මේ විදිහට පොල් තෙල් භාවිත කළොත් අවුරුදු10ක තරුණ බවක් ලැබෙනවා
පොල් තෙල් පිළිබඳව විවිධ කතා කාලෙන් කාලෙට අසන්න ලැබෙනවා. නමුත් පොල් තෙල් පිළිබඳ මේ දේවල් ගැන දැනුවත්ද?
පොල් තෙල් තාල වර්ගයට අයත් පොල් (කොකොස් නුසිෆෙරා) ගසෙන් නෙලා ගන්නා මේරූ පොල් ගෙඩිවල මදයෙන් නිස්සාරණය කෙරෙන ආහාරයට සුදුසු තෙල් වර්ගයකි. එය, පරම්පරා ගණනාවක් තිස්සේ, නිවර්තන කලාපීය ලෝකය පුරාවටම, මිලියන ගණනක ජනයාගේ එදිනෙදා ආහාර වේලෙහි මේද සඳහා ප්‍රාථමික මූලාශ්‍රයව තිබී ඇත. ආහාර, බෙහෙත්, සහ කර්මාන්තයන්හී එය බොහෝ ආකාරයෙන් උපයෝගී වෙයි. වර්තමාන නිව්ගිනීයා ප්‍රදේශයේ සිට පොල් ශාකය ලොව පුරා ව්‍යාප්ත වන්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. ලොව රටවල් අතරින් ප්‍රධානම පොල් නිෂ්පාදකයන් බවට පිලිපීනය , ඉන්දුනීසියාව හා ඉන්දියාව වේ.
ලොව පුරා දැනට පොල් වර්ග 1300ක් පමණ හමු වී තිබේ. සාමාන්‍ය පොල් ගසක වසරකට ගෙඩි 75ක් පමණ හට ගනී. සාමාන්‍යයෙන් පොල් ගසක් අඩි 20ක සිට අඩි 60 දක්වා උසට වර්ධනය වේ. කෙසේ වෙතත්, සමහර පොල් ගස් අඩි 98ක් පමණ උසට වැඩේ. පොල් වතුරවලට වඩා වැඩි ප්‍රමාණයක් මේදය හා අඩු ප්‍රමාණයක් සීනි, පොල් තෙල්වල අඩංගු වේ.
අධි තාපජ තත්ත්වයන්හී පවා පොල් තෙල් ස්ථායි භාවයක් පෙන්වන බැවින්, බැදීම වැනි අධික උෂ්ණත්ව ඉවුම් පිහුම් ක්‍රම සඳහා එය සුදුසු ව එය ඔක්සිකරණය වීම සෙමෙන් සිදු වන අතර, එබැවින්, මුඩුවීමට විරෝධනයක් දක්වමින් වසර දෙකක පමණ කාලයක් පැවතිය හැක.
පොල් තෙල් මඟින්, ඔබේ සිරුරේ බර පාලනය කරන අතර, දිනකට පොල් තෙල් තේ හැඳි 4ක් පමණක් භාවිතය සුදුසු ය. පොල් තෙල් පරිභෝජනය සැලකිය යුතු පමණින් සීමා කල යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන්නේ එහි සංතෘප්ත මේදයන් අධික මට්ටමකින් පැවතීම නිසාය.
පොල් තෙල් රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා වැඩි වශයෙන් භාවිත කරන අතර, එමගින් සමේ තෙතමනය ආරක්ෂා කිරීමේ හැකියාව පවතී. හිස කෙස් වර්ධනය, අකලට හිසකෙස් වැටීම හා ඉස්හොරි පාලනය කිරීමේ හැකියාව ද පොල් තෙල් සතු ය. පොල් තෙල් හිරු කිරණින් සම ආරක්ෂා කිරීමට උපකාරී වේ.
අප ඔබට ගෙන එන්නට සූදානම් වන්නේ පොල් තෙල් භාවිත කරලා ඔබේ සුන්දරත්වය වැඩි කරගන්නට හැකි ස්වාභාවික සත්කාර කිහිපයක් පිළිබඳවයි.
අවශ්‍ය ද්‍රව්‍ය:-
– කස්තුරි කහ මේස හැඳි 1
– පොල් තෙල් මේස හැඳි 2
සකසා ගන්නා ආකාරය :-
කස්තුරි කහ සහ පොල් තෙල් දී ඇති ප්‍රමාණයන්ගෙන් ගෙන පිරිසුදු භාජනයක දමා හොඳින් මිශ්‍ර කරන්න.
