හෝමෝන අසමතුලිතතාව නිසා ඔබත් පීඩා විඳින අයෙක්ද..? මෙන්න මේ කෑම ආහාරයට එක්කරගත්තොත් ඔබට ඒකට විසඳුම් ලැබේවි..
සමහරවිට ඔබ ගොඩක් කාර්‍යබහුල කෙනෙක් වෙන්න ඇති..
ඒ නිසාම ඇතැම් වෙලාවට ඔබ ඔබේ කෑමබීම ගැන ඒ තරම් සැලකිලිමත් වෙන්නේ නැතුව ඇති...
ඒත් මේ ගැන නොසලකාහැරීම ඔබට හිතනවාට වඩා කරදර ඇති කරාවි.. ඒ නිසා ඔයාට හෝමෝන අසමතුලිතතාවයක ලක්ෂණ මතු වී තිබෙනවා නම් හෝ, එසේ නොවීමට වග බලා ගැනීමට නම් මේ ගැන සැලකිලිමත් වීම වැදගත්.. ඔබ ඒ තරම් කල්පනා නොකළත් ආහාර භාවිතයෙන් ඔබේ හෝමෝන මට්ටම යථා තත්ත්වයට පත් කරගැනීමට හැකියාව තියනවා.. මේ කියන්නේ අන්න ඒ ගැනයි..
ඔමේගා-3 මේද අම්ල
ඔමේගා-3 මේද අම්ලවලට ප්‍රදාහය සමනය කර හෝමෝන මට්ටම සමබරව තබා ගැනීමට හැකියාව තියෙනවා. මෙම මේද අම්ල හෝමෝන අසමතුලිතතාවය නිසා ඇතිවන ප්‍රදාහය අඩු කරනවා පමණක් නොව, ආතතිය හා කාංසාව සමනය කිරීමටද උපකාරී වෙනවා.
දිනකට ඔමේගා-3 මේද අම්ල 250-500mg පරිභෝජනය කරන්නේ නැති නම් සැමන් සහ සාඩින් වැනි මේදය බහුල මාළු වර්ග ආහාරයට ගත හැක. මෙය දිනකට එක් වරක් පරිභෝජනය කිරීම ප්‍රමාණවත්.
විටමින් D
හෝමෝන සමතුලිත කිරීම පමණක් නොව, සමස්ත ප්‍රතිශක්තිය වැඩි කරයි.
දිනකට විටමින් D 1000-2000 IU පමණ පරිභෝජනය කළ යුතුයි. ඒ නිසා බිත්තර, මාළු, හතු ආදිය ආහාරයට ගැනීමෙන් විටමින් D ශරීරයට ලබාගන්න පුළුවන්. මෙය දිනපතා පරිභෝජනය කරන්න ඕනේ.
විටමින් C
ආතතිය පාලනය කරන වගේම ජීවත් වීමට අත්‍යවශ්‍ය හෝමෝන නිපදවන්න උපකාරී වෙනවා.
දිනකට විටමින් C 250 සිට 500 mg දක්වා පරිභෝජනය කරන්න. පැඟිරි පලතුරු සහ කොළ පැහැති එළවළු වැනි විටමින් C බහුල ආහාර අනුභව කරන්න. නැතහොත් ඒ සඳහා අතිරේක ලබා ගන්න. අතිරේක ලබා ගැනීමට පෙර වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට වග බලා ගන්න. හොඳම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා විටමින් C ඔයාගේ දෛනික ආහාර වේලට ඇතුළත් කරන්න.
පොල් තෙල්
පොල්තෙල් සමස්ත සෞඛ්‍යයටද අතිශයින්ම ප්‍රයෝජනවත් වන අතර එය පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි කිරීමෙන් බර අඩු කර ගැනීමට සහ ආතතිය අඩු කිරීමට උදවු වෙයි.
100%යක් පිරිසිදු පොල්තෙල් මේස හැඳි 1-2 (වර්ජින් කොකනට් ඔයිල්) පරිභෝජනයට ගන්නවා නම් හොඳයි. සලාදයකට හෝ ආහාර පිසීමේදී පොල්තෙල් එකතු කර ගන්න පුළුවන්. ඔයාට මෙය දිනකට 2 - 3 වරක් කළ හැක.
අලිගැට පේර
අලිගැට පේර නිතිපතා ආහාරයට ගැනීමෙන් හෘද සෞඛ්‍යය ප්‍රවර්ධනය කරන අතර හොඳ සෞඛ්‍යයක් සඳහා අවශ්‍ය තන්තු හා පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණවත් ලෙස සැපයයි. හෝමෝන අසමතුලිතතාවය හේතුවෙන් බර වැඩිවීම අඩු කිරීමටද එය උපකාරී වේවි.
අලිගැට පේර මදය කුඩා කැබලි වලට කපා සලාදයට එක් කර රස බලන්න. මෙය දිනපතා පරිභෝජනය කළ හැක.
යෝගට්
බඩවැල් අලුත්වැඩියා කිරීමට සහ හෝමෝන සමතුලිත කිරීමට උපකාරී වෙනවා. ප්‍රෝබයෝටික්, ශරීරය නිසි ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න බැක්ටීරියා වර්ගයක්. මේ බැක්ටීරියා වල අඩුකම ආහාර දිරවීමේ ගැටළු සහ ප්‍රදාහය ඇති කළ හැකි අතර එය හෝමෝන අසමතුලිතතාවයට ද හේතු වෙයි.
සරල පැණිරස නොකළ ස්වාභාවික ප්‍රෝබයෝටික් අඩංගු බවට සහතික වූ සරල යෝගට් කෝප්පයක් පරිභෝජනය කරන්න. මෙය දිනකට දෙවතාවක් ආහාරයට ගන්න.
අන්තර්ජාලය ඇසුරෙන්..

Countdown Timer
60 seconds remaining
Comments
Post a Comment