පැලුණු දෙපා නිසා පීඩා විඳින ඔබට ප්‍රතිකාර මෙන්න ...
අපි මුලින්ම කෙනෙක්ව දකින්නේ බාහිර රූපයෙන්.
ඊට පස්සේ තමයි ඒ කෙනාගේ ගතිගුණ ,යහපත්කම් අඳුනගන්න ලැබෙන්නේ..කොහොම වුනත් ඉස්සෙල්ලම දකිනකොට දෙපා වලට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයක්.ඒ කියන්නේ කකුල් පිරිසිදුව ලස්සනට තියෙනවනම් ඒ කෙනා කෙරෙහි අවධානය වැඩි වෙනවා. ස්ත්‍රියකගේ දෙපා ලස්සනවීම ඇගේ සුන්දරත්වයට ආලෝකයක් ගෙන දෙනව..
කොපමණ ලස්සනට ඇඳුමක් ඇන්ද ද, දෙපාවල විළුඹ පැලී කුණු සිරවී ඇතිනම් එයින් මතුවන අවලස්සන කෙතරම්ද? බොහෝ කාන්තාවන් මුහුණේ ලස්සනට මූලික තැනක් දී දෙපා පිළිබඳව අමතක කර සිටින වගක් අවබෝධවන්නේ ඉතාම ලස්සනට සැරසී පැළුණු කුණු සිරවී ඇති පාදවලට වටිනා පාවහන් පැළඳ යන අයුරු දැකීමේදී..
යුවතියන්ට වඩා පැළුණු දෙපා දක්නට ලැබෙන්නේ කාන්තාවන්ගේ වන අතර මේ නිසා පීඩාවට පත්ව දිවි ගෙවන කාන්තාවන් ප්රමාණයේද අඩුවක් නැත. විළුඹ පැලීම සඳහා හේතුවන සාධක දෙස බැලීමේදී ඇතැම් අයට ආහාර ආසාද්මිකවීම දැක්වීමට පුළුවන්. සාමාන්‍ය ව්‍යවහාරයේදී උෂ්ණ ආහාර ලෙසින් හඳුන්වන ආහාර මගින් ඇතැම් කාන්තාවන්ට මෙම තත්ත්වය ඇතිවන අයුරක් දක්නට ඇත. පාවහන් නිමකර ඇති සම් වර්ග ආසත්මික විම නිසා ද ඇතැම් කාන්තාවන්ට විළුඹ පැළුණු තත්ත්වය උදාවිය හැක. මානසික පීඩනය, සමට නොගැළපෙන ක්‍රීම් වර්ග භාවිතයද විළුඹ පැලීමට හේතුවන තවත් කාරණාවන් ...
මෙවැනි සරල හේතූන් මත විළුඹ පැලීමේදී ඒ පිළිබඳව කළ හැකි, ඉක්මණින්ම ප්‍රතිඵල ලබාගත හැකි ප්‍රතිකාරයක් ලෙසට ක්‍රැක් හීල් ක්‍රීම් වර්ගයක් භාවිත කළ හැක. සුදුසු වර්ගයකින් ක්‍රැක් හීල් ක්‍රීම් වර්ගයක් තෝරාගෙන හොඳින් පිරිසිදු කළ විළුඹේ ආලේප කරන්න. නිවසේ විවේකීව සිටින විට ක්‍රීම් ආලේපයට වගබලා ගන්න.
දිනපතාම ක්‍රැක් හීල් ක්‍රීම් වර්ගයක් විළුඹේ ආලේප කිරීමේදී විළුඹේ රළු ගතිය ඉවත් වී සුමුදු දෙපා යුගලත් ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. ක්‍රැක් හීල් ක්‍රීම් මගින් සිදුවන්නේ විළුඹ ආශ්රිත මැරුණු සම ඉවත් කර සම මෘදු තත්ත්වයට පත් කිරීමක්. තව ද සම මතුපිට බැක්ටීරියා ආසාදන මගින් ඇතිවිය හැකි තත්ත්වයන්ගෙන් දෙපා ආරක්ෂා කිරීමක්.
ඔබේ විළුඹ ගොරෝසු අයුරක් ඔබට දැනෙනවා නම්, යම් තරමකට විළුඹ පැළුණු තත්ත්වයට පත්වෙලා නම් නිවසේදී කළ හැකි ප්‍රතිකාරයක් කියන්නම්.
ගම්බද පළාත්වලින් පහසුවෙන් සොයාගත හැකි වෙළුණු වැටකොළු කරලක් ගෙන එහි රළු ගතියෙන් විළුඹ හොඳින් පිරිමදින්න. නැතිනම් වෙළඳ පොළෙන් මිලදී ගැනීමට ඇති පියුමික් ස්ටෝන් එකක් ගෙන විළුඹ පිරිමදින්න. ඉන්පසු දෙපා හොඳින් සෝදා මොයිස්චර්රයිසර් ක්‍රීම් ටිකක් ගෙන විළුඹේ ආලේප කරන්න. විළුඹ ආරක්ෂා කර ගැනීමට නිතරම ගල් බොරළු සහිත පසට යනවිට පාවහන් පළඳින්න. සෑම විටම දෙපා පිරිසිදු කර තබා ගැනීමටත් අමතක නොකරන්න.
එඬරුතෙල් හෝ ඔලිව් තෙල් විළුඹේ ආලේප කිරීමත් විළුඹ ගොරෝසුවී පැලීමෙන් වළක්වා ගැනීමට හේතුවකි. විළුඹ අධික ලෙස පැලී ඇතිනම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
උපුටා ගැනීමක්

Countdown Timer
40 seconds remaining
Comments
Post a Comment