රුධිර කැටිතිවල අනතුරු ඇඟවීමේ සංඥා හඳුනාගන්න.
ලේ කැටි ගැසීම කියන්නේ රුධිර නාලයකට තුවාල වූ විට අධික රුධිර වහනය වළක්වන වැදගත් ක්‍රියාවලියකි. එනම් රුධිර පට්ටිකා (රුධිර සෛල වර්ගයක්) සහ ඔබේ ප්ලාස්මාවේ ඇති ප්‍රෝටීන වල එකතුවක් ලෙස මෙලෙස රුධිරය කැටි ගැසේ.
සාමාන්‍යයෙන් කැපීමක්, සීරීමක් හෝ තුවාලයක් වූ විට රුධිර වාහිනිවලින් ඉවතට රුධිරය ගලයි. රුධිරය ඉවතට ගැලීම නවතින්නේ ලේ කැටි සෑදීමෙනි. ඒ අනුව ලේ වහනය වීමෙන් සිරුර ආරක්ෂා කරනවා.තුවාලය සුවවීමත් සමඟ සාමාන්‍යයෙන් ඒවා දියවී යන අතර එය සාමාන්‍ය තත්වයක්. ඔබේ සෞඛ්‍යට කොහෙත්ම හානියක් වන්නේ නැහැ.
නමුත් ඔබේ සිරුරේ අභ්‍යන්තර ශිරාවල රුධිර කැටි ඇතිවීම් අතිශය භයානකයි. එමඟින් ඔබට මරණය පවා ගෙන එන්නකි. හරියට කියනවා නම් මේ කියන්නේ නාල වල රුධිර කැටියක් සිරවුණොත් සිදු වන දේ ගැනයි. රුධිර කැටියක් එය හටගත් ස්ථානයෙන් කැඩී ඉවත් වී සිරුරේ පෙනහළු හෝ හෘදය වැනි අවයවයක් වෙත ගමන් කර තිබුණහොත් වඩාත් බරපතල ආකාරයේ සෞඛ්‍ය ගැටළු මතු කරනවා.
ශරීරයේ ඕනෑම තැනක ඇතිවිය හැකි මෙය, මොළය, පෙනහළු හෝ හදවතට ගියොත් ජීවිතයට තර්ජනයක්.
ඉක්මන් ප්‍රතිකාර සඳහා මේ ලක්ෂණ හඳුනාගන්න
1. පාදයේ/අතේ (DVT - Deep Vein Thrombosis)
හදිසි ඉදිමීම: බොහෝ විට එක් පාදයක පමණයි.
උණුසුම්/රතු පැහැති සම: බලපෑමට ලක් වූ ප්‍රදේශය රත්වීම.
වේදනාව/තද ගතිය: මාංශ පේශී පෙරළීමක් (Cramp) වැනි හැඟීමක්.
2. පෙනහළු වල (PE - Pulmonary Embolism) හදිසි තත්වයක්!
හදිසි හුස්ම ගැනීමේ අපහසුව.
තියුණු පපුවේ වේදනාව: හුස්ම ගන්නා විට හෝ කැස්ස විට දැනේ.
හෘද ස්පන්දනය වේගවත් වීම.
ක්ලාන්තය හෝ කරකැවිල්ල.
මොළයේ (Stroke - ආඝාතය)
ශරීරයේ එක් පැත්තක හිරිවැටීම හෝ දුර්වලතාවය (මුහුණ, අත, පාදය).
කතා කිරීමට අපහසුව (Speech Difficulty).
හේතුවක් නොමැති දරුණු හිසරදය.
හදවතේ (Heart Attack - හෘදයාබාධය)
පපුවේ මිරිකනවා වැනි වේදනාව/පීඩනය.
අතට, පිටට හෝ හනුවට වේදනාව පැතිරීම.
සීතල දහඩිය දැමීම.
වැදගත්ම දේ: මෙම ලක්ෂණ ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට දැනුණොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න! (Seek Immediate Medical Help). කාලය නාස්ති කිරීමෙන් ජීවිත හානි සිදුවිය හැකියි.
මේ තොරතුරු ඔබ ආදරය කරන අය සමඟ බෙදාගන්න (Share). දැනුවත් වීමෙන් ජීවිත බේරා ගමු!
Countdown Timer
60 seconds remaining

Comments
Post a Comment