නීරෝගීව ඉන්න ඔබ අනිවාර්යයෙන් ආහාරයට ගන්න ඕනේ පලා වර්ග
පලා වර්ග විදියට හැමදාමත් අපි බත් පතට එකතු කරගන්නේ කංකුන්, මුකුණුවැන්න, ගොටුකොළ වගේ ප්‍රසිද්ධ පලා වර්ග කිහිපයක් පමණයි . නමුත් කලවම් මැල්ලුමකට එකතු කරගත හැකි අපේ පරිසරයේ හැදෙන තවත් කොළ පලා වර්ග බොහොමයක් තිබේ..
ස්වාභාවිකවම අපේ ගෙවතු තුළ වැවෙන බොහෝ පලා වර්ගයන් තිබේ. ඒවා පෝෂණ ගුණයෙන් මෙන්ම ඖෂධීය ගුණයෙන් ද ඉහළය. ආහාර විවිධත්වය අනිවාර්යයෙන්ම සිදු විය යුත්තක්. ශරීරය පෝෂණය කරමින් නිරෝගි සුවය කැන්දන්න ගුණයෙන් එකිනෙකට වෙනස් ආහාර වලට පුළුවන් . බත් පතට පහසුවෙන් එකතු කර ගත හැකි පෝෂණ ගුණයෙන් පිරි එවන් විවිධාකාර වූ පලා වර්ගයන් පිළිබඳවයි මේ සටහන......
පිටවක්කා
ආයුර්වේදයෙහි පිටවක්කා වලට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි.සෙම් රෝග ආශ්රිත කසාය සඳහා පිටවක්කා බහුල වශයෙන් යොදා ගනී. රුධිර පිරිසිදු කාරකයක් ලෙස ද පිටවක්කා ක්‍රියාකාරී වේ.. මීට අමතරව ඇති ප්‍රයෝනය ද කීපයකි.
වකුගඩු හා අක්මා රෝග වලින් ආරක්ෂා කරයි.
දියවැඩියාව පාලනය කරයි.
පීනස රෝගය පාලනය කරයි.
ගැටතුඹ
දේශීය වෛද්‍ය ක්‍රමය තුළ වේදනා නාශකයක් ලෙස ගැට තුඹ යොදා ගනී .පණු රෝග ආදියේදී ද මෙය ඖෂධයක් ලෙස භවිතා කරයි.මීට අමතරව දියවැඩියා පාලනය කිරීම, මෙහි ඇති සුවිශේෂී ගුණයකි.
මොණරකුඩුම්බිය
ඕනෑම ගෙවත්තක අපට නිරන්තරයෙන්ම හමු වන බොහෝ වටිනා පැළෑටියකි. එහෙත් බොහෝදෙනා මෙහි වටිනාකම හඳුනාගෙන නැතැයි සිතේ. මෙහි ඇති වටිනාකම සැකෙවින් පහත සඳහන් වේ..
හොඳම ප්‍රතිශක්ති වර්ධකයකි.
Anemia හෙවත් පාණ්ඩු රෝග තත්ව වලදී ශරීරගත හිමොග්ලොබින් ප්‍රමාණය ඉහළ නැංවීමට දායක වෙයි.
මුත්‍රා කාරකයකි.
අක්මා රෝග වලදී ඉතා යෝග්‍යයි.
කුප්පමේනිය
මෙම නම ඇසූ පමණින් අපේ මතකයට එනුයේ පූසන්ගේ කෑමක් වශයෙනි. එනමුත් මෙය කලවම් මැල්ලුමට පමණක් නොව තනිකර මැල්ලුමක් ලෙසද සකසා ගත හැකි රසවත් ගුණවත් ආහාරයකි. ශ්වාසනාල ආශ්රිත රෝග වලදී මෙය බොහෝ විට භාවිතා වෙයි.
අසමෝදගම් කොළ
බඩේ කැක්කුම හා පණු රෝග වලට ගුණදායකයි.
අජීර්ණ රෝග සුවකරයි.
කිරිඅඟුණ
මෙය නම් බොහෝ දෙනා ආහාරයට එක් කර ගන්නා කොළ වර්ගයකි..
මී විෂ හා කුෂ්ඨ රෝග නසයි.
ලේ පිරිසිදු කරවයි.
. මව්කිරි වඩවයි.
මල පිටකිරීම පහසු කරවයි.
ගෙඳ පලා
බොහෝ දෙනෙකුගේ අවධානය යොමු නොවුනත් මේ බොහෝ ගුණපිරි කොළ වර්ගයකි.
ආහාර රුචිය වඩවයි
අර්ශස් රෝගයට ගුණදායකය.
මලබද්ධයට ගුණදෙයි.
වාතරක්තය, රත්පිත්, ඉදිමුම්, මුත්‍ර අඩස්සිය දුරලයි.
වකුගඩු රෝග, මුත්‍ර ප්‍රදාහ වලට ඖෂධයකි.
රාබු කොළ
ආහාර රුචිය වඩවයි.
හොඳ මුත්‍රා කාරකයකි.
මුත්‍රා ගල් ඇතිවීම වළකයි.
වකුගඩු පිරිසිදු කරයි.
දහඩිය දුගඳ නැති කරයි.
විටමින් C බහුලයි.
සාරණ
හොඳ මුත්‍රාකාරකයකි.
ආහාර දිරවීම පහසු කරවයි.
මලබද්ධය සුවකරයි.
දහඩිය දැමීම අඩුකරයි.
දහඩිය දුගඳ නැති කරයි.
වකුගඩු වල ගල් ඇතිවීම වළකයි.
කොහිල දළු
බඩවැල් වල තුවාල හා මලබද්ධය සුවකරයි.
හොඳ පිළිකා නාශකයකි.
අර්ශස් වලට ගුණදායකයි.
කූර තම්පලා
ප්‍රතිශක්තිය වැඩි කරයි.
ස්ත්‍රී රෝග වලට ගුණදායකයි.
අක්කපාන කොළ
වැඩි අවදානයක් යොමු නොවුනත් ගුණදායි ආහාරයකි..
මුත්‍රාගල් ඇතිවීම වළක්වයි.
දියවැඩියාවට ගුණදායකයි.
වැල්පෙනෙල
ආහාර මාර්ගය ආශ්‍රිතව හටගන්නා රෝග වලට ගුණදායකයි.
දියවැඩියා රෝගීන්ට ගුණදායකයි.
ශරීර වේදනාව පහකරයි.
ස්නායු ශක්තිමත් කරයි.
ඉකිරිය
මුත්‍රා දැවිල්ල නැතිකරයි
මුත්‍රාගල් දියකරයි.
සන්ධි ඉදිමීම සුවකරයි.
පොල්පලා
මුත්‍රාගල් දියකර හරියි.
මුත්‍රාබාධ සඳහා ගුණදායකයි.
දියවැඩියාව රෝගීන්ට හිතකරයි.
ශ්වසන ආබාධ සුවකරයි.
චර්ම රෝග ඇතිවීම වළකාලයි.
ඔබේ ආහාර වේලට මින් පස්සෙ පලා වර්ග එකතු කරගනිද්දි මේ කියන පලා වර්ග එකතු කරගන්නත් අමතක කරන්න එපා..
උපුටා ගැනීමකි..
Countdown Timer
60 seconds remaining

Comments
Post a Comment