ජලය සිරුරේ අධිකව තැන්පත් වුනොත් මෙහෙම වෙනව කියල දැනන් හිටියද?


 ජලය අපේ ජීවය පවත්වාගන්න අත්‍යවශ්‍යම සාධකයක්. නමුත් ඇතැම් විට අධික ජලය ප්‍රමාණයක් සිරුරට ලැබිම ඔබේ සෞඛ්‍යයට වගේම සුන්දරත්වයටත් හානිදායක විය හැකියි.ඉතින් වෛද්‍යවිද්‍යාත්මකව කිවුවොත් සිරුරේ තරල තැන්පත් වීම ලෙස මේ තත්ත්වය හදුන්වනවා.

සිරුරේ පටක තුල ජලය අධික වීම සිරුරේ තරල තැන්පත් වීම ලෙස හඳුන්වනවා.ඉතින් එවැනි අවස්ථාවකදී විවිධ සෞඛ්‍ය ගැටළු මතු කරනවා. මේ කියන්න යන්නෙත් එලෙස සිරුරේ තරල තැන්පත්වී ඇති බව හඟවන ලක්ෂණ 5 ක් ගැනයි.

කකුල් සහ වළලුකර ඉදිමීම

දවස පුරා වැඩිවෙලාවක් වාඩිවී සිටීම, දිගු වෙලාවක් හිටගෙන වැඩ කිරීම, එහාමෙහා ගමන් නොකර එකම තැනක සිටීම වැනි පුරුදු වල ප්‍රතිඵලයක් ලෙස කකුල් හා වළලුකර ඉදිමීම සිදු වනවා. කකුල් වල බර ගතියක් වගේම වේදනාව දැනෙන්නට පටන්ගත හැකි අතර ඔබ අඩි උස පාවහන් පලඳින්නේ නම් එම අපහසුතාව බරපතල අතට පත්විය හැකියි.

මෙහිදී දිනකට මිනිත්තු කිහිපයක් වැය කරමින් උඩු අතට වැතිරි ඔබේ දෙපා මදක් ඉහළට ඔසවාගෙන සරල ව්‍යායාමයක් ලබාදෙන්න. විටින් විට විරාමයක් ගනිමින් එහා මෙහා කෙටි දුරක් ඇවිදින්න. සුවපහසු බවින් වැඩි සරල පාවහන් යුගලක් භාවිතා කරන්න.

උදර ප්‍රදේශයේ තරල තැන්පත් වීම

ඔසප් විමේ දින ආසන්න විම, හෝර්මෝන අඩංගු උපත් පාලන ක්‍රම භාවිතය,හෝර්මෝන චිකිත්සාවකට බඳුන්වීම ආදි හේතු නිසා උදරය ඉදිමීම සහ බර ගතියක් දැනීම සිදුවිය හැකියි.

මෙහිදී ඔසප් වීමට ආසන්න නිසා මෙසේ බඩ ඉදිමීම සිදුවිය හැකි අතර එය දින දෙක තුනකින් පසු පහව යයි. ඖෂධ හා සම්බන්ධ බලපෑමක් නම් මේ සඳහා ඔබට වෛද්‍ය උපදෙස් ලබාගැනීමට සිදුවේ. බඩ පිපුමත් සමඟ වේදනාව ඇතුලු වෙනත් රෝග ලක්ෂණ මතුකරයි නම් වහාම වෛද්‍යවරයෙකු හමුවට යන්න.

කකුල් සහ යටිබඩ ඉදිමීම

පැහැදිලි හේතුවක් නොමැතිවම හුස්ම හිරවෙන බවක් හෝ අප්‍රාණික බවක් හා හිස සැහැල්ලු බවක් ඔබට දැනේ නම්, හුස්ම ගැනීමට අපහසු බවක් හෝ හෘද ස්පන්දනය ඉහළ ගොස් ඇති බවක් දැනේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවිමට සැලකිලිමත් වන්න. මෙවැනි ලක්ෂණ සහිතව කකුල් සහ බඩ ඉදිමී ඇති ලක්ෂණ පහළ වී ඇත්නම් ඔබට හෘදය ආශ්‍රිත ගැටලු පවතින බව බොහෝ දුරට ඉඟි කරයි.

වහාම වෛද්‍ය උපදෙස් වෙත යොමු වී අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න. නිතිපතා ඔබේ සෞඛ්‍ය පරික්ෂාවන් සිදුකරගන්න. එදිනෙදා ආහාරයට ගන්නා ලුණු ප්‍රමාණය අඩු කරන්න.

මුහුණ ,ඇස් වටා ඉදිමීම

ලුණු අධික ස්නැක් වර්ග, ක්ෂණික ආහාර, කෑන් කල ආහාර පරිභෝජනය කිරීම නිසා පසුදා උදෑසන අවදි වන විට ඔබේ මුහුණ ඉදිමී තිබීම පුදුමයට හේතුවක් නොවේ.

මුහුණේ ඉදිමුණු ගතිය ස්වභාවිකවම ටික වේලාවකින් දුරු වී යයි. යලි එසේ වීම වළක්වාගැනීමට නම් ලුණු, රසකාරක කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු ආහාර පරිභෝජනය අඩු කරන්න.

කකුල් ඉදීමීම සහ කැක්කුම් ඇතිවීම

නහර විශාල වීම, සමේ පැහැය වෙනස්වීම්, බිබිලි (රෑෂ්) හටගැනීම ආදි ලක්ෂණ නහර ආශ්‍රිත ගැටලු ඉඟි කරයි. ඇතැම් විට නහර වල ක්‍රියාකාරීත්වය අක්‍රමවත් වි තිබීම හෝ ඒවායේ රුධිර කැටිති වර්ධනය වී තිබීම හේතුවෙන් එවැනි ලක්ෂණ පහළ විය හැකියි.

පළමුව වෛද්‍යවායෙකු හමුවීමට සැලකිලිමත්වන්න. ඇතැම් විට ඔබට ප්‍රතිකාර සහ සැත්කම් වලට යොමුවීමට පවා සිදුවිය හැකියි. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න. ඔබේ දෙපා වලට හොඳින් විවේකය ලබාදෙන්න.සම්පීඩන මේස් (compression socks)පැලඳීම ඔබේ දෙපා වල අපහසුතාව ඇතිවීම අවම කරනු ඇත.

තරල තැන්පත්වීම පාලනය කරගැනීම සඳහා,

01. නීරෝගි සමබල පෝෂණයක් සහිත ආහාර වේලක් ලබාගන්න. ලුණු පරිභෝජනය අඩු කරන්න. නට්, කෙසෙල්, අලිපේර,

02.දොඩම්- ලෙමන්- නාරං ආදී පැඟිරි අඩංගු පලතුරු,කොළ පැහැති එළවළු වර්ග ඔබේ ආහාර වේලට එකතු කරගන්න.

03.වෙහෙසකාරි දිගු දවසක අවසානයේ ඔබේ දෙපා ඉහළින් තබාගෙන හොඳින් විවේකයක් ලබාදෙන්න.

04.අසාමාන්‍ය රෝග ලක්ෂණ පහළ වේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.

05.වෛද්‍ය උපදෙස් අනුව නිසි වෙලාවට හා මාත්‍රාවන්ට අනුව ඖෂධ දිගටම ලබාගන්න.  

Countdown Timer

Countdown Timer

60 seconds remaining

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා