අව පැහැ දත් විනාඩි 05න් සුදු කරන ස්වාභාවික ක්‍රම 07ක් මෙන්න
දත් දෙපළ නීරෝගී වන තරමටම ඔබේ සිනහව තවත් ලස්සනයි.හැබැයි දත් වල ඇතිවන පැහැය දුර්වර්ණ වීම එහෙමත් නැතිනම් කහ පැහැ වීම නිසා කෙනෙක්ගේ ආත්මවිශ්වාසයටත් යම් බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. සිනාසෙද්දි අපේ දත් අනික් අයට පෙනෙනවානේ. ඉතින් ඒ වගේ අවස්ථා වල දත් වල කහට ගතිය- පැල්ලම් ගතිය නිසා පිරිසක් ඉදිරියේ ඔබව ලැජ්ජාවට අපහසුතාවට ලක්වෙන්න ඉඩ තිබෙනවා.
සාමාන්‍යයෙන් දත් වල ස්වභාවික පැහෑය හා දීප්තිය වයසත් එක්කම හීන වී යයි.වයස්ගත වීමට අමතරව දත් වල කහ හෝ පැල්ලක් ස්වභාවයක් ඇතිවීමට තවත් හේතු බලපායි.
දත් වල එනමලය තුනීවීයාම
ජානමය තත්වයන්
කටේ වියළිබව
නාසය අවහිර වීම නිසා කටින් පමණක් හුස්ම ගැනීම
අධික ෆ්ලෝරයිඩ් භාවිතය
මුඛ සෞඛ්‍ය සනීපාරක්ෂාව ගැන අඩු අවධානය
වයින්, තේ, කෝපි හා සෝඩා වැනි පාන වර්ග අධික භාවිතය
ඇතැම් ආහාර වර්ග පරිභෝජනය
ඇතැම් රෝග තත්ව
දුම්කොළ හා සිගරට් භාවිතය
දත් වලට බලපෑම් එල්ල වූ කම්පන හෝ අනතුරු සිද්ධි
තවද දත් වල අවපැහැය ඇතිවිමට ප්‍රතිජිවක අධි මාත්‍රාවන් ගැනීම, දේශගුණික තත්ව, ආසාදන හා අක්‍රමවත් පරිවෘත්තිය ක්‍රියාවලිය හේතු විය හැකියි.
දත් වල අවපැහැය දුරු කරගැනීම සඳහා ස්වභාවික පිළියම් කිහිපයක්
අද කාලයේ බොහෝ අය කෘතිම ක්‍රම හරහා දත් සුදු කරගැනීමේ ප්‍රතිකාර වලට යොමුවෙනු දක්නට ලැබෙනවා. මේ ක්‍රම වලට අධික මුදලක් වැය කිරීමට සිදුවිය හැකියි වගේම දිගු කාලයක් ගත වෙන්නත් පුළුවන්. කෘතීම ක්‍රම වෙනුවට ස්වභාවිකව ඔබේ දත් දෙපළ සුදු කරගැනීමට උපකාරී වල සරල පිළියම් කිහිපයක් ගැන අපි දැනගනිමු.
1.බේකිං සෝඩා
බේකිං සෝඩා තේ හැඳි 1/4 ක් දත් බෙහෙත් ස්වල්පයක් සමඟ දත් බුරුසුවකට දමා දත් මදින්න. අවසානයේ උණුසුම් වතුරෙන් කට සෝදන්න. සතියකට වාර 2 ක් පමණ මෙය අනුගමනය කරන්න.විකල්පයක් ලෙස, බේකිං සෝඩා තේ හැඳි 1 ක් වතුර තේ හැඳි 2 ක් සමඟ මිශ්‍ර කර දත් මදින්න. සතිකයට වාර කිහිපයක් මෙය භාවිතා කරන්න.බේකිං සෝඩා හෙවත් සෝඩියම් බයිකාබනේට් අධිකව භාවිතා කිරීමෙන් දත් වල ආරක්ෂක එනමලය සීරීම සිදුවිය හැකියි. සති කිහිපයකට වඩා නොකරන්න.
2.පොල් තෙල්
පොල් තෙල් වල ලෝරික් අම්ල ඇති නිසා බැක්ටිරියා මර්දනය කර දත් සුදු කර දීප්තිමත් බවක් ඇතිකරයි.මෙය oil pulling හෙවත් තෙල් ඉරීමේ ක්‍රමය වේ.අතිශය පිරිසිදු පොල් තෙල් මේස හැඳි 1 ක් කටට දමාගන්න.තෙල් දත් හරහා දිව මතුපිට ගමන් කරන ලෙස මිනිත්තු 20 ක් පමණ තෙල් කට තුල කළතවන්න. උගුරේ කැළතවීමෙන් වළකින්න.පසුව කෙළ ගසා වතුරෙන් කට හොඳින් සෝදන්න. වෙනදා පරිදි දත් මදින්න. මෙය උදෑසට ආහාර ගැනීමට පෙර නිතිපතා කරන්න.
