මුඛයේ ඇතිවන ආසාදන සඳහා ගුණදෙන දිය තිප්පිලි ශාකයේ ඖෂධීය ගුණ
ගෑස්ට්රයිටීස් රෝගයට , මී මැස්මොර, පාචනය, මුඛ ආසාදන, සමේ රෝග, හිස කැක්කුමට , වකුගඩු රෝග, අංශභාග රෝගය සඳහා , ආතරයිටීස් රෝගය සඳහා ද සැරව සහිත මෙන්ම පිළිස්සුම් තුවාල සඳහා ද ප්රතිකාර කිරීමට මෙම ශාකය හෙළ වෙදකමේදී යොදාගනී පිළිකා නැසීමේ ගුණයෙන් යුක්තයි. ,
ඉහළ පොටෑසියම් ප්රතිශතයක් අන්තර්ගත වන මේ ශාකයේ කාබෝහයිඩ්රේට්, පොස්පරස් ,කැල්සියම් බීටා කැරොටීන් සහ ජලය ආදියත් මෙහි අන්තර්ගත වෙනවා. ඒ වගේම මේ පැලෑටිය විශබීජ නාශක ගුණයෙන් ද සමන්විත වෙනවා.දිය තිප්පිලි වටිනා ඔසුවක් වගේම ගුණදායක ආහාරයක් ලෙසටත් වැදගත්කමක් උසුලනවා. මේ දිය තිප්පිලි ව්යංජනයක් ලෙස, සම්බෝලයක් ලෙස තෙලට මිරිසට ආදී විවිධ ආකාරවලට සකසා ආහාරය පිණිස ගන්නට පුළුවන්. අමිල පිත්ත රෝගියෙකුට නම් මේ දිය තිප්පිලි තම්බා ගෙන උදෑසන හිස්බඩ පානය කරන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි දිය තිප්පිලි කැඳ වශයෙන් පවා අපිට ආහාරයට ගන්නට පුළුවන්.
මෙම ශාකය ප්රාදේශීය වශයෙන් ආහාරයට ගන්නා අතර සලාද වලටද භාවිතා කරනවා. තවද කොල කැද සදහා දිය තිප්පිලි භාවිතා කරන ප්රදේශයන්ද දක්නට ලැබෙනවා. බොහො දෙනා මෙම ශාකයේ වටිනාකම නොදැන කලුලෑලි මකන්නට භාවිතා කිරීම පමණක් කර ඇති හෙයින් මෙම ශාකයේ අගය අවම ලෙසට තබා කතා කරනු ලැබෙයි.
මෙම ශාකය ඔසු පිණිසද යොදාගන්නා අතර අතීසාරයට පාචනයට මුඛයෙහි ඇතිවන ආසාදන සදහා අංශබාගයට මීමැස්මොරයට සමේ රෝගවලට අම්ලපිත්තය ආදී රෝග සඳහා ප්රතිකාර කිරීමේදී මෙම සම්පූර්ණ ශාකයම භාවිතයට ගන්නා අතර දිය තිප්පිලි ශාකය විෂබීජ නාශක ගුණයෙන්ද යුක්ත වෙයි.
අම්ලපිත්ත හෙවත් ගැස්ට්රයිටීස් රෝගයට දිය තිප්පිලි ශාකයේ යුෂ අඬු කෝපයක් පමණ දින කිහිපයක් උදෑසන (හිස්බඩ) පානය කිරීම බොහෝ සේ ගුණදායකය.
සන්ධිගත වාත රෝග ( ආතරයිටිස් ) සදහා ආහාරමය ඖෂධයක් විදියට භාවිතය සුදුසුය.
ඇදුම, ශ්වාසනාල ප්රදාහය (bronchitis) තත්ව වලදි ශාකය තැම්බු වතුර හෝ කෂාය භාවිතා කරයි.
උණ රෝගයට හා ප්රදාහයට ලබා දෙන Aspirin ඖෂධය හා සමාන ක්රියාකාරිත්වයක් මේ ශාක සාරය තුල තිබෙන බව පර්යේෂනාත්මකව සනාථ කරවා ඇත.
