මේ දිනවල පවතින වෛරස සහ ඉන්ෆ්ලුවන්සා රෝග තත්ත්ව ගැන දැනුවත් වෙන්න..


 ඔබත් මේ ගැන අවදානයෙන්ද..? මේ දවස්වල නිතර නිතරම අසනීප වෙන කෙනෙක් නම් මේ කියන කාරණය ඔබටත් වැදගත් වේවි.. 



ශ්වසන පද්ධතිය ආශ්‍රිතව පවතින වෛරස සහ ඉන්ෆ්ලුවන්සා රෝග තත්ත්වය සමාජයේ පැතිර යාම හේතුවෙන් මේ දිනවල බොහෝ දෙනෙක් පීඩා විඳිනවා.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවදානම් කාණ්ඩ යටතේ සිටින පුද්ගලයන් වඩා සැලකිලිමත් විය යුතු බවයි.

මේ පිළිබඳව අදහස් පළකළ කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ චන්න පෙරේරා පවසා සිටියේ මෙවැනි අදහසක්.

''ඉන්ෆ්ලුවන්සා A සහ B යනුවෙන් වෛරස් වර්ග 2ක් තිබෙනවා. වර්ෂයේ මැද භාගයේදී සහ අවසාන භාගයේදී රෝගීන්ගේ වැඩි වීමක් තිබෙනවා. ඉන්ෆ්ලුවන්සා තත්ත්වයේදී රෝග ලක්ෂණ වැඩි වීමක් තිබෙනවා. පැරසිටමෝල් දුන්නත් උණ සමනය නොවෙන්න පුළුවන්. මෙම තත්ත්වය දින 2 - 3ක් අතර පවතින්න පුළුවන්. තද හිසරදය, උගුරේ වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව, කිවිසුම් යාම වැනි තත්ත්ව ඇතිවිය හැකියි. මෙයට ලක්විය හැකි අවදානම් කාණ්ඩ,
- අවුරුදු 1කට වඩා කුඩා දරුවන්
- අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්
- ගර්භණී කාන්තාවන්
- නිධන්ගත රෝග ඇති අය

උණ අඩු නොවුණත් වැඩි ඖෂධ මාත්‍රා දීම සුදුසු නැහැ. ඉතා තද උණ තිබෙනවානම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
Countdown Timer

Countdown Timer

25 seconds remaining

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා