දණහිස් වේදනාව සුවකර කාටිලේජ වර්ධනය කරන වට්ටෝරුවක්
සාමාන්‍යයෙන් වයස් ගත වීමත් සමග දණහිස් වේදනා ඇති වෙනවා. තවද අධික ශරීර බර ,ආබාධ තත්වයන් , අධික ලෙස ව්‍යායාම් වල නිරත වීම වැනි කරුණු නිසාත් දණහිස් වේදනා ඇති වන්නට පුළුවන්. මෙහිදී වැදගත්ම කාරණාව වන්නේ නිසි මොහොතේදී දණහිස් ආබාධ හදුනාගෙන ප්‍රතිකාර සදහා යොමු වීමයි. එසේ නොවුහොත් සිදු වන්නේ සුව කිරීමට අපහසු වන ආකාරයකින් දණහිස් වේදනා උඩු දිවිමයි.
දණහිස් වේදනා සුවපත් කර ගැනීම සදහා ඉතාම ප්‍රතිපලදායක ස්වාභාවික ඖෂධ වට්ටෝරුවක් පිළිබදවයි. මෙමගින් හානි වී ඇති දණහිස ආශ්‍රිත කාටිලේජ හා කන්ඩරා නැවත ප්‍රතිනිර්මාණය කිරීම සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙහි ප්‍රතිපල ඔබට දින කිහිපයක් ඇතුලතම අත් විද ගන්නටත් හැකියාව තිබෙනවා.මේ බෙහෙත සැකසීම සදහා අපි භාවිතා කරන්නේ ඇට වර්ගයක්. ඔබේ දණහිස් වේදනාව අනතුරක් නිසා ඇති ආබාධමය තත්වයක් නොවේ නම් මෙම ඇට වර්ගය මගින් දණහිස් වේදනාව නිට්ටාවටම සුව කර ගැනීමට හැකියාව තිබෙනවා.
මේ සදහා අප යොදා ගන්නා ඇට වර්ගය වන්නේ තල ඇටයි. තල ඇට යනු කැල්සියම් බහුල ස්වාභාවික ආහාරයක්.පොතු හැර වියලා ගත් තල ඇට ග්‍රෑම් 100ක කැල්සියම් මිලි ග්‍රෑම් 1200 ක හා මැග්නීසියම් මිලි ග්‍රෑම් 500 ක පෝෂණීය අගයක් අඩංගුයි. ඔබ තල ඇට නිතිපතා ඔබේ ආහාර වේලට එක් කර ගත්තොත් ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග ඔබට කිසිදා වැළදෙන්නේ නෑ.
දණහිස් වේදනා සුවපත් කරන බෙහෙත් වට්ටෝරුව සදහා අවශ්‍ය ද්‍රව්‍ය-තල ඇට මේස හැඳි 4, වට්ටක්කා ඇට ග්‍රෑම් 40, රසයෙන් තොර ජෙලටින් මේස හැඳි 2, වියලි මිදී මේස හැඳි 3, හණ ඇට මේස හැඳි 8, මී පැණි ග්‍රෑම් 200 සාදන ආකාරය හා භාවිතා කරන ආකාරය-හොදින් සෝදා පොතු හර ගත් තල ඇට සමගින් අනෙකුත් සියලුම අමුද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් සපයා ගෙන බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොදින් අඹරා ගන්න.
දණහිස් හා කොඳු නාරටියේ කාටිලේජ වර්ධනය කරන බෙහෙත් වට්ටෝරුවක් කාටිලේජ කියන්නේ අපගේ ශරීර ආකෘතියට අත්‍යවශ්‍යම මූලික අංගයක්. එය මෘදු මෙන්ම ඉතාම නම්‍යශීලී ඝන පටකයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.සම්බන්ධීකරණ පටකයක් ලෙස ක්‍රියාකරන මේ කාටිලේජ, අස්ථි අතර පවතින හන්දිවල – කශේරුවේ කශේරුකා අතර – කන්වල හා නාසයේ – ශ්වාසනාලය වටා ඉළඇටවල අවසාන කොටස් ආශි්‍රතව අපට හඳුනාගන්න පුළුවන්.කොන්ඩොරාසයිට් (Chondrocytes) නම් වන විශේෂිත සෛල වර්ගයකින් තමයි කාටිලේජ නිර්මාණය වන්නේ. කාටිලේජ තුළ තුනී කොලජන් ප්‍රත්‍යස්ථ තන්තු පවතින අතර ලේ නහර ඒ තුළ නොපවතී.
අංකෙන්ද කොළ පොතු යුෂ, ගොඩපර යුෂ, හාතාවාරිය අල යුෂ, කවෙළු හෝ කිරිකවෙළු යුෂ වතුර වැඩිපුර නොදමා බෙහෙත් ඖෂධ කොටා පෙරාගත් ඉස්ම ගත යුතුය.
එක් වර්ගයකින් බෝතල් 1/4 බැගින් මුළු ඉස්ම ප්‍රමාණය බෝතල් 1ක් ගත යුතුය. එයට ගිතෙල් බෝතල් 1/2ක් හා තලතෙල් බෝතල් 1/2ක් දමා මෙම ඉහත සඳහන් වූ ද්‍රව්‍ය එක එකක් මැටි මුට්ටියකට දමමින් මඳ ගින්නේ හැඳිගාමින් මී ඉටි ස්වල්පය බැගින් දමමින් සන්ධානය කරගත යුතුයි. අවසානයේ මෙය ආලේප කිරීමට හැකි පරිදි තලප පදමට පැමිණේ.කෙසේ වෙතත් මෙය පාවිච්චියේදී නිසි වෛද්‍ය උපදෙස් අනුගමන කළ යුතුයි. අකර්මණ්‍යතාවට පත්ව ඇති ඔබගේ කාටිලේජවල පවතින රෝගී අවස්ථාව පිළිබඳ නිසි අයුරින් දැනුවත් විය යුතුයි.
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)
Countdown Timer
60 seconds remaining
Comments
Post a Comment