රම්පා කියන්නේ පිළිකා කාරකයක්ද?




ඈත අතීතයේ පටන්ම ආහාර රස කරන ස්වභාවික රසකාරකයක් වුණු රම්පෙ පිළිකා කාරකයක් කියලා බටහිර වෛද්‍යවරුන් අද පවසන්නේ ඇයි..

ඉස්සෙල්ලම අපි බලමු රම්පේ වල ගුණ මොනවද කියලා.

*රසකාරකයකි

*සුවඳ කාරකයකි

*විෂ වර්ග අවශෝෂකයකි.

දැන් අපි බලමු එහෙම වෙන්නේ කොහොමද කියලා.ඔබ දැක ඇති රම්පා බොහෝ විට වවා තිබෙන්නේ නාන ස්ථානයේ වතුර ගලා බසින තැනයි..රම්පේ ශාකය හොඳින් වැවෙන්නේ ජලය ආශ්‍රිතව නිසයි එහෙම හිටවලා තියෙන්නේ...

අතීතයේදී නාන වතුරෙන් හැදුනු රම්පා පරිභෝජනය කලා කියලා ප්‍රශ්න මතුවුණේ නැහැ .මොකද ඒ කාලේ අද තරම් රසායනික ද්‍රව්‍ය පාවිච්චි කළේ නැහැ.

නමුත් වර්තමානය වන විට එය ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

ඒකට හේතුව නාන වතුරේ අධික විෂ සහිත සංයෝග අඩංගු වීමයි.

*පාවිච්චි කරන විවිධ රෙදි සෝදන කුඩු වර්ග වලින්

*අපි පාවිච්චි කරන විවිධ ෂැම්පු වර්ග වලින්

*සුදු කෙස් කලු කිරීම සඳහා අපි පාවිච්චි කරන නොයෙකුත් ඩයි වර්ගවලින්

*සබන් වර්ග face wash නිය ආලේපන වලින්

*පිරිසුදු කිරීමට පාවිච්චි කරන පිරිසුදු කාරක

*සුරතල් සතුන් සඳහා අපි පාවිච්චි කරන නොයෙකුත් රසායන ද්‍රව්‍ය වලින්..

අපි හිතුවෙ නැති වුණාට නාන ස්ථානයේවතුර වල ඉහත සඳහන් රසායනික සංයෝග අන්තර්ගත වෙනවා..

මේවා ගොඩක් පිළිකා පිළිකාකාරක...

ඇතැම් ඒවායේ මිනිසාට උග්‍ර විෂ සහිත බැරලෝහ ද තියෙන්න පුළුවන්.

ඇයි රම්ප වලට විතරක් මේක විශේෂ වන්නේ ඔබට එහෙම හිතෙන්න පුළුවන්.

රම්පේ ශාකයේ මුල් වලට තියෙනවා ඒ ශාකයට ආවේණික විෂ උරා ගැනීමේ අපූරු හැකියාවක්..

ඒකයි රම්පෙ පිළිකාකාරක කියලා කියන්නේ..

ඔබ තේරුම් ගන්න රම්පේ පිළිකා කාරකයක් වන්නේ එය වවන ස්ථානය අනුව පමණයි...

නැත්නම් එය ඉතාම හොඳ රසකාරකයක්.

ඉතින් ඔබට පුළුවන් පිරිසුදු තැනක රම්පෙ ගහක් හිටවලා වතුර ටිකක් දාලා රම්ප පඳුර හදාගෙන ආහාරයට ගන්න එතකොට කිසිම අගුණයක් නෑ..

නැවතත් කියන්නේ ඔබ හොඳට තේරුම් ගන්න රම්පා ගහ තිබෙන තැන අනුවයි එය පිළිකා කාරකයක් වන්නේ නැත්නම් රම්පා ශරීරයට කිසිම අහිතකර තත්ත්වයක් ගෙන එන්නේ නෑ..


කොහිල නෙළුම් අල වැනි දේටත් මෙය අදාළ වෙනවා..

ඔබ දැක ඇති මාලු ටැංකිවලට උඩින් රම්පා ගසක් සිටවනවා මුල් ටික වතුරට ගෑවෙන විදියට එහෙම කරන්නෙත් ඒ මුල් වල තියෙන විෂ උරා ගැනීමේ ශක්තිය නිසයි..

ඔබට කරන්න තියෙන්නේ කඩෙන් රම්පා ගේන්නෙ නැතුව තමන් නිවසේ රම්ප පඳුරක් සිටුවා ගැනීමයි ..අපි දන්නේ නැහැනේ ඒවා හිටවලා තිබුණේකොහෙද කියලා ..

උපුටාගැනීමක්
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ගෙදර ඉන්න හූනන් පළවාහරින්න එපා... හූනාට ඔබේ නිවසේ රැඳී සිටීමට ඉඩ දෙන්න…

කාන්තාවන්ට විශේෂයි.. ඔබත් මේ පිළිකාවේ ගොදුරක් විය හැකියි..

ගෙදර සින්ක් එක හිරවුණාම සුද්ධ කරන්න පහසු, වේගවත්ම ලාබම ක්‍රමේ මෙන්න