"ලංකාවේ කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා අවදානම වැඩියි " කාන්තා ඔබ කියවිය යුතුම ලිපියක් මෙන්න...


 ගැබ්ගෙල පිළිකා තත්ත්වය හඳුනා ගැනීමට සිදු කරන ප්‍රධානම පරීක්ෂණයක් ලෙස පැප් පරීක්ෂණය හඳුනා ගත හැකිය. 


සාමාන්‍යයෙන් මෙවැනි පරීක්ෂණයකට අවුරුදු 35න් පසුව කාන්තාවක් යොමු වීම වැදගත්ය. විවාහක අයට පමණක් නොව අවිවාහක අයට වුවද ගැබ්ගෙල පිළිකා අවදානම පවතියි.

සිදුකරන ආකාරය

යෝනි මාර්ගයට යම් උපකරණයක් ඇතුළු කර ගැබ්ගෙලේ සෛල කොටසක් සූරා ලබා ගැනීමෙන් පැප් පරීක්ෂණයට භාජනය කෙරේ. මෙම සෛල වල විශේෂ වෙනස්කමක් සිදුව ඇති දැයි මෙහිදී පරීක්ෂා කරනු ලැබේ.

ගැබ්ගෙල පිළිකා ඇතිවන වයස

අපට නිශ්චිතවම අවුරුදු 35න් පසු එවන් තත්ත්වයක් ඇතිවේ යැයි නිගමනය කළ නොහැකිය. නමුත් ඇතැම් පිළිකා ශරීරය තුළ හටගෙන වර්ධනය වෙමින් පිටතට පෙන්වීමට යම් කාලයක් ගනියි. එම නිසා ගැබ්ගෙල පිළිකාවද බොහෝ විට හඳුනා ගත හැකි වන්නේ අවුරුදු 35න් පසුව සිදුකරන මෙම පැප් පරීක්ෂණය මඟිනි. මීට පෙර එවැනි අවස්ථා හඳුනා ගත්තද එය සිදුවන්නේ කලාතුරකිනි.

ගැබ්ගෙල පිළිකා ඇතිවීමට හේතු

ලංකාවේ කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් පෙන්නුම් කරයි. ඒ සඳහා මෙවැනි හේතුන් බලපෑම් කිරීමට පුළුවන.

නිතර ලිංගාශ්‍රිත රෝග බෝවීම

අවුරුදු 18 පෙර සිටම ලිංගිකව ක්‍රියාකාරී වීම (ලිංගික ක්‍රියාවන්ට යොමුවීම)
නව යොවුන් වියේදීම ලිංගික අත්දැකීම් ලැබීමට දරුවන් යොමුවීම තුළ මෙම අවදානම වැඩි වී ඇත.
බහු පුරුෂ සේවනය.
සමාජ රෝග නිතර ඇතිවීම වැනි හේතූන් මෙයට බලපෑමට පුළුවන.
ගැබ්ගෙල පිළිකාවේ රෝග ලක්ෂණ

යෝනි මාර්ගයෙන් පිටතට මස් දැල්ලක් වර්ධනය වීම.
යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ලේ වහනය වීමක් සිදුවීම. (ආර්තව දිනවල හැර වෙනත් දිනවල සිදුවන ලේ වහනය)
ලිංගික එක්වීමටක පසුව වන ලේ වහනය.
යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ගන්ධයක් පිටවීම ආදී රෝග ලක්ෂණ මෙහිදී පෙන්නුම් කරයි. නිසි පරීක්ෂණවලට භාජනය වෙමින් මේ බැව් තහවුරු කර ගැනීමට පුළුවන.
යොමු විය යුතු සායන

පැප් පරීක්ෂණය සිදු කර ගැනීමට නම් ඔබ මෙම සායනවලට යොමු වීම අනිවාර්ය වේ. මේ සඳහා රෝහල්වල සුවනාරි සායන හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත යොමුවීම වැදගත්ය.

ගැබිනි මවට අවදානම

ගර්භණී සමයේ පසුවන කාන්තාවකට ගැබ් ගෙල පිළිකාවක් ඇති වුවහොත් එය තරමක අවදානම් සහගත තත්ත්වයකි. පිළිකාව මුල් අවදියේම හඳුනා ගතහොත් එය සැත්කමකින් ඉවත් කිරීමට වුවද පුළුවන. නමුත් කළලයේ දරුවා සිටින විට එම පිළිකාව කෙතරම් දුරට පැතිර ඇත්දැයි නිගමනය කිරීමෙන් පසුව ඒ පිළිබඳ නිසි තීරණයක් ගත යුතුය.

උපුටා ගැනීම මව්බිම
Countdown Timer

Countdown Timer

60 seconds remaining

Comments

Popular posts from this blog

ගෙදර ඉන්න හූනන් පළවාහරින්න එපා... හූනාට ඔබේ නිවසේ රැඳී සිටීමට ඉඩ දෙන්න…

කාන්තාවන්ට විශේෂයි.. ඔබත් මේ පිළිකාවේ ගොදුරක් විය හැකියි..

ගෙදර සින්ක් එක හිරවුණාම සුද්ධ කරන්න පහසු, වේගවත්ම ලාබම ක්‍රමේ මෙන්න