දෙහි යුෂ දිනපතාම පානය කළොත් සිදුවන දේ දැනගත්තොත් දවස් 365හේම බොනවා
දෙහි යුෂ දිනපතාම පානය කිරීම කොයි තරම් නම් වැදගත්ද කියලා මේ ලිපිය කියවීමෙන් ඔබට වැටහෙයි. මොකද කුස්සියට නැතුවම බැරි දෙහි අපේ රෝග කීයක් නම් වළකනවද බලන්නකෝ.
මෙහි යුෂවල විටමින් C, B-6, E, නියාසින්, තයමින්, ෆෝලේට්, රයිබෝෆ්ලෙවින්, කොපර්, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොටෑසියම්, සින්ක්, පොස්පරස්, පැන්තෝතෙනික් අම්ලය, සිට්රික් අම්ලය, යුරික් අම්ලය, ප්‍රෝටීන හා සිනෝලිකා නම් රසායනික කාණ්ඩයට අයත්.
මෙහි ඇති සිට්රික් අම්ලය නිසා ඇඹුල් ගතිය අධිකය. ඔක්සිකාර සීනි ප්‍රමාණය 5%. දෙහි යුෂ මිලි ලීටර් 100ක මැලික් අම්ලය ග්‍රෑම් 2ක් ද සහ සිට්රික් අම්ලය ග්‍රෑම් 0.08 කි. තවද සිනෝලිකා නම් රසායනික කාණ්ඩය අයත් ප්ලැමනොයිඩ් නමැති විශේෂ වර්ගයේ රසායන කිහිපයක්ද ඇති බැව පර්යේෂකයින් සොයාගෙන ඇත.
දෙහි වල ඇති එම ප්ලැමනොයිඩයන් ලෙස
හෙස්පරිඩන් එරියෝ
සිසිටිරන් ඩයසොමින්
ලිමෝයි සිට්රික් දැක්විය හැක.
දෙහි යුෂ පානයෙන් ලැබෙන ගුණ
1. පිපාසය සංසිදුවන, සිරුරේ විඩාව නැති කරවන ඖෂධයක් වගේම වාත, පිත්ත, සෙම් නැති කරනවා. කෑම රුචිය වඩනවා, පණු රෝග නැති කරනවා.
2. උදෑසන දෙහි යුෂ මුසු,මද උණුසුම් ජලය වීදුරුවක් පානය කිරීමෙන් සිරුරේ මේද දහනය කර බර අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා.
3. ශරීර උෂ්ණත්වය අඩු කිරීමේ ගුණ ඇති බැවින් සියලු උණ රෝගා බාධ පාලනය කිරීමේ බලයක් ඇත.
4. සිරුර අභ්‍යන්තරයේ සිටින පරපෝෂිතයන්ට, පණුවන්ට හා බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඇත.
5. සිරුර අභ්‍යන්තරයේ ලේ ගැලීම් පාලනය කරනවා.
6. ආහාර රස ගන්වනවා.ආහාර වල අඩංගු යකඩ පෝෂක
උරාගැනීමේ හැකියාව තිබෙනවා. (කොළ මැල්ලුමට සළාදයට හැම විටම දෙහි යුෂ දමන්නේ ඒ නිසයි.)
7. දෙහි යුෂ වල PH 2.00ක ඇති ආම්ලිකතාව නිසා, ආමාශ ගත වූ සැනින් ක්ෂණික ප්‍රතිචාර දක්වනවා.
8. ජීර්ණ පද්ධතිය ආශ්රිත වමනය, පාචනය, ඉක්කා වැනි රෝග වලට දෙහි යුෂ ඉතා ගුණදායකයි.
9. සමේ සෛල පණ ගන්වා සම ආරක්ෂා කරනවා. කුෂ්ඨ, විසප්පු, ඉදිමුම් වලට ගුණදායකයි.
10. ස්වභාවික බ්ලිචින් එකක් ලෙස ක්‍රියාකරන නිසා දෙහි යුෂ පානයෙන් සම පැහැපත් කර ගත හැකියි.
11. කුරැළෑ, ලප, කැළැල් වලට එරෙහිව ක්‍රියාකරනවා.
12. හිස්සොරි නිසා ඇතිවන ආසාදන සුව කරනවා.
13. දෙහි යුෂ හදවතට හිත කරයි. පොටෑසියම් සංචිත හා එක්ව රුධිර නාළ වල මේද තැන්පත් වීමට එරෙහිව ක්‍රියාකරනවා.
14. අධික රුධිර පීඩනය හා ආශ්රිත හෘද රෝග පාලනය කිරීමේ ගුණයෙන් යුක්තයි.
15. කොලෙස්ටරෝල් තත්ත්වය පාලනය කිරීමට ක්‍රියා කරනවා.
16. ඇමෙරිකානු දියවැඩියා සංගමය පවසන්නේ රුධිර ගත සීනි පාලනය කිරීමේ හැකියාව ඇති බවයි.
17. දෙහි යුෂ වලට සිරුරේ නිපදවන ග්ලුකෝස් එසැනින් උරාගැනීමට හැකියාව ඇත.
18. සිටි්රක් අම්ලය ඇති නිසා මූත්‍රාශයේ ගල් දිය කිරීමේ ගුණය ඇත.
19. යුරික් අම්ලය ඇති නිසා සන්ධි ඉදිමීම් හා වේදනා පාලනය කිරීමේ ගුණය ඇත
Countdown Timer
60 seconds remaining

Comments
Post a Comment