කොලොස්ට්‍රෝල්,දියවැඩියා,පිළිකා, නසන ප්‍රෝටීන් විටමින් බහුල ඔමේගා3 අඩංගු හණ ඇට


 රෑට කෑම නොකා, මෙයින් වීදුරුවක් බොනවා සමහරදාට මම..

𝗙𝗹𝗮𝘅𝘀𝗲𝗲𝗱( හන ඇට )

මදක් කබල් ගාලා, කුඩු කරලා, ⁣පිරිසිඳු වීදුරු බෝතලයක අසුර ගන්න..

මෙයින් මේස හැන්දක් හෝ දෙකක් ගෙන, නටන උණු වතුර දමා, හොඳින් කලවම් කර, නිවෙන තුරු වසා තබා, පානයට පෙර නැවත සැරයක් කලවම් කර ගන්න..

හණ ඇට අමුවෙන් නිකම්ම ආහාරයට ගන්න පුළුවන් උනත් ඒ ඇට ඉතා කුඩා නිසා හොදින් හපන්නෙ නැතුව ගිලීමෙන් පුරුදු නැති අයට බඩ පිපෙන තත්වයක් ඇති කරයි..

මේකට හොඳින් බඩ පිරෙනවා වගේම බලමු ගුණ ගැන..

ප්‍රෝටීන්, ෆයිබර්, Omega 3 මේද අම්ල, කැල්සියම්, යකඩ,  මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම් වැනි පෝෂණ සංඝටක රාශියක්ම හණ ඇට තුළ යහමින් අඩංගු වෙනවා, විටමින් B සංඝටකයක් වන තයමීන් වලින් වැඩි ප්‍රතිශතයකුත් හන ඇට වල අන්තර්ගතයි. 

පිළිකා වර්ග ඇතිවීම වළක්වයි,

රුධිරයේ කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය අඩු කරන්නත් උපකාරී වේ

පරිවෘත්තීය ක්‍රියාකාරකම් සහ සෛල වල නිසි ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න උදව් වේ

හෘදයාබාධ වැනි හදවත් රෝග ඇතිවීමේ අවධානම අඩු කරන්නත් හන ඇට වල අඩංගු පෝෂක වලට හැකියාව තිබෙනවා

හණ ඇට අනුභවය මගින් දෙවන ගණයේ දියවැඩියා රෝගයට සුවය සලසාගන්න පුළුවන්.

ශරීර බර සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගන්නත් පුළුවන් වෙනවා.

ඒමෙන්ම මම මේ කුඩු එළවලු සහ පළතුරු සලාද වලට වගේම විවිධ වර්ගයේ juices වලටත් එකතු කර ගන්නවා..

දැන් ඉතින් මේවා මෙච්චර ගුණයි කියලා කාගෙන කාගෙන යන්න එපා, වැඩිපුර ගන්න අවශ්‍ය නම් වෛද්‍යවරයකුගෙන් අසා තහවුරු කර ගන්න..

නිරෝගිව ඉන්න නම්, හන ඇට වගේම ඔබ ගන්නා අනෙකුත්  ආහාර වල ඇති ගුණාත්මක භාවය සහ ජීවන රටාවේ යහපත් බව පවත්වා ගැනීමත් ඉතාම වැදගත් වෙනවා..

උපුටාගැනීම අන්තර්ජාලයෙන්

Countdown Timer

Countdown Timer

60 seconds remaining

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා