කුරුලෑ හා තුවාල නිසා ඇති වු කැළැල් මකාගන්න සාර්ථකම ප්‍රතිකර්ම මෙන්න


 කුරුලෑ නිසා මුහුණේ ඇතිවන කැළැල් බොහෝකාලයක් ගියත් මැකී යන්නේ නෑ. ඒ වගේම අත් සහ කකුල්වල ඇතිවන තුවාල නිසාද කැළල් ඇති වෙනවා. එම කැළැල්වලින් ඔබේ රූප සුන්දරත්වයට හානිවන බවනම් නිසැකයි. මෙම ලිපියෙන් කියවෙන්නේ ඔබට පහසුවෙන් සපයාගත හැකි විටමින් E සහ තවත් ස්වභාවික අමුද්‍රව්‍ය කිහිපයකින් කලහැකි ප්‍රතිකර්ම කිහිපයක් පිළිබඳවයි.

විටමින් E සහ පොල් තෙල්
පොල් තෙල් වල ඇති chain fatty acids කොලජන් නිෂ්පාදනය වර්ධනය කිරීමෙන් තුවාල කැළැල් මකා දමනවා. විටමින් E කරලක තෙල් සහ පොල් තෙල් තේ හැඳි 2ක් මිශ්‍ර කර තුවාල ලප, කැළැල් වල ආලේප කරන්න. මේ සත්කාරය රාත්‍රී නින්දට පෙර කර උදෑසන ඉවත් කරන්න. දිනපතා කිරීමෙන් තුවාල කැළැල් ඉක්මනින් සුව කර ගන්න පුළුවන්.

විටමින් E සහ ලෙමන් යුෂ
නැවුම් ලෙමන් යුෂ වල විටමින් C මෙන්ම ස්වභාවික ඇල්ෆා හයිඩ්රොක්සයිඩ අම්ල අඩංගු වෙනවා. කැළැල් ස්වාභාවික සුව කිරීමේ හැකියාව මේ සංඝටක වලට පවතිනවා. ලෙමන් යුෂ තේ හැඳි එකකට විටමින් ඊ තෙල් කරලක තෙල් එකතු කර කැළැල් වල ආලේප කරන්න. සතියට කිහිප වතාවක් කිරීමෙන් තුවාල නිසා ඇති වුනු ලප හා කැළැල් මකා ගන්න පුළුවන්.

විටමින් E සහ කෝමාරිකා
කෝමාරිකා කියන්නේ සමට ගොඩාක් හිතකර ඖෂධයක්. ඒ වගේම සුන්දරත්වය රැක ගන්න කෝමාරිකා වලින් ප්‍රතිලාභ රැසක් ලබා ගන්න පුළුවන්. සූරා ගත් කෝමාරිකා මද තේ හැඳි 2කට විටමින් E කරලක තෙල් එකතු කර හොඳින් මිශ්‍ර කර කැළැල් මත ආලේප කරන්න. විනාඩි 20-30 කින් ඉවත් කරන්න. සතියට දෙවරක්, තුන් වරක් ආලේප කරන්න.

කොකෝවා බටර් සහ විටමින් E
කොකෝවා බටර් සමට පෝෂණය ලබා දෙන අතරම පහසුවෙන් සම තුළට අවශෝෂණය වෙනවා. ඒ නිසා ඉක්මන් ප්‍රතිපල ලබා ගන්න පුළුවන්. විටමින් E කරලක තෙල් හා කොකෝවා බටර් ස්වල්පයක් මිශ්‍ර කර කැළැල් මත ආලේප කරන්න.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

Countdown Timer

Countdown Timer

60 seconds remaining

Comments

Popular posts from this blog

ගෙදර ඉන්න හූනන් පළවාහරින්න එපා... හූනාට ඔබේ නිවසේ රැඳී සිටීමට ඉඩ දෙන්න…

ගෙදර සින්ක් එක හිරවුණාම සුද්ධ කරන්න පහසු, වේගවත්ම ලාබම ක්‍රමේ මෙන්න

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්