අපේ රටේ සුලබව තියන දිවුල් නිසා ලෙඩ රෝග රැසකින් ඔබට ආරක්ෂා වෙන්න පුළුවන් කියලා දැනගෙන හිටියාද..?


 ලංකාවේ සුලබවම දකින්න තියන දිවුල්, දිවුල්වල මේ තරම් ගුණ අන්තර්ගතයි කියලා ඔබ නිකමටවත් හිතුවාද..? 



ඒ නිසා දිවුල් කනකොට, බොනකොට මෙන්න මේ ගැනත් සැලකිලිමත් වෙන එක වැදගත්...

දිවුල් කියන්නෙ රෝගාබාධ රාශියකට ගුණ දෙන ඖෂධ යෝග රාශියකටත් ඒ වගේම ආහාරමය වශයෙන් කොළකැඳ, අතුරුපස ආදිය සඳහාත් ගනු ලබන ඉතා ප්‍රයෝජනවත් ශාකයක්...

දිවුල්වල සැඟවුණු ගුණ සරලවම මෙන්න මේ වගේ හඳුන්වාදෙන්න පුළුවන්,

ප්‍රෝටීන් බහුලයි

සාමාන්‍යයෙන් පළතුරුවල ප්‍රෝටීන් ඇත්තේම නැති තරම්. සමහර පළතුරුවල ප්‍රෝටීන් ස්වල්පයක් තිබුණත්, දිවුල් ඒ අතරින් විශේෂයි. උදාහරණයක් ලෙස, ප්‍රෝටීන් වැඩි පළතුරක් ලෙස සැලකෙන පේර ග්‍රෑම් 100ක ඇත්තේ ප්‍රෝටීන් ග්‍රෑම් 2.6ක් පමණි.

නමුත්, නවීන පර්යේෂණ අනුව දිවුල් ග්‍රෑම් 100ක, ප්‍රෝටීන් ග්‍රෑම් 3.6 සිට 8.5 දක්වා ඉහළ ප්‍රමාණයක් අඩංගු බව සොයාගෙන තිබෙනවා.

ඔබ දිවුල් මද ග්‍රෑම් 100කට පොල් කිරි මිලි ලීටර් 100ක් එකතු කළොත්, එයට තවත් ප්‍රෝටීන් ග්‍රෑම් 2.3ක් සහ සිරුරට හිතකර මේදය ග්‍රෑම් 5-7ක් පමණ එකතු වෙනවා.

වර්ධනය වන දරුවන්ට කදිම ආහාරයක්

වර්ධනය වන දරුවන්ට ශරීර වර්ධනය සඳහා ප්‍රෝටීන් සහ මොළයේ වර්ධනය සඳහා හිතකර මේදය අත්‍යවශ්‍යයි. වර්තමානයේ බොහෝ දරුවන් පිටි, සීනි, ලුණු, සහ කෘත්‍රිම රසකාරක අධික, පෝෂණ ගුණය අඩු ආහාරවලට පුරුදු වී සිටිනවා.

මේ වගේ දරුවන්ට පොල් කිරි සමඟ මිශ්‍ර කළ දිවුල් ලබාදීම ඉතා හොඳ විකල්පයක්. එය ඔවුන්ගේ වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබා දෙන සුපිරි ආහාරයකි.

වකුගඩුවලට දෙන ආරක්ෂාව

විද්‍යාත්මකව Limonia acidissima ලෙස හඳුන්වන දිවුල්, වකුගඩුවල ගල් ඇතිවීම වැළැක්වීමට සහ වකුගඩුවල ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වන බව සොයාගෙන තිබෙනවා. වකුගඩු ආරක්ෂා කිරීමේ මෙම හැකියාව “Nephroprotective” ගුණය ලෙස හැඳින්වේ.

ශරීරයේ විෂ නසන ගුණය

දිවුල්වල අඩංගු ප්‍රබල ප්‍රතිඔක්සිකාරක (antioxidants) සහ ශාක රසායනික ද්‍රව්‍ය, අපගේ අක්මාවේ සහ ආහාර මාර්ග පද්ධතියේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට විශාල දායකත්වයක් සපයනවා.

බෝ නොවන රෝගවලින් ආරක්ෂාවක්

දියවැඩියාව, හෘද රෝග වැනි බෝ නොවන රෝග රැසකින් අපව ආරක්ෂා කළ හැකි ශාක රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් දිවුල්වල අඩංගුයි. මේ නිසා විද්‍යාඥයන් දිවුල්, “බහුවිධ ක්‍රියාකාරීත්වයකින් යුතු සුපිරි ආහාරයක්” (multi-functional food) ලෙස සලකනවා.

දිවුල් සහ මීකිරි සංයෝගය ගැන ඔබ අසා තිබෙනවාද..? මේ කියන්නේ අන්න ඒ ගැනයි,

දකුණු පළාතේ බොහෝ දෙනෙක් දිවුල්වලට මීකිරි දමා ආහාරයට ගන්නවා. මීකිරි ග්‍රෑම් 100ක, ශාක ප්‍රෝටීනවලට වඩා වටිනා සත්ව ප්‍රෝටීන් ග්‍රෑම් 11ක් පමණ තිබෙනවා. එමෙන්ම එයට හිතකර මේදය ග්‍රෑම් 6-7ක් ද එකතු වෙනවා.

මීටත් වඩා වැදගත් වන්නේ, මීකිරිවල සිරුරට හිතකර බැක්ටීරියා වර්ග (Probiotics) අඩංගු වීමයි. දිවුල්වල ඇති තන්තු (Prebiotics), එම හිතකර බැක්ටීරියාවන්ට වර්ධනය වීමට අවශ්‍ය හොඳම ආහාරය සපයනවා.

මේ අනුව, දිවුල් සහ මීකිරි සංයෝගය කියන්නේ පෝෂණීය ගුණයෙන් ඉහළ, අති විශිෂ්ට ආහාරයක්.
Countdown Timer

Countdown Timer

60 seconds remaining

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා