ඇස් යට කළු වීම හා ඉදිමීම මඟහරවාගන්න ක්‍රම කිහිපයක් මෙන්න
ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඇස් යට කළු වීම නැත්නම් ඇස යට තරමක් ඉදිමුම් ස්වභාවයක් ගැනීම. මෙම ඇස් යට අඳුරු පැහැය වගේම ඉදිමීම මුහුණට තදින්ම අවලස්සනක් ගෙන එනවා.
ඇස් යට මෙසේ අඳුරු වීමට එහෙමත් නැත්නම් ඉදිමීමට ප්‍රධානම හේතුනම්,
ප්‍රමාණවත් සුව නින්දක් නොලැබීම
ආතතිය
ඔබට නොගැලපෙන විවිධ ආලේපන වර්ග භාවිතා කිරීම නිසා
දිගු වෙලාවක් රූපවාහිනිය නැරඹීමට පුරුදු වී සිටීම හෝ පරිගණක තිරය දෙස බොහෝ වෙලාවක් ඇස් යොමු කරගෙන සිටීම
දුම්පානය
අහිතකර ආහාර වර්ග හා පාන වර්ග ගැනීම
මේ අතරින් ප්‍රධානම කරුණ වන්නේ ප්‍රමාණවත් සුව නින්දක් නොලැබීමයි. වෙහෙසකර ඇස් වලට රාත්‍රියේදී නින්දක් හා නිදහසක් අත්‍යවශ්‍යයි. රාත්‍රියේදී නින්දට පෙර බොහෝ වෙලාවක් ජංගම දුරකථනය පාවිච්චි කිරීමට අද සමාජයේ හුඟක් දෙනෙක් පුරුදුවී සිටිනවා.. දවස පුරා වෙහෙස වූ ඇස් රාත්‍රියේදීත් ජංගම දුරකථන තිරය නිසා අධික ලෙස වෙහෙසට පත් වනවා. මේ ආකාරයට දිනපතා ඇස් වෙහෙසට පත්වීමෙන් ඇසෙහි ක්‍රියාකාරීත්වයටද බොහෝ සෙයින් අහිතකර ලෙස බලපෑමක් එල්ලවනවා.
මිනිස් සිරුරේ වඩාත්ම සංවේදී ස්ථානයක් වන්නේ ඇසයි. එම නිසා ඉතා සුළු හේතු නිසා වගේම ඉතා කෙටි කාලයකින් ඇස් හානි වෙන්න පුළුවන් වගේම ඇස් එලෙස අසනීප වීමෙන් ඇස් වටා ඇතිවන අඳුරු පැහැය මුහුණට ඉතාමත් අවලස්සනක් ගෙන එනවා. මෙම අඳුරු පැහැය makeup මගින් වසා තම පෙනුම තාවකාලිකව රැකගැනීමට අද සමාජයේ හුඟක් දෙනා පුරුදුව සිටිනවා.නමුත් අප නොදනිම අපේ ඇස් එයින්ද හානියට පත් වනවා.
නිතරම ඇස් පිරිසිදුව තබාගැනීමට වග බලාගන්න.
ප්‍රමාණවත් හා සුව නින්දක් ලබාගැනීමට පුරුදුවන්න. සුව නින්දකට කාලය වෙන් කරගන්න. නිදාගැනීමට අපහසු හේතු තිබීම පොදු තත්වයකි. එහිදී නින්දට කලින් සුළු වෙලාවක් හෝ භාවනාවේ නිරත වෙන්න ඉඩකඩ කාලය වෙන් කරගන්න. නින්දට පෙර ලුණු ස්වල්පයක් හා සීනි ස්වල්පයක් ගෙන ඔබේ දිව යට තබා නින්දට යන්න.එවිට සුව නින්දක් හා ඉක්මන් නින්දක් ඔබට ලබාගත හැකි වේ.
අවම වශයෙන් පැය 7 ක නින්දක් ලබාගැනීමට උත්සහ කරන්න.
පරිගණක තිරය මත දවසේ රාජකාරි කරන කෙනෙක්නම් Screen Filter Glass එකක් පරිගණක තිරයට සවි කරගැනීමට වග බලාගන්න.
නැතිනම් තිරයේ (Brightness ) දීප්තිය අඩු කර පාවිච්චි කරන්න.
නින්දට යාමේදී දුරකථනය භාවිතා කිරීම අනිවාර්යයෙන්ම නවතා දමන්න.
රුපවාහිනිය නැරඹීමේදී තරමක් දුරින් හිඳ නැරඹීමට පුරුදුවන්න.
ඊට අමතරව ඇස් වලට මේ ප්‍රතිකාර කිරීමෙන් ඔබේ ඇස් වල නිරෝගිබව හා ඇස් අවට අඳුරුපැහැය නැති කරගෙන ඔබේ මුහුණේ ලස්සන රැකගන්න..
මිනිත්තු 10 ක් පමණ ශීතකරණයේ බහාගත් අල පෙති , පිපිඤ්ඤා පෙති හෝ ඇපල් පෙති ඇස් උඩ තබාගෙන මිනිත්තු 10 ක් පමණ සිටින්න..
හරිත තේ පානයට පුරුදු වෙන්න. යකඩ අඩංගු කොළ මැල්ලුම් වැනි දේ බහුලව ආහාරයට එකතුකරගන්න. හොඳින් වැවුණු උඳුපියලි හෝ තණකොළ බිමක ඇවිදින්න.
මේ උපදෙස් පිළිපැද ඔබේ ඇස් ආරක්ෂා කරගෙන නිරෝගිව ලස්සනට ජීවිතය විඳින්න….
Countdown Timer
60 seconds remaining
Comments
Post a Comment