පිලිස්සීම් තුවාල සදහා ආලේප කිරීම ඉක්මන් සහනයක් ගෙනදෙයි.
කුරුලෑ සදහා ආලේපයක් විදියට ඇල්වතුර සමග මිශ්ර කර ආලේපය මුහුණේ ගෑම ගුනදායකය.
සැරව බිබිලි , සැරව ගලන තුවාල වලටත් මතුපිට ආලේපනයක් ලෙස යොදා ගත හැකියි.
පාචනය සහ අතීසාර රෝග සඳහා ප්රතිකාර සඳහා භාවිතයට ගනු ලබනවා.
මුඛයේ ඇතිවන ආසාදන සඳහා ගුණදෙනවා.
සමේ රෝග සුවපත් කරනවා.
මුත්රා කාරක ගුණ සහිතයි.
ආතරයිටීස් රෝගය සඳහා සුවය සලසනවා.
පිළිකා නැසීමේ හැකියාවෙන් සමන්විතයි.
සෙම් රෝග දුරු කරනවා.
හිස කැක්කුමට සහනය ගෙන දෙනවා.
වකුගඩු රෝග සඳහා ගුණදායක වෙනවා.
අංශභාග රෝගය සඳහා ගුණදායකයි.
මී මැස්මොරය සඳහා ප්රතිකාර පිණිස භාවිතා කෙරෙනවා.
සැරව සහිත තුවාල සුව කර ගන්නට උපකාරී වෙනවා.
පිළිස්සුම් තුවාල සඳහා ක්ෂණික සහනය සලසනවා.
අමිල පිත්ත රෝගය සඳහා ගුණදෙනවා.මේ සඳහා දිය තිප්පිලිවලින් කැඳ පානය කිරීම වගේම දිය තිප්පිලි ශාකයේ යුෂ අඩු කෝප්පයක ප්රමාණයක් දින කිහිපයක් උදෑසන හිස්බඩ පානය කිරීමත් ඉතාම ගුණදායකයි.
කුරුලෑ ඇතිවීම පාලනය කරනවා.මේ සඳහා දිය තිප්පිලි ශාකය ඇල් වතුර සමඟ අඹරා මිශ්රකර මුහුණේ ආලේප කර සෝදා හැර පසුව අයිස් කැට කිහිපයකින් තැවීම සුදුසුයි. එමගින් කුරුළෑ හට ගැනීම වැළකෙන අතර පවතින කුරුලෑ වගේම ඒ නිසා ඇතිවන අඳුරු ලප කැලැල් ද මකා දමනවා.
දිය තිප්පිලි ශාකයේ අන්තර්ගත පදාර්ථ අතර පොටෑසියම් , කැල්සියම් , කාබෝහයිඩ්රේට් , බීටා කැරොටීන් හා ජලය එයින් ප්රධාන වෙයි.
ප්රාදේශීය වශයෙන් නාමයන් රාශියක් මේ ශාකය සදහා භාවිතා කරනවා. දිය බුලත් , දිය තිප්පලි , වතුර ගස් , දිය නිල්ල ආදී නාමයන් ඉන් කිහිපයකි.
ආහාරයට ගත හැකි ක්රම -
1) දිය තිප්පිලි දඩු සමඟ කඩා ගෙන සෝදාගෙන කැබලිවලට කඩා ගෙන හෝ කපා ගෙන අමු මිරිස්, ගාගත් පොල්, ලුණු, ආදිය එක්කොට කලවම්කර (ගොටුකොළ සම්බලයක් සේ සකසා )ආහාරයට ගැනීමට සුදුසුයි ...
2) නිවිති , මුකුනුවැන්න සදන ආකාරයට සෑදිය හැකිය. වතුර අඩුවෙන් තියා තැම්බුනු පසුව මිටිකිරි දමා ගත හැකිය. දිය තිප්පිලිවල ජලය ඇති නිසා වතුර අඩුවෙන් තබා උයා ගැනීම වඩාත් සුදුසුයි ...
3) කංකුන් තෙම්පරාදු කරන ආකාරයට දිය තිප්පිලි සාදා ගත හැකිය.
උපුටාගැනීම අන්තර්ජාලයෙන්
You will be redirected in:
60

Comments
Post a Comment