භාවිත කරන ආකාරය :_
සකසාගත් මිශ්‍රණය මුහුණේ උඩු අතට ආලේප කරන්න. විනාඩි 10-15ක් තිබෙන්නට හැර තෙත පුළුන් කැබැල්ලක් ආධාරයෙන් ඉවත් කරන්න.
පොල් තෙල්වලින් ස්ක්‍රබ් එකක්
අවශ්‍ය ද්‍රව්‍යය :-
– පොල් තෙල් මේස හැඳි 2
– කෝපි කුඩු මේස හැඳි 1
සකසා ගන්නා ආකාරය :-
කෝපි කුඩු පොල් තෙල්වල හොඳින් දිය කර ගන්න. සකසාගත් මිශ්‍රණය විනාඩි 5ක් පමණ තිබෙන්නට හරින්න.
භාවිත කරන ආකාරය:_
සකසාගත් මිශ්‍රණය බ්‍රෂ් එකක් ආධාරයෙන් බෙල්ලේ සහ මුහුණේ හොඳින් ආලේප කරන්න. විනාඩි 15ක් පමණ තිබෙන්නට හැර පිරිසුදු වතුරෙන් සෝදා හරින්න. වියළි සමකට මෙය වඩාත් සුදුසු සත්කාරයක් වනවා.
පොල් තෙල්වලින් බොඩි ලෝෂන් එකක්
අවශ්‍ය ද්‍රව්‍ය :-
– පොල් තෙල් බෝතල් 1/4
– කෝමාරිකා ජෙල් මේස හැඳි 7
සකසා ගන්නා ආකාරය :-
මුලින්ම කෝමාරිකා ජෙල් වියළි භාජනයකට දමා බීට් කරගන්න. මෙය තරමක් උකු ඝනකම් මිශ්‍රණයක් වන විට පොල් තෙල් ටිකින් ටික එක් කරමින් බීට් කරන්න. විනාඩි කිහිපයක් බීට් කර වියළි භාජනයක් ගෙන අසුරා තබන්න.
භාවිත කරන ආකාරය:-
නින්දට පෙර සකසාගත් මිශ්‍රණය ශරීරය පුරා ආලේප කර නිදා ගැනීමෙන් පැහැපත් සහ තෙතමනය සහිත සමක් ඔබට හිමි වේවි. වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට මෙය දිනපතා ආලේප කරන්න.
පොල් තෙල්වලින් පැක් එකක්
අවශ්‍ය ද්‍රව්‍ය :-
– පොල් තෙල් කෝප්ප 1/4
– කොකුම්පොතු මේස හැඳි 4ක්
– දෙහි බින්දු කිහිපයක්
– මී පැණි මේස හැඳි 2
සකසා ගන්නා ආකාරය :_
පොල් තෙල්, කොකුම්පොතු, මී පැණි සහ දෙහි යුෂ යන සියල්ල එක් කර තරමක් ඝන වූ මිශ්‍රණයක් සකසා ගන්න.
භාවිත කරන ආකාරය :_
මුහුණේ සහ බෙල්ලේ හොඳින් ආලේප කරන්න. විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර පිරිසුදු ජලයෙන් සෝදා හරින්න. වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට සතියකට දෙවරක් භාවිත කරන්න.
පොල් තෙල්වලින් බොඩි වොෂ් එකක්
අවශ්‍ය ද්‍රව්‍ය :-
– පොල් තෙල් බෝතල් 1/4
– ග්ලිසරින් කෝප්ප 1
– කෝමාරිකා ජෙල් මේස හැඳි 4
සකසා ගන්නා ආකාරය :-
පොල් තෙල්වලට කෝමාරිකා ජෙල් එක්කර ඩබල් බොයිල් කරගන්න. එවිට ඝනකම් මිශ්‍රණයක් ඔබට ලැබේවි. අනතුරුව එයට ග්ලිසරින් එක් කර ඩබල් බීටර් එකක් ආධාරයෙන් බීට් කරගන්න. සකසාගත් බොඩි වොෂ් එක වියළි බෝතලයකට දමා අසුරා තබන්න.
භාවිත කරන ආකාරය :_
නානවිට හෝ ඇඟ සෝදනවිට සබන් වෙනුවට සකසාගත් බොඩි වොෂ් එක භාවිත කරන්න.

Comments
Post a Comment