කෙට්ටු වෙන්න කෙට්ටු වෙන්න ගගා දිනපතා බොන කසකසා අගුණයි කියල දැනන්හිටියද?
තුල්සි ඇට, basil seed කියන නම්වලිනුත් ගොඩක් අය අතර ප්‍රසිද්ධ වෙලා තියෙන මේ ඇටවලින් ලැබෙන වාසි අවාසි ගැන තමයි මේ කියන්න යන්නේ..
-යකඩ, කැල්සියම් සහ මැග්නීසියම් ප්‍රභවයක් වන බැසිල් ඇට මේස හැන්දක් දිනකට ගැනීමෙන් ඔබේ ආහාර වේලෙහි වැදගත් අඩුපාඩු පිරවීමට උපකාරී වෙනවා.
කස එහෙමත් නැත්නම් බැසිල් බීජ වලින් ලැබෙන සෞඛ්‍ය ප්රතිලාභ
01.බැසිල් බීජ වල ද්‍රාව්‍ය තන්තු අඩංගු වන අතර එමඟින් ආහාර ජීර්නය ක්‍රමවත් කරයි.
02.රුධිරයේ සීනි පාලනය.
03.සෞඛ්‍ය සම්පන්න කොලෙස්ටරෝල් මට්ටම පාලනය සහ ආහාර රුචිය පාලනය කළ හැකිය.
04.අර්ශස් සඳහා ගුණදායකයි.
05.බැසිල් බීජ ප්‍රතිඔක්සිකාරක, ප්‍රති ආසාත්මිකතා , ප්‍රතිබැක්ටීරීය සහ ප්‍රති-පිළිකා ප්රතිලාභ ලබා දිය හැකි ෆ්ලේවනොයිඩ් ඇතුළු ශාක සංයෝගවලින් පොහොසත් වේ.
06. ඔමෙගා 3 වලින් ඉතාමත් පොහොසත්.
07.මේද දහනය කරන නිසා ශරීරයේ බර පාලනය කරයි.
කස ඇට භාවිතයේ අවාසි දායක තත්ත්වයන්.
01වැඩියෙන් භාවිතා කිරීමෙන් ශරීරයේ අහාර ජීර්නය සම්බන්දව ගැටලු ඇති වේ.
02.ලේ කැටි ගැසීමේ ගැටලු.
දැන් බලමු භාවිතා කරන්න ඕනි කොහොමද කියලා.
කසකසා ඇට මේස හැදි එකක් වතුර කෝප්පෙකට දාලා fridge එකේ විනාඩි 15ක් තියන්න. Fridge එකක් නැත්නම් සීතල වතුරට දාලා වහලා තියන්න.
-විනාඩි 15 කින් මේ ප්‍රමානය 3 ගුනයකින් වගේ වැඩි වෙනවා.
-දවස ඇතුලත මේක බොන්න. ඔයාල බොන වතුර බෝතලේට දාලා බොන්න. නැත්නම් එක පාරම මේකම බොන්න. Faluda milkshake වලට කලවම් කරලා කැමති විදිහකට බොන්න පුලුවන්.
BMI එක අඩු අය මේක භාවිතා කරන්න එපා.
-කුඩා දරුවන්ට දෙන්න එපා. අවුරුදු 10ක ලමයෙක්ට ඇගිලි තුඩට ගන්න ප්‍රමානයක් වගේ දවසකට දුන්නට කමක් නෑ. ඊට පොඩි ලමයින්ට දෙන්න එපා.
-Diet කරන අය ගත්තට කමක් නෑ.
-කෑම රුචිය අඩු කරන නිසා diet කරන අය කෑමට පෙර ගන්න.
-කිරි දෙන මව්වරුන් සහ ගැබිනි මව්වරුන් දවසට තේ හැදි බාගෙකට වඩා ගන්න එපා. හැමදාම ගන්නත් එපා සතියට 3 වරක් විතර ගන්න.
ස්තූතිය මුල් හිමිකරුට
උපුටාගැනීම අන්තර්ජාලයෙන්
Countdown Timer
30 seconds remaining

Comments
Post a Comment