නිධන්ගත රෝග වළකන සංයෝගයක් ගැන විශේෂ අනාවරණයක්..


 නිදන්ගත රෝගවලින් ආරක්ෂා වෙන්න බොහෝ දෙනෙක් වෙහෙසෙනවා.


ඒ සඳහා ස්වාභාවිකවම සැකසෙන විශේෂ සංයෝගයක් ගැනයි මේ කතාව. 


ෆ්ලෙවොනොයිඩ්ස් නමැති ස්වාභාවික සංයෝගය යහමින් අඩංගු ආහාර ගැන ඔබ දැනුවත්ද? ඔබ තේ, ඩාර්ක් චොකොලට් ඇතුළු ආහාරවර්ග පරිභෝජනය කිරීමට පුරුදු වී සිටී නම් ඔබටත් ඒ නිදන්ගත රෝගවලට ගොදුරුවීමේ අවදානම අඩු කරගත හැකියි.

එසේම, දිගු කාලයක් ජීවත්වීමටද එම ආහාර වර්ග හේතු වන බව විශ්ව විද්‍යාල හතරකට අයත් පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කර ඇති නවතම පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබෙනවා.

වසර 10ක කාලයක් පුරා පුද්ගලයන් එක්ලක්ෂ විසිදහසක පිරිසක් යොදා ගනිමින් සිදු කර ඇති මෙම පර්යේෂණයට අනුව ෆ්ලෙවොනොයිඩ්ස් නමැති ස්වාභාවික සංයෝගය අඩංගු තේ, ඩාර්ක් චොකොලට් බෙරී වර්ග (බ්ලූ බෙරීස්, ස්ට්‍රොබෙරීස් ) දොඩම්, ඇපල්, මිදී වැනි ආහාර වර්ග පරිභෝජනය කිරීමෙන් නිදන්ගත රෝග වන දෙවැනි ඝනයේ දියවැඩියාව ,හෘද රෝග , පිළිකාවන් හා ස්නායු රෝගවලට ගොදුරු වීම වළක්වාගත හැකි බවයි මින් ඔප්පු වී ඇත්තේ.

‘සයන්ස් ඩේලි ’ සඟරාවේ පළව ඇති මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නගරයේ ක්වීන්ස් විශ්වවිද්‍යාලය, ඔස්ටේ්‍රලියාවේ පර්ත් නගරයේ එඩිත් කොවන් විශ්වවිද්‍යාලය , ඔස්ටේ්‍රලියාවේ වියනා නගරයේ වෛද්‍ය විශ්වවිද්‍යාලය හා වියෙන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසිනි.
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා