උදෑසන හිස් බඩ පානය කළ යුතු සෞඛ්‍ය සම්පන්න පාන වර්ග 4ක්
නිරෝගීමත් දේහයක් උදෙසා... ඔබේ සිරුර පවිත්‍ර කර, දවස ආරම්භ කිරීමටත්, පරිවෘත්තීය ක්‍රියාවලිය (metabolism) වැඩි දියුණු කිරීමටත් උදෑසන හිස් බඩ පානය කරන දේ ඉතා වැදගත් වේ. සාමාන්‍ය වතුර වීදුරුවක් වෙනුවට, එහි ගුණය තවත් වැඩි කරගත් පහත සඳහන් පාන වර්ග උත්සාහ කර බලන්න.
කුරුඳු සහ මී පැණි පානය
ගුණ: උදරය ආශ්රිත මේදය ඉක්මනින් අඩු කිරීමටත්, සිරුරේ පරිවෘත්තීය ක්‍රියා බාධාවකින් තොරව සිදු කිරීමටත් උපකාරී වේ.
ප්‍රතිශක්තිය වැඩි දියුණු කරමින්, වෛරස් හා බැක්ටීරියා වලින් ආරක්ෂා කරයි.
ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් (antioxidant) පොහොසත් වේ.
සදා ගන්නා ආකාරය: කුරුඳු තේ හැන්දක් සහ මී පැණි තේ හැන්දක්, උණු කර නිවාගත් මද රස්නේ වතුර සමඟ මිශ්‍ර කර උදෑසනම පානය කරන්න.
සූදුරු පානය
ගුණ: ආහාර ජීරණ ගැටළු සුවපත් කරන අතර, මැග්නීසියම්, සෝඩියම්, යකඩ, විටමින් C සහ අත්‍යවශ්‍ය තෙල් වර්ග වලින් පොහොසත් වේ.
ප්‍රතිශක්තිය වැඩි දියුණු කරමින්, ශ්වසන රෝග, රාත්‍රියේ නින්ද නොයාම, සමේ රෝග, රක්තහීනතාවය වැනි රෝග මර්දනයට උපකාරී වේ.
මතක ශක්තිය වර්ධනය කර, ඔසප් ගැටළු සහ ලිංගික ආශාව පවා වර්ධනය කිරීමට හැකියාවක් පවතී.
සාදා ගන්නා ආකාරය: සූදුරු මේස හැන්දක් වතුර වීදුරුවකට දමා, රැයක් පුරා පොඟවා තබා, පසුදා උදෑසන එම කහ පැහැති ජලය පානය කරන්න. කැමති නම් මී පැණි ස්වල්පයක් එකතු කරගත හැක.
ලෙමන් වතුර
ගුණ: ආහාර ජීර්ණය සහ විටමින් C පරිභෝජනය වැඩි කරන අතර, ඉඳ හිට ලෙමන් ගෙඩියක් මිරිකා වතුර පානය කිරීමෙන් අක්මාවට මෙන්ම සිරුරේ විෂ ඉවත් කිරීමටද උපකාරී වේ.
වැදගත් සටහන: කෙසේ වෙතත්, සෑම දිනම ලෙමන් වතුර පානය කිරීමෙන් ඔබේ දත්වල එනමලයට හානියක් සිදු විය හැකි බව මතක තබා ගන්න.
උණුසුම් ජලය සමඟ ලුණු ස්වල්පයක්
ගුණ: පැය 7-8ක හොඳ නින්දකට පසු සිරුරේ ඇති කැල්සියම්, පොස්පරස්, සෝඩියම් වැනි ඉලෙක්ට්‍රෝලයිට සහ ඛනිජ ලවණ සමතුලිතතාවය (balance) යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වේ.
සාදා ගන්නා ආකාරය: උදෑසන බොන වතුර වීදුරුවට ලුණු කුඩු ස්වල්පයක් එකතු කර පානය කරන්න. (වැදගත් වන්නේ ලුණු රසැති වතුර නොව, ලුණු ස්වල්පයක් එක් කිරීමයි).
වැදගත් සටහන: මෙම පාන වර්ග උදෑසන පානය කිරීමට පෙර, ඔබේ සෞඛ්‍ය තත්ත්වය සහ පවතින රෝගී තත්ත්වයන් (ඇත්නම්) පිළිබඳව වෛද්‍ය පරීක්ෂණයක් කර උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වේ.
Countdown Timer
60 seconds remaining

Comments
Post a Comment