ලෙමන් වලට ගම්මිරිස් ලුණු එකතු කර රෝග රැසක් සුව කර ගත හැකි විශ්මිත ක්‍රමය


 ලෙමන් යුෂ වල ප‍්‍රති බැක්ටීරියාකාරක සහ ප‍්‍රති වයිරසකාරක ගුණාංගයන් අන්තර්ගතව තිබෙන නිසා ප‍්‍රතිශක්තිය වැඩිදියුණු වීමක් සිදුවෙනවා. ඊට අමතරව, බයෝෆ්ලෙවොනොයිඞ්, පෙක්ටින්, ලෙමොනින්, සිට‍්‍රික් අම්ල, මැග්නීසියම්, කැල්සියම් සහ විටමින් වැනි ලෙඩ රෝග වලට එරෙහිව සටන් කරන පෝෂක කොටස් ගණනාවක්ම අන්තර්ගතව තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.


නිතර ලෙමන් පරිභෝජනය කරනවානම් ශරීරයේ බර අඩුකරගත හැකි අතර ජීරණයද වැඩිදියුණු කරගන්නට පුළුවන්.

අද අපි කියන්න යන්නේ, ස්වභාවික අමුද‍්‍රව්‍ය
භාවිතා කරමින් ලෙඩරෝග සුවකරගන්නා ආකාරයයි ගැනයි?

1. උගුරේ වේදනාව

උගුරේ වේදනාව සුව කරගැනීම සඳහා ලෙමන් ගෙඩියක යුෂ, ගම්මිරිස් සහ ලූණු කුඩු ස්වල්පයක් ඔබට අවශ්‍ය වෙනවා. මෙම සියලූම අමුද‍්‍රව්‍ය එකට කලවම් කරගෙන ගරගර ශබ්දය නැගෙන ලෙස උගුර හොඳින් හෝදන්න.

2. නාසය බර වීම

එක සමාන ප‍්‍රමාණයන්ගෙන් ගම්මිරිස්, කුරුඳු, දුරු සහ එනසාල් ගෙන කුඩු බවට පත්වෙන තුරු හොඳින් අඹරාගන්න. එලෙස සකසාගත් මිශ‍්‍රණයේ සුවඳ බැලීමෙන් හෝ ඉතා සුළු ප‍්‍රමාණයක් ආශ්වාස කිරීමෙන් ඇතිවෙන හිතකර කිවිසුම් යාම නිසා නාසය බරගතිය සුළු වෙලාවකින් සමනය කරගන්නට පුළුවන්.

3. පිත්තාශයේ ඇතිවී තිබෙන ගල් ඉවත් කරගැනීම සඳහා ඔලිව් තෙල් සහ ලෙමන් යුෂ සංයෝගය භාවිතා කරන්න.

4. උගුරේ ඇතිවී තිබෙන තුවාල සහ මුඛයේ ඇතිවී තිබෙන තුවාල සුවකරගැනීමට ලෙමන් යුෂ සහ ජලය කලවම් කරගෙන කට හෝදන්න. සෙම්ගෙඩි ඉදිමීම කියන තත්වය සුවකරගැනීමට අවශ්‍ය නම් ලෙමන් යුෂ වලට ලූණු ස්වල්පයක් එකතු කොට උගුරු හෝදන්න.

5. බර අඩුකරගැනීමට

වතුර වීදුරුවකට ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක්, ලෙමන් යුෂ මේස හැඳි 2ක් සහ මීපැණි මේස හැඳි 1ක් එකතුකොට හොඳින් කලවම් කරගෙන දිනපතා පානය කරන්න.

6. ඔක්කාරය

ඔක්කාරය සමනය කරගැනීමට, වතුර වීදුරුවකට ගම්මිරිස් කුඩු ස්වල්පයක් සහ ලෙමන් යුෂ එකතු කොට සෙමින් පානය කරන්න.

7. ඇදුම සමනය කරගැනීමට

ඇදුම තත්වය තරමක් අවම කරගැනීම සඳහාද ගම්මිරිස් කුඩු භාවිතා කරන්නට පුළුවන්. ගම්මිරිස් ඇට 10ක්, සුදුළුනු බික් දෙකක් සහ බැසිල් කොළ කිහිපයක් (ඒ වෙනුවට කහ කුඩු ස්වල්පයක් භාවිතා කරන්න පුළුවන්) වතුර එකකට එකතු කොට රත්කරගන්න. පසුව එය හොඳින් පෙරාගෙන මිශ‍්‍රණය සිසිල් වූ පසුව මීපැණි හැඳි දෙකක්ද එකතුකොට පානය කරන්න.

8. දත් කැක්කුම

කරාබු නැටි තෙල් සමඟ ගම්මිරිස් කුඩු ස්වල්පයක් මිශ‍්‍ර කරගෙන ආසාදිත ස්ථානයේ තැවරීමේන් දත් කැක්කුම සඳහා ක්ෂණික සහනය සලසා ගන්නට පුළුවන්.

9. ඔබ පානය කරන තේ කෝප්පයට ලෙමන් යුෂ ස්වල්පයක් එකතුකොට පානය කිරීමෙන්, උණ ගතිය අවම කරගන්න, සෙම්ප‍්‍රතිශ්‍යාවට එරෙහිව සටන් කරන්න, ඔක්කාරය සමනය කරගන්න සහ සීතල ගතිය අවම කරගන්නට පුළුවන්. නාස් පුඩුව මත ලෙමන් යුෂ තවරන ලද පුළුන් කැබැල්ලක් තබාගෙන සිටිනවානම් නාසයෙන් රුධිරය වහනය වීම නතර කරගැනීමටද හැකියාව තිබෙනවා.

(උපුටා ගැනීමකි..) Countdown Timer

Countdown Timer

45 seconds remaining

Comments

Popular posts from this blog

ගෙදර ඉන්න හූනන් පළවාහරින්න එපා... හූනාට ඔබේ නිවසේ රැඳී සිටීමට ඉඩ දෙන්න…

කාන්තාවන්ට විශේෂයි.. ඔබත් මේ පිළිකාවේ ගොදුරක් විය හැකියි..

ගෙදර සින්ක් එක හිරවුණාම සුද්ධ කරන්න පහසු, වේගවත්ම ලාබම ක්‍රමේ මෙන්න