රුධිරය පිරිසිදු කර රුධිර ගත කොලෙස්ටරෝල් නසන, අධික පිපාසය දහඩිය දැමීම නවතන වදමල් පානය


 වැට දිගේ ඔහේ වැවෙන වදමල් ඉතා ගුණදායක ඔසුවක් බව ඔබ දැන සිටියාද? වද මල්වල යුෂ රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප‍්‍රමාණය අවම කිරීමට සමත් වන අතර අධික පිපාසය, තොල කට වියළීම, අධික දහඩිය දැමීම සමනය කරයි. රුධිරය පවිත‍්‍ර කරන වද මල් යුෂ වලින් රසවත් පානයක් සකසා ගනිමු ද?

අවශ්‍ය ද්‍රව්‍ය – පොකුරු වද මල් 5, රස අනුව සීනි, දෙහි යුෂ ස්වල්පයක්, ලුණු ස්වල්පයක්, කස කසා ඇට ටිකක්, අයිස් කැට

සාදා ගන්නා අාකාරය
පොකුරු වද මල් ටික ගෙන රේණු ඉවත් කර පෙති වෙන් කරගන්න. මල් පෙති ලුණු ස්වල්පයක් යොදා සෝදා වීදරු බඳුනකට දමාගන්න. එයට උණු වතුර වත් කර පැය භාගයක් පමණ දම් පැහැයක් වතුරට එක් වන තුරු වසා තබන්න. කස කසා ඇට ටික වතුරට දමා සකසා ගන්න.

හොඳින් නිවුණු පසුව වතුර පෙරාගෙන එයට රස අනුව දෙහි යුෂ, ලුණු සහ සීනි එකතු කර කරගන්න. දෙහි ඇඹුල් ස්වල්පයක් සහ ක් එකතු කර ශීතකරණයේ තබන්න. කස කසා ඇට සහ අයිස් කැට එක් කර පිළිගන්වන්න.

මෙය තවත් රසවත් කරගන්නට නාරං, පැෂන් සහ අන්නාසි ආදිය යොදාගත හැකියි. අඩු වියදමින් සහ පහසුවෙන් සකස් කරගත හැකි පෝෂ්‍යදායක පානයක් වන රස ගුණ පිරි වදමල් පානය ඔබත් අනිවාර්යයෙන්ම හදා බලන්න.

(උපුටාගැනීම sinhalahealth.com වෙබ් අඩවියෙන්)

Countdown Timer

Countdown Timer

30 seconds remaining

Comments

Popular posts from this blog

ගෙදර ඉන්න හූනන් පළවාහරින්න එපා... හූනාට ඔබේ නිවසේ රැඳී සිටීමට ඉඩ දෙන්න…

කාන්තාවන්ට විශේෂයි.. ඔබත් මේ පිළිකාවේ ගොදුරක් විය හැකියි..

ගෙදර සින්ක් එක හිරවුණාම සුද්ධ කරන්න පහසු, වේගවත්ම ලාබම ක්‍රමේ මෙන්න