මම මහන්සි වෙන්නේ නෑ. ඔබට කැමති දෙයක් විශ්වාස කරන්න සම්පුර්ණ නිදහස තියෙනවා. කොහොම වුනත් කලින් කිව්වා වගේ විද්‍යාත්මකව පිලි ගන්න පුළුවන් ටික ගැන හිතලා හරි මේක කළොත් ඔබට ලොකු ප්‍රයෝජනයක් ලැබේවි. (විෂ බීජ නැති වෙන එක, සුවඳක් හමන එක වගේ) මහා විශාල වියදමක් යන්නෙත් නෑ, නරකක් වෙන්නෙත් නැහැනේ නේද? ඉතින් යාළුවන්ට එහෙමත් Share කරලා දැනුවත් කරන්න.
Redirecting...
You will be redirected in:
60
Comments
Post a Comment