ජීවිතයත් අහිමි කළ හැකි අධික දහඩිය ගැන ඔබ දැනගත යුතුම දෙයක්..
මිනිස් සිරුරෙන් දහඩිය දාන එක සාමාන්‍ය තත්ත්වයකි.
මිනිස් සිරුර සිසිල් කරමින් ශාරීරික උෂ්ණත්වය නිසිලෙස පවත්වාගෙන යෑම සඳහා එය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබනවා.
පරිසරයේ උෂ්ණත්වය ඉහළ යන විට දහඩිය දමන්නේ එම හේතුව නිසයි.
නමුත් දහඩිය දැමීම සඳහා හේතුවෙන එකම සාධකය උෂ්ණත්වය පමණක්ම නොවේ.
එසේම ව්‍යයාමවලින් පසුව වගේම අපි කලබලයට පත්වූ විට ඇතිවෙන චිත්තවේගවල බලපෑම නිසාද දහඩිය ග්‍රන්ථි විසින් දහඩිය පිට කරනවා.
නමුත් මේ ස්වභාවික හේතු නිසා නොවී අසාමාන්‍ය ලෙස දහඩිය පිටවෙනවානම්, එය පිටුපස නිදන්ගත රෝගයක් තිබෙන්නට පුළුවනි.
එබඳු රෝග කිහිපයක් පහත දැක්වේ.
ඖෂධ
විශාද නාශක ඖෂධ හේතුවෙන් ආතති හෝමෝන මට්ටම ඉහළ යනවා. එම නිසා එහි අතුරැ ප්‍රතිපලයක් ලෙස අධික ලෙස දහඩිය දමන්නට පුළුවන්. ඊට අමතරව රුධිර පීඩනය විදිමත් කිරීම සඳහා ලබාගන්නා ඖෂධ මෙන්ම, සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ලබාගන්නා ඖෂධ නිසා ද අධික ලෙස දහඩිය දැමීමේ හැකියාවක් තිබෙනවා.
පුරුෂ හොමෝන අඩුවීම
අඩු ටෙස්ටෙස්ටරෝන් හෝමෝන මට්ටමක් ඇති පිරිමින්ට රාත්‍රී කාලයේදී වැඩිපුර දහඩිය දැමීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ටෙස්ටෙස්ටරෝන් මට්ටම අඩුවූ විට, ශරීරය ඕනෑවටත් වඩා රත්වී ඇති බව පවසන ව්‍යාජ සංඥා හයිපෝතැලමසට ලැබෙනවා. පසුව ඊට දක්වන ප්‍රතිචාරයක් ලෙස ශරීරය විසින් දහඩිය පිට කරනවා.
සීනි අඩුවීම
රුධිර සීනි මට්ටම අඩුවීමේ ලක්ෂණයක් ලෙසද අධික ලෙස දහඩිය දමන්නට පුළුවන්. ආහාර වේල් මගහරින විට, රැධිරයේ ඇති ග්ලුකෝස් මට්ටම අඩුවෙනවා. එවිට ශරීරය විසින් ආරක්ෂාකාරී පියවරක් ලෙස ඇඩ්රිනලින් හෝමෝනය නිදහස් කරන අතර එම නිසා වැඩිපුර දහඩිය දැමීමක් සිදුවෙනවා.
තයිරොයිඩ් ග්‍රන්ථීයේ දෝෂයක්
තයිරොයිඩ් ග්‍රන්ථියේ වැඩිපුර හෝමෝන නිපදවන විට නොනවත්වාම දහඩිය දමනවා. එම නිසා අධික ලෙස දහඩිය දැමීම අධි තයිරොයිඩතාවයේ ලක්ෂණයක් වෙන්නට පුළුවන්. ඒ වගේම අධි තයිරොයිඩතාවය හේතුවෙන් බර අඩුවීම සහ හෘද ස්පන්දනය ශීඝ්‍ර වීමක් ද සිදුවෙනවා.
හෘදයාබාධ
හෘදයාබාධයක් පිළිබඳව අනතුරැ අගවා සිටින ලක්ෂණයක් ලෙස අධික ලෙස දහඩිය දැමීම සහ හිස කරකැවිල්ල ඇතිවිය හැකිය. ඊට අමතරව ව්‍යායාම කිරීමෙන් හෝ ඇවිදීම වැනි වෙහෙස දෙන ක්‍රියාවකින් පසවත් පපුවේ වේදනාවක් ද ඇතිවෙන්නට පුළුවන්. හුස්ම ගැනීමට අපහසුවීම, හකුපාඩා, බාහු සහ පසු පස ප්‍රදේශය දක්වා පැතිරී යන පපුවේ වේදනාව ඒ හා සම්බන්ධ වී පවතින අනෙකුත් ලක්ෂණයි.
හෘදයාබාධයක් ඇති විට හෘද ස්පන්දනයේ සහ රැධිර පීඩනයේ තීව්‍ර අඩුවීමක් සිදුවෙනවා. ඊට දක්වන ප්‍රතිචාරයක් ලෙස තමයි ශරීරයෙන් අධික ලෙස දහඩිය පිටවන්නේ.
Countdown Timer
60 seconds remaining
Comments
Post a Comment