3.හීන් මදුරුතලා
හීන් මදුරුතලා/තුල්සි කොළ කිහිපයක් පැය කිහිපයක් අව්වේ වේලාගන්න. ඒවා කුඩු කරගන්න.ඉන් ස්වල්පයක් දත් බෙහෙත් සමඟ බුරුසුවකට දමා දත් මදින්න.හීන් මදුරුතලා කොළ කිහිපයක් අබතෙල් සමඟ අඹරා පේස්ට් එකක් සාදාගන්න. මෙය දත් පිරිසිදු කරගැනීමට භාවිතා කරන්න.
4.දොඩම් පොතු
දොඩම් පොත්තක් ඔබේ දත් මත මිනිත්තු 2 ක් පමණ අතුල්ලන්න.මද උණුසුම් වතුරෙන් කට සෝදන්න. දිනකට දෙවරක් මේ පිළියම කරන්න
5.ඇපල්
දත් වල කහ පැහැය ඉවත්කරගැනීමට දිනකට ඇපල් ගෙඩියක් හෝ දෙකක් ආහාරයට ගැනීම සුදුසු බව සඳාන් වෙනවා.මේවා හොඳින් සපන විට ඒවායේ ඇති ආම්ලික ස්වභාවය හා තන්තු බහුල රළු කොටස් දත් පිරිසිදු කරයි.ක්‍රන්චි ස්වභාවයේ කැරට්, සැල්දිරි, බ්රොකොලි, පිපිඤ්ඤා වගේ ආහාර ද ඉතා සුදුසුයි
6.කුඩා කොහොඹ දඬු
කොහොඹ රිකිලි කොටසක් දත් බුරුසුවක් ලෙස භාවිතා කරමින් දිනපතා දත් පිරිසිදු කරගන්න. අග යන්තම් සපමින් කුහු ස්වභාවයක් ඇතිකරගන්න. පසුව එම කොටස දත් මත මෘදුව අතුල්ලා දත් මදින්න.කොහොඹ කොළ යුෂ නිස්සාරණය කර ඒවා ස්වල්පයක් දත් වල ගල්වා අතුල්ලන්න. මිනිත්තු කිහිපයක් තිබෙන්නට හරින්න. මෘදු කෙඳි ඇති බුරුසුවකින් දත් මදින්න. අවසානයේ උණුසුම් වතුරෙන් කට සෝදන්න.කොහොඹ තෙල් බිංදු කිහිපයක් දත් බෙහෙත් සමඟ මුසු කර බුරුසුවකින් දත් මදින්න.
7.ස්ට්‍රෝබෙරි
ස්ට්‍රෝබෙරි ගෙඩි 2 ක් අඹරාගන්න. ඉන් ස්වල්පයක් දත් වල අතුල්ලන්න. සති කිහිපයක් යන තුරු දිනකට දෙවරක් මේ පිළියම කරන්න.විකල්පයක් ලෙස, ස්ට්‍රෝබෙරි ගෙඩියක් පොඩි කර බේකිං සෝඩා තේ හැඳි 1/2 සමඟ මිශ්‍ර කරන්න. දත් වල මේවා ගල්වා මිනිත්තු කිහිපයක් තිබෙන්නට හරින්න. කට සෝදා සාමාන්‍ය ලෙස දත් මදින්න.
දත් කහ වීම වළක්වාගැනීමට…
දිනකට දෙවරක් දත් මදින්න.
දිනකට එක්වරක් හෝ ඩෙන්ටල් ෆ්ලොස් වලින් දත් පිරිසිදු කරගන්න.
බැක්ටීරියානාශක මුවසේදුම්දියරයක් භාවිතා කරන්න.
කාබනීකෘත බීම වර්ග පානය කිරීමෙන් පසු කට වතුරෙන් සෝදන්න.
කෝපි, තේ ඇතුළු දත් වල කහට ඇතිකරන වෙනත් ආහාර පාන පරිභෝජනය සීමා කරන්න.
මාස 6 කට වරක් ඔබේ දන්ත වෛද්‍යවරයා වෙත යොමු වී දන්ත සෞඛ්‍ය පරික්ෂා කරගන්න.
දුම්බීමෙන් වළකින්න.දුම්කොළ කෑමෙන් වළකින්න. මේවා ඔබේ දන්ත සෞඛ්‍යයට හානිකරයි.
දත් වල කහට පැල්ලම් ඇතිකරනවා පමණක් නොව විදුරුමස් රෝග පමණක් නොව මුඛ පිළිකා වර්ධනය වීමට පවා තුඬු දෙයි.
දත් වල බරපතල දුර්වර්ණ වීමක් හෝ පැල්ලම් බැඳි ඇති බවක් දැකිය හැකිනම් ප්‍රතිකාර ලබාගැනීමට දන්ත වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.අහේතුකව දත් වල අසාමාන්‍ය අවපැහැයක් ඇති වී ඇත්නම් හෝ ඒත් සමඟම වෙනත් රෝග ලක්ෂණ අත්දැකින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැළකිලිමත්වන්න.
You will be redirected in:
60

Comments
Post a Comment