සුදුලූනු-ගම්මිරිස්-ඉඟුරු-තක්කාලි ඔබව පිළිකා මාරයාගෙන් ගලවා ගන්නේ මෙහෙමයි


 ඔබ නොදන්නවා වුණාට අප ගන්නා ඇතැම් ආහාර නිසා පිළිකාවක් හැදීම වළක්වන්නට පුළුවන් බව විද්‍යාත්මකව සොයා ගත් සත්‍යයක්. ඒ වුණත් බොහෝ දෙනා මේ ගැන හරිහැටි අවබෝධයක් නැති නිසාම අද අප ඒ ගැන දැනුවත් කරන්න හිතුවා.

එළවළු, පලතුරු සහ ඔෟෂධීය ශාකවල මෙම පිළිකා වැළැක්වීමේ ගුණ ඇත. මෙයට මූලික වනුයේ ආහාරවල අඩංගු ප්‍රතිඔක්සිකාරක සංයෝගයන්ය. මීට අමතරව ප්‍රතිශක්ති ක්‍රියාවලිය හරහා ද පිළිකා සෛල මර්දනය සිදුකෙරේ. එසේම ආහාරවල අඩංගු සෘජු පිළිකා නාශක සංයෝග ද පිළිකා සෛල මර්දනයට උපකාර කරයි. සාමාන්‍ය ශාක ආහාරයක මෙය සාමාන්‍ය වශයෙන් ඇති අතර ඔෟෂධීය ශාකවල ඉහළ පිළිකා නාශක ගුණ ඇත.

මෙම ප්‍රතිඔක්සිකාරකවලට සෘජුවම පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව ඇත. පිළිකා සෛල හඳුනාගෙන ඒවා නාශක ස්ථානවලට රැගෙන ගොස් විනාශ කිරීමේ හැකියාව මෙම පිළිකා වැළැක්වීමේ ගුණවල ඇත. (Scavenging property) එසේම ප්‍රතිශක්තිය වැඩි කරමින් (Immunomodulation) එය හරහා ශරීරයේ ඇති පිළිකා සෛල මූලික අවස්ථාවේදීම ඉවත් කිරීමේ හැකියාවද මෙම ප්‍රතිඔක්සිකාරකවලට ඇත. මේ නිසා ශරීරය තුළ පිළිකා වැළැක්වීමේ ගුණ ආහාරවල ඇති වේ. මේ අනුව ආහාර මාර්ගයේ පිළිකා, අක්මා පිළිකා, අග්න්‍යාශයේ පිළිකා, පෙණහලු පිළිකා, වකුගඩු පිළිකා ඇතුළු බොහෝ පිළිකා වර්ග ඇති වීම මෙම ප්‍රතිඔක්සිකාරක නිසා වැළකේ. Apoptosis නම් ක්‍රියාවලිය ද පිළිකා වැළැක්වීමේදී වැදගත් වේ. එනම් මූලික අවස්ථාවේදීම පිළිකා සෛල විභජනය වීම වැළැක්වීමයි.

ආහාර වර්ග කිහිපයක පිළිකා නාශක ගුණ සලකා බලමු.

සුදුලූනුවල අඩංගු Ajoene සහ Vinyldithinවල පිළිකා මර්දන හැකියාව ප්‍රබලය.

ගම්මිරිස්වල අඩංගු Piperineවල පිළිකා මර්දන හැකියාව ඉහළය.

ඉඟුරුවල අඩංගු Gingerol ආහාර මාර්ගයේ, අක්මා පිළිකා ඇති වීම වළක්වයි.

තක්කාලිවල අඩංගු Lycopene ප්‍රොස්ටේට්, පියයුරු පිළිකා ඇති වීම වළක්වයි.

රටකජු, මිදිවල අඩංගු Resvertrol ලියුකේමියා වළක්වයි.

නෙල්ලිවල පිළිකා මර්දන හැකියාව ඉහළය. නෙල්ලිවල මෙම පිළිකා වළක්වාලීමේ ගුණවලට හේතු වනුයේ එහි අඩංගු Galic acid, Ellergic acid, Phenol, Pyrogallol නම් සංයෝගයන්ය.

ඇතැම් ආහාර, තන්තු හරහා පිළිකා මර්දනය කරයි. ආහාරයක තන්තු මඟින් ආහාර මාර්ගයේ හිතකර ක්ෂුද්‍ර ජීවී වර්ධනය වැඩි කරමින් පිළිකා මර්දනය කරයි. මෙහිදී නිපදවෙන කෙටි දාම මේද අමිල වන Acetate, Propionate, Butyrate වල පිළිකා මර්දන හැකියාව ඉහළය.

ඇතැම් ආහාර කෙළින්ම හිතකර ක්ෂුද්‍ර ජීවීන් සපයමින් (Probiotics-lactobacillus) පිළිකා මර්දනය කරයි.

ආහාරවල අඩංගු ෆයිටොකෙමිකල්ස්වල පිළිකා වළක්වන යාන්ත්‍රණය මෙසේය.

1. ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරිත්වය.

2. පිළිකා සෛල ගුණනය වීම නැවැත්වීම.

3. පිළිකා සෛල විභජනය සහ පැතිරීම වැළැක්වීම.

4. පිළිකා සෛල මතු වීම වැළැක්වීම.

5. පිළිකා මර්දන ශක්තිය ශරීරය තුළ වැඩි කිරීම.

6. Induction of Apoptosis ඇපොප්ටෝසිස් නම් ක්‍රියාවලිය ආරම්භ වීම පිළිකා සෛල මුල් අවධියේදීම විභජනය වීම නැවැත්වීම.

7. Induction of Signal Trasducation Pathway

8. Enzymes Induction and Enhancing detoxification එන්සයිම මඟින් විස නැසීම වැඩි කිරීම

එබැවින් එදිනෙදා ආහාරයට ගන්නා දේ ගැන ඔබ හිතද්දී නිරෝගී සුව තකා ඔබ ආහාර පාන තෝර, ගත යුතුයි. එසේ කළහොත් පිළිකාවක් වැලඳීමට තියෙන ඉඩත් ඇහිරී යනවා. ඔබට නිරෝගීව හිටින්නත් පුළුවන් වෙනවා.

උපුටා ගැනීම මව්බිම

Countdown Timer

Countdown Timer

60 seconds remaining

Comments

Popular posts from this blog

ගෙදර ඉන්න හූනන් පළවාහරින්න එපා... හූනාට ඔබේ නිවසේ රැඳී සිටීමට ඉඩ දෙන්න…

කාන්තාවන්ට විශේෂයි.. ඔබත් මේ පිළිකාවේ ගොදුරක් විය හැකියි..

ගෙදර සින්ක් එක හිරවුණාම සුද්ධ කරන්න පහසු, වේගවත්ම ලාබම ක්‍රමේ මෙන්න