කිරි වලට වඩා කැල්සියම් තියෙන ඔබ කෑමට ගන්න ඕනෙම ආහාර 06ක්
කැල්සියම් ශරීරයේ අස්ථි වර්ධනයට , මාංශපේශී සංකෝචනයට , ස්නායුවල ක්‍රියාකාරිත්වය සහ අන්තරාසර්ග පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යාවශ්‍ය වේ. මිනිස් සිරුරේ ඇති කැල්සියම් වලින් 99% ක්ම අස්ථි හා දත් වල සංකේන්ද්‍රණය වී ඇත. ඔබත් මස් මාංශ වලට අමතරව කිරි සහ කිරි නිෂ්පාදන ආහාරයට නොගනී නම් ( Vegan ) ශරීරයට කැල්සියම් ලබා ගන්නා අනෙකුත් ප්‍රභව ගැන දැනුවත් වීම වඩාත් වැදගත් වේ.
ආමන්ඩ් යනු සියලු වර්ගවල පෝෂ්‍ය පදාර්ථ සපයන ආහාරයකි. ඉහළ ප්‍රෝටීන්, විටමින් ඊ සහ පොටෑසියම් වැනි ඛනිජ වලින් සමන්විතය.ආමන්ඩ් 100g ක කැල්සියම් 265mg පමණ අඩංගු වේ. ආමන්ඩ් වල වැඩි කැලරි ප්‍රමාණයක් අඩංගු වන නිසා ඒවා මධ්‍යස්ථ ප්‍රමාණ වලින් ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ.
සෝයා යනු කැල්සියම් බහුල නිෂ්පාදනයකි. පිසින ලද සෝයා බෝංචි 100g ක කැල්සියම් 100-200 mg ක් අඩංගු වේ. රනිල කුලයට අයත් ශාක අතරින් කැල්සියම් බහුලව අඩංගු වන්නේ සෝයා බෝංචිවල වේ.මීට අමතරව සෝයා කිරි වල හා සෝයා කිරිවලින් සකස් කරන ටෝෆු වල ද කැල්සියම් බහුලව අන්තර්ගත වේ.
තල ඇට ග්‍රෑම් 100g ක කැල්සියම් 975mg පමණ ප්‍රමාණයක් අඩංගු වන අතර එහි ඇති ෆයිටොස්ටෙරෝල් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
මුරුංගාවල කිරිවල මෙන් 17 ගුණයක් කැල්සියම් අඩංගු වන අතර විටමින් A E සහ අනෙකුත් ප්‍රතිඔක්සිකාරක ද බහුලව අඩංගු වේ.
බණ්ඩක්කා 100g ක කැල්සියම් 82mg පමණ අඩංගු වන අතර විටමින් B , C සහ ෆෝලික් ඇසිඩ් ද අඩංගු වේ. බන්ඩක්කා වල බහුලව තන්තු අඩංගු වන බැවින් නිතර ආහාරයට ගැනීම මගින් ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය ද ක්‍රමවත් කරයි.
මීට අමතරව broccoli , ලීක්ස් වැනි එළවළු වර්ග වල ද , ලෙමන් , දොඩම් අත්තිකා වැනි පලතුරු වල ද , බෝංචි , ඕට්ස් සහ කඩල වලද කැල්සියම් බහුලව අන්තර්ගත වේ.
මීට අමතරව
- කිරි, විශේෂයෙන් මුදවපු කිරි
- චීස් සහ යෝගට් වැනි කිරි නිෂ්පාදන
- කිරණ
- සෝයා බෝංචි නිෂ්පාදන
- සියලුම කොළ පැහැති එළවළු (එවැනි නිවිති)
- බ්රොකොලී
- අත්තික්කා සහ වියළි පලතුරු
- මුහුදු ආහාර
- බිත්තර කහ මදය
- ඇට වර්ග
- Oatmeal
- රාජ්මා සහ කළුගල් පරිප්පු
You will be redirected in:
60

Comments
Post a